ඊයේ (30) සවස අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින්ගේ ‍රැස්වීමේදී එළඹෙන සැප්තැම්බර් 6 වෙනි දින තමන්ගේ තීරණය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම් දෙන බව අගමැතිවරයා පක්ෂ ප්‍රධානින්ට පොරොන්දු වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනපති පවසයි.

ඇමැති මංගල සමරවීරගේ මුදල් අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගනනාවක් සහ ඇමැති කබීර් හශීම්ගේ අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගන්නාවාක් ඉවත් කර ඒවා ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ලගේ අමාත්‍යංශයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද උදැසන දන්වා ඇතැයි දැන ගැනිමට තිබේ.

හම්බන්තොට,මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් 33.9 ක රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය නියම කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක පසුගියදා සිදු කළ සාකච්ඡාවේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට මාධ්‍ය වර්තා පළවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීම වහාම සිදු විය යුතු බවට සෘජුවම ප්‍රකාශ කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලියවිල්ලකට අත්සන් තැබීමේ කටයුත්ත ඊයේ රාත්‍රියේදී සිදු විය.

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් කෙසේ හෝ නන්දසේන ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වන ප්‍රකාශයක් නිකුත් කරවා ගැනීම වෙනුවෙන් මේ දිනවල විශාල බර පැනක් දරමින් මෙහෙයුමක් දියත් වෙමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල තානාපති නිළධාරීන් දොලොස් දෙනෙකු හමුවීමට නියමිතය .ඇමැති රවී කරුණානායකගේ නිවසේ තානපති නිලධාරීන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබෙන අතර එහිදී එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ මතය දැනුම් දෙනු ඇතැයි පැවසේ.

ld add copy

Latest News

Connet With Us