ජනතා විරෝධය මත නවතා තිබූ රිදීගම ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය විසින් 2017.05.17 වන දින DIVRI/LAD/5/1/Sanso/2-59 ලිපිය පදනම් කරගනිමින් ගොම්මුන්නාව කඳු පන්තිය වැනසීම යළි අරඹා ඇත.

රුපියල් කෝටි ගනනක  බරපතල මුල්‍ය වංචාවක් සිදුකළ කඩුවෙල ප්‍රදේශයේ වාහන ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ අතර තුරදී නවගමුවේ ප්‍රසිද්ධ විහාරාධිපතිවහන්සේ නමක් ද ඔහුට රුපියල් කෝටි දහයාමාරක පමණ මුදල් පොලියට දී ඇති බව හෙළිව තිබේ. මේ අතර එම විහාරස්ථානය ඇසුරෙම පවතින ප්‍රසිද්ධ දේවාලයක කපු මහතකුද මෙම පුද්ගලයාට රුපියල් කෝටි 4 ක මුදලක් පොලියට ලබා දීම සිදු කොට ඇත. වැඩි තන්හාවට ගොස් පිංකැට වලට එකතුවන මුදල් පොලියට දුන්නද ඒ මුදල තබා පොලී මුදලවත් මොවුන්ට ආපසු ලැබී නැත. පොලියට ගත් ව්‍යාපාරිකයා හෝ ඒ පවුලෙ කිසිවකුත් දැන් මේ රටේවත් නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂයේ මිනීමරු කපු‍ටු නඩයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. එමඟින් දොස්තර වර්ජනය නැවැත්තුවේලු..

ශ්‍රීලංකා රුපවාහිනි සංස්ථාවේ ප්‍රධානතම පරිපාලන නිලධාරියා ලෙස සැලකෙන අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කටයුතු කරන නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා රූපවාහිනී සංස්ථාවට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ කාර්යාල මේසය මත කඳු ගැසී තිබෙන ලිපිගොනු නාය ගොස රූපවාහිනිය විනාශයට පත්වනු ඇතැයි එහි සේවකයන් පෙන්වා දෙයි.

ලේක් හවුස් ආය්තනයේ සභාපති ඇමැති සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන්තිස්ස රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබුණද ඔහු ඉන් ඉවත් නොවෙන්නට තීරණය කර ඇති බව දැන ගැනීමට තිබේ. ජනමාධය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වීමෙන් අනතුරුව රජයේ මාධ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව එම ඉල්ලා අස්වීම් සිදුව තිබිණි.නමුත් රත්නායක මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රිලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් අද දින නිකුත් වී ඇති නිවේදනයෙන් කියවෙන්නේ පසුගියදා සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලු වී සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වැලැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා පොලීසිය විසින් සිදු කළ මෙහෙයුම ' ශ්‍රී ලංකා සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලැබූ ම්ලේච්ඡතම ප්‍රහාරය ' බවය.

මිනිස්සු අරගල කිරීම කැරලි ගැසීම සාමාන්‍ය දෙයකි. ඒ මිනිස් ඉතිහාසය පුරා සිදුවු දෙයකි. ඒ හෙට දවසේදීත් සිදුවනු ඇත. ඒ තමන්ට ලැබිය යුතු දෙයක් තිබෙනවාය, ඒ ලබා ගැනීමට අයිතියක් තිබෙනවාය කියන සිතුවිල්ලෙනි. මේ සිතුවිල්ල හරි හෝ වේවා වැරදි හෝ වේවා අරගලයකින් තොරව කිසිවක් දිනා ගත නොහැකි බව සදාතනික සත්‍යයකි. එහෙත් ඒ අනුව අරගලය හෝ කැරළිගැසීම උත්කර්ෂයට නැඟීම කළ නොහැක. මේ දිනවල සයිටම් ප්‍රශ්නය අල්ලා කෙරෙන ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාවලිය ගැන කතා කළ යූතු වන්නෙ ඒ කෙතරම් දුරට සාධාරණද යන්න ගැන සිහි බුද්ධියෙන් යුතුව කල්පනා කරය.

(Don Supzගේ ෆේස්බුක් සටහනකි.)


රායිට්... උමා ඔය ජාතකය දිගහරින්න කියලා ඉල්ලීම් ආපු නිසා නැවත ඇක්ටිවේට් කරලා සරල සිංහලෙන් දානවා.. සවන් ඇත්තො සවන් දෙත්වා...

ld add copy

Connet With Us