O/L විශිෂ්ඨව සමත් අඩු අදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ඇරඹු “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව අරමුදල

Published in පුවත්
Wednesday, 17 March 2021 11:02

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ඡන්ම දිනය නිමිති කොටගෙන දැයේ දූ පුතුන්ගේ අධ්‍යාපනය සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීමේ අරමුණින් “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ස්ථාපිත කිරීමේ මහෝත්සවය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, පහ වසර ශිෂ්‍යත්වය සමත් දූදරුවන්ට හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා රජයෙන් ශිෂ්‍යාධාර මුදලක් ලබා දුන් නමුත් දැනට උසස්පෙළ හදාරන සිසු දරුවන් වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දී නොමැති බැවින් ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය උසස් අධ්‍යාපනය සිසුන් සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවයි.

එබැවින් සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යාධාර ලබා දීම ඉලක්ක කරගෙන ප්‍රඥාබන්‍දු ශිෂ්‍යත්ව අරමුදල නිර්මාණය වන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ය.

ශ්‍රී ලංකාව තුළ පවත්නා විරැකියාවට විසඳුමක් වශයෙන් ආරම්භ කරන ලද උසස්පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරන සිසු දරුවන් වෙනුවෙන් මෙම “ප්‍රඥාබන්‍දු” ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මෙසේ ස්ථාපිත කරන ලද බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ප්‍රඥාබන්‍දු ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කිරීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් මිලියන 10ක මුදලක් යොදවා ඇති අතර එතුමාගේ ජන්ම දිනයට (16) සමගාමීව මෙම ශිෂ්‍යත්ව අරමුදල සමාරම්භ කිරීම ද විශේෂත්වයකි.

පෞද්ගලිකව ඕනෑ ම අයෙකුට දායක විය හැකි මෙම ශිෂ්‍යත්ව අරමුදලට සමාරම්භක අවස්ථාවේ දීම පෞද්ගලික ආයතන සහ දානපතීන් රුපියල් ලක්ෂ 150ක මුදලක් පරිත්‍යාග තිබේ. මෙම අරමුදලේ සමාරම්භය‍ට වැඩම කළ මහා සංඝරත්න‍‍යේ නොමද ආශිර්වාදය ද ඊට හිමි විය.

-පංචාලි අබේසේකර

b1b3b4b5

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us