2022 වසර සදහා වන පාසල් නිල ඇදුම් රෙදි මෙම වර්ෂය අවසන් පාසල් වාරය නිමවීමට පෙර සිසුන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

විද්‍යාත්මක දත්ත මත පදනම්ව කුකුළු මස් මිල තීරණය කිරීම සඳහා පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බව එම අමාත්‍යාංශය සදහන් කර ඇත.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) දෙවසරක් පිරේ. ඒ ප්‍රහාරයෙන් මියගියවුන් සහ වින්දිතයින් සිහිකර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන 8.45ට මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් එම පක්ෂ කාර්යාලයකදී පවත්වනු ලැබීය.

 ම්ලේච්ඡ පාස්කු ඉරුදින ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී වසර දෙකක් සපිරෙන අද දිනයේ (21) අගමැති මහින්ද රාජපක්ෂ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත්කිරීම  අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අත් අඩගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රජයේ දේපල අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙරට තුළ කොරෝනා අසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ld add copy

Connet With Us