73වන නිදහස වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්
73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8266 දෙනෙකුට උසස්වීම් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ලබාදීම තීරණයකර තිබේනවා .
ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවා ඇති අතර "ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව" විසින් නව මෙහෙයුම් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ද විවිධ පාර්ශ්ව විරෝධය දක්වා තිබේ.
පාස්කු සහ දේශපාලන පලිගැනීම් වාර්තා සම්බන්ධයෙන් ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ හා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවත්වීමට ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට ගෙවිය යුතුව ඇති ඉතිරි තැන්පතු මුදලින් 50%ක් ගෙවීමේ කටයුතු අද (3 වැනිදා) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා ආසාදනය වී තිබිම හේතුවෙන් ඒ මහතා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වෙනවා. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූවේ ඔහුය.
ටයිල් සහ සෙරමික් නිෂ්පාදනයන්ට පනවා තිබු ආනයන තහනම ඉවතට
ටයිල් සහ සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පනවා තිබු ආනයන තහනම ඉවත් කරමින් මුදල් අමත්‍යංශය නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේනවා.
මෙරටට පැමිණි රැකියා නොමැති ශ්‍රමිකයන් සදහා දීමනාවක් සහ පොළී රහිත ණයක්
විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් සහ මෙරට තුළ ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ද තවත් රුපියල් 50,000ක පොළී රහිත ණයක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කර, ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සදහන් කර තිබේ.

