පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද විවෘත කෙරුණා.

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් එය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් පවසයි.

ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද ඖෂධ භාවිත කරන රෝගීහු දැඩි අසීරුවකට පත්ව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරයි.

සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට ප්‍රමුඛතාව ලබාදී එන්නත්කරණය ඉදිරියේදි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඊට අදාළ චක්‍රලේඛ සකස් කරමින් තිබෙන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා .

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවේදනය කර තිබෙනවා.

ගිනිගත් නැවෙන් ධීවරයන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම නැව් සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කර සිටියා.

ld add copy

Connet With Us