ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් පිට පළාත් පාසල් වැසී යාම වැළැක්විය නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කර තිබේ.

එසේම දැනට ලබා දී ඇති කඩඉම් ලකුණු අඩු කළහොත් ජනප්‍රිය පාසල්වල හය ශ්‍රේණියේ පන්ති වැඩි කර අමතර සිසුන් සඳහා ඉඩ ලබා ගැනීමට සිදු වන බවත් මෙම වසරෙන් පසුවත් එම පන්ති අඛණ්ඩව පවත්තවාගෙන යාමට සිදු වන බවත් ඔහු සඳහන් කර තිබේ.

ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ ජනප්‍රිය පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමට සාපේක්ෂව පිට පළාත් පාසල්වලට සිසුන් අඩු වීම සාමාන්‍ය තත්ත්වයක් යැයි ද කඩඉම් ලකුණු අඩු කිරීමට පෙර අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

මෙම කඩඉම් ප්‍රශ්නය වෙනුවෙන් දෙමවුපියන් දිගින් දිගටම විරෝධතා පැවැත්වීම හේතුවෙන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම මාසයකින් අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර කඩඉම් ලකුණු පහළ දැමිය හැකි ද නොහැකි ද යන්න පිළිබඳව ඉදිරියේ දී ප්‍රකාශයක් කරන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කර ඇත.

-පංචාලි අබේසේකර

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබේන බව වාර්තා වෙනවා. මේ වනවිටත් ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක කටයුතු කරමින් සිටි.

පෞද්ගලික අංශයේ සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හත් දෙනෙකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම සඳහා මාර්තු මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

මියන්මාරය එරට හමුදා පාලනය යටතට ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයට යළි සම්බාධක පනවන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

රාගම රෝහලේ සේවය කරමින් සිටි 32 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වේනවා.

එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා වී මිලදී ගැනීමට සහ සහල් අලෙවි කිරීම සඳහා නිශ්චිත මිලක් නියම කිරීමට ජීවන වියදම් පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත.

ඌන භාවිතයේ පවතින අක්කර 2,750 ක් බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

ld add copy

Connet With Us