පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය ඔස්සේ අන්තවාදී දේශනවලට එක්වූ තවත් අසූවකට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේනවා.

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කර තිබේ.

කොරොනා වෛරසය සිංහල අලුත් අවුරුදු ලැබීමට පෙර යම් පාලිත තත්වයක යටතේ තිබුණු බවක් පෙනෙන්නට තිබුණද මේ වනවිට රට පුරා යළි සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ.

බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව සති දෙකකට අත්හිටුවා තිබේනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති වලට සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

 මෙම වසරේ (2021) පළමු කාර්තුවේ ශ්‍රී ලංකා තේ අපනයන ආදායම සියයට 33.29 කින් (රුපියල් බිලියන 16.39 කින්) රුපියල් බිලියන 65.62 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් සහ වෝකර් (Forbes and Walker) තේ තැරැව්කරුවන් අප්‍රේල් 21 දින ප්‍රකාශ කළහ.

ld add copy

Latest News

Connet With Us