උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට සහන පොලී අනුපාත මත සහන ණය ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

උත්සව සමයේ රට වසනවායැයි පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ සේවා ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා පැවසනවා.

සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හදුන්වා දුන් වෛරස් ප්‍රභේදය කඩිනමින් ගොවි ජනතාව අතට පත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක උතුරු මැද පළාත් කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා තිබෙනවා.

පොලිසිය විසින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියැදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

මෙරට කලාපීය වැවිලි සමාගම් (RPCs) කම්කරු අමාත්‍ය හා වෘත්තීය සමිති නායකයින් සමඟ මෑතකදී සිදු කළ සාකච්ඡා වලින් අනතුරුව වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් සාම්ප‍්‍රදායෙන් බැහැර වූ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව economynbusinesssl වෙබ අඩවිය සඳහන් කරයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ්ව ශ‍්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (23දා) සැලකිය යුතු පිරිහීමකට ලක්වෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 193 ද පසුකරගෙන ගියේය.

මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව පනත් කෙටුම්පත ලබන වසරේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

ld add copy

Connet With Us