අද(17) සිට ලබන 20 වන දින දක්වා විදේශ ඇමති මංගල සමරවීර මහතා ජපානයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ (17)පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

ඉන්දියාව හා ලංකාව අතර බස් දුම්රිය සේවාවක් ඇති කිරීමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව ඉන්දීය මධ්‍යම රජයේ මහාමාර්ග අමාත්‍ය නිට්ටික් කට්කාරි මහතා පවසා ඇත.

ටෝනි රණසිංහ නම් වූ ප්‍රතිභාන්විත රංගධරයා, කලාකරුවා, අපූර්ව මිනිසා ජීවිතය අත්හරින්නේ අත්හළ නොහැකි සදාතනික මතක සැමරුම් සම්භාරයක් උපන් බිමට තිළිණ කරමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය තීරණය කර තිබේ.

රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා යළි ජූනි 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.

නව මැතිවරණ ක්‍රමය සම්මත කර දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකරනවා නම් එය සම්මත කිරීම සඳහා පමණක් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 20 ක්‌ සොයාගෙන ඇත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us