විදෙස්ගතව ශ්‍රමිකයන් තවත් හැටහයදහසක් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ අද (13 වැනිදා) සිට සෑම දිනකම ශ්‍රමිකයන් තුන්සිය (300) බැගින් ගුවන් යාන වලින් ගෙන්වීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජනබලවේගය අද (13 වැනිදා) දිනයේ කථානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරු ඇතුළු සුළු සේවාවන්හි නිරත සියලු උපාධිධාරීන්ට ආණ්ඩුවේ උපාධිධාරී රැකියා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාව නිෂ්පාදනය කරන ලද ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගෙනඒම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටින් වාර්තා නොවූ ,කොවිඩ් නව ප්‍රභේද ආසාදිත යැයි සැක සහිත රෝගියෙකු පළමු වරට මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ. මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙක් වන අතර නිශ්චිතවම නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඔහු සදහන් කරන්නේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

-පංචාලි අබේසේකර

කථානායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද(12) පස්වරු 2.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද තීරණය කිරීම සදහා මෙය පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

දුෂ්කර පළාත්හි තෝරා ගත් හින්දු කෝවිල් 100ක් සඳහා එළඹෙන තෛයිපොංගල් දිනය සැමරීම හා පූජා කටයුතු සඳහා රුපියල් 10,000ක් වටිනා චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයන් ඊයේ (12) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, විරෝධතාවය අතරතුර ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කිරීම හේතුවෙන් හිමියන් අත්අඩංගුවට ගත් බවය.


-News 1st

ld add copy

Connet With Us