අතරමැදියන්ගෙන් තොරව තම නිෂ්පාදන කෙළින්ම පාරිභෝගිකයාට අලෙවි කිරීම සඳහා ගොවීන්ටද ආර්ථික මධ්‍යස්ථානවල කඩ කාමර ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවීමක් සිදුව ඇති අතර එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
වන රක්ෂිත කලාප විනාශ කරන පුද්ගලයන් සහ වන සතුන් දඩයම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්ක කිරීම සඳහා දිගු දුර විහිදුම් බළකායක් ස්ථාපිත කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
කෘෂි ඇමැති, මෝල් හිමියන් මට්ටු කරන්න වී වැඩියෙන් මිළදී ගනී
මෝල් හිමියන්ගේ හිතුවක්කාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් ගොවියාගෙන් මෙම කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් මිලට ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
ආන්දෝලනාත්මක මහ බංකු බැඳුම්කර වංචා නඩු විභාගය සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (Trial at bar) පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ගුවන් යානා 12ක් ගන්න යහපාලන ආණ්ඩුව ඇ.ඩොලර් හාරකෝටියක් වැය කරලා
යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු ඩොලර් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් පන්සිය අනූඑකක් වැය කරමින් ගුවන් යානා 12ක් මිලට ගෙන ඇති බවත් භාවිතා කළ නොහැකි පැරැණි ගුවන් යානාවක් ඒ අතර වූ බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.
මරණ දඬුවම පිළිබදව මෛත්‍රීගේ තීරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දීර්ඝ කෙරේ
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන සැප්. 06 දා සලකා බැලීමට ඊයේ තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට පෙත්සම්වල කරුණු තහවුරු කරන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ගැන මහා සංඝරත්නයේ අදහස් විමසයි
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.