මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නෙරන්ජන් වික්‍රමසිංහ මහතා අභාවප්ප්‍රාප්ත වී ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (11) අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ඉදිරි වර්ෂ දෙකේදී ලංකාවේ අංග සම්පූර්ණ හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සදහා අද(11) අරලිය ගහ මන්දිරයේ පැවති රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ උත්සවය අමතමිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ස්වයං නිර්ණ අයිතිය මත පදනම්වූ දේශපාලන විසඳුමක් දමිළ ජනතාව වෙත ලබාදෙනු ලබා දෙනු ඇති බවට විශ්වාසයක් ඇතැයි දෙමළ සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්දන් පවසයි. ඔහු මේ අදහස් ප්‍රකාශ කරේ පසුගිය සෙනසුරාදා(09) මඩකලපුවේ කෝවිලක පැවති උත්සවයකදීයි.

පසුගිය යුද සමයේ ලංකාව හැරදමා ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු ලබන 13 වැනිදා යළි ශ්‍රී ලංකාවට ගෙනඑන බව නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2012 වසරේදී ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

දළදා මාලිගාවේ අරමුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රී පාල සිරිසේන යහපාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කණගාටුවකට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැළසුම් වලදී මෙරට වනාන්තර 39ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩ කඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන විට ක්‍රියාවට නංවමින් සිටී.

worky

worky1

ld add copy

Latest News

Connet With Us