ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

 ඊයේ ඩී ඒ රාජපක්ෂ සොහොන් නඩුවෙන් පැන යැමට ගත් උත්සාහය වැරදී ගියද අද දින ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගැලවී යාමට පොටක් පාදා ගැනීමට නන්දසේන ගෝඨාභයට හැකිව තිබේ. නන්දසේන මේ සෑම විටම අවධාරණය කර කියන්න තනන්නේ තමන් පුහුල හොරකම් කළාට කරේ අළු තිබීමෙන් පමණක් තමන් හොරකමක් කළ බව ඔප්පු කළ නොහැකි බවය.

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නන්දසේන ගෝඨාභයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනාවෙන් ගැලවීම සඳහා නන්දසේන ගෝඨාබය දිගින් දිගටම අධිකරණය මඟ හරීමට ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථකව තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරමින් වර්ථමාන 2019 වර්ෂයට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද රාත්‍රී 9.30ට ආරම්භවූ තීරණාත්මක සාකච්ජාව සාර්ථකව නිමාවී ඇති අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ.

ඇමැති රවී කරුණානයකට එල්ල වූ විනිමය වංචා චෝදනාවේ විදේශ මැදිහත්කරුවා වන රාජ් රාජරත්නම්ට එල්ලවී තිබූ චෝදනාවට දඬුවම් ලෙස ගෙවු සිරගත ජීවිතය අවසන් කර තිබේ.

ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.

මහරගම ප්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) හරහා ඉදිකර තිබූ උපාලි කොඩිකාර,කාන්ති කොඩිකාර සහ මහින්ද රාජපක්ෂ,( නන්දසේන ගේ රුව පෙනෙන්න නැත) සහිත දැවැන්ත ප්‍රචාරක පුවරුවක් කඩා වැටි තිබේ.

ld add copy

Connet With Us