ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

සතොස ආයතනය මඟින් අලෙවි කරන සෑම මුහුණු ආවරණයකින්ම ලැබෙන ආදායමෙන් රුපියලක මුදලක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

කැළිකසළ ගැටලුවට තිත තැබීමේ අරමුණින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියක් යටතේ රුපියල් කෝටියක් දක්වා ණය මුදල් ලබා ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 11ක් මේ මොහොතේ සිට හුදෙකලා(Lockdown) කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.

ld add copy

Connet With Us