හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නැවතත් මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද(11)නියෝග කළේය.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කැඳවීමක් අනුව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.

භූමි කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට සහන රැගෙන තවත් ගුවන් යානයක් අද (11) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත් වූ 04 වැනි ගුවන් යානය මෙය වේ.

අතුරුදන් කිරීම් පිළිබඳ සෙවීමට ජගත් කණ්ඩායමක් පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා දින සිට 12 වන දින දක්වා මෙරට සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ.

නගර අලංකරණයට පෙර වඩා වැදගත් වන්නේ මිනිසුන්ට පහසුවෙන් ජීවත් විය හැකි හිතකර පරිසරයක් ගොඩ නැගීම බව ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානයේ උපාධි අධ්‍යන පාඨමාලාවක් සඳහා තෝරා ගැනුණු නදීෂා චන්ද්‍රසේන පවසයි.

මෝටර් රථ, නිවාස හා ඉඩම් අලෙවි කිරීමේදී ඒවායේ මිල සටහන් කිරීම අනිවාර්ය කර තිබේ.

ජාතික කොඩිය සම්බන්ධ රීති සංග්‍රහය නීතිගත කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩියේ ප්‍රමිතිය ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී ඇත.

මෙරට ක්‍රීඩාවේ උත්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම පිණිස මැදිහත්වන ලෙස ඉල්ලා ක්‍රීඩා සංගම් 14 ක බලධාරින් විසින් අත්සන් කළ ලිපියක්‌ ඉකුත් සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

worky

worky1

ld add copy

Latest News

Connet With Us