විද්‍යා හා තාක්ෂණ අමාත්‍යයාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (නර්ඩ්) ඉංජිනේරුවන්ගේ පර්යේෂණ දැනුමෙන් පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන පැරණි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය වන වාහන (EV) බවට පරිවර්තනයට මුලපිරීම පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ වනවිට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

රන් මිළ අහස උසට නගී

Published in පුවත්
Tuesday, 25 November 2025 10:29

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

වර්තමානයේ මෙරට ජනතාවගෙන් සියයට දහයකට (10%) ආසන්න පිරිසකට වකුගඩු රෝගය වැළඳී ඇති බවත් එසේම වැඩිහිටියන්ගෙන් සියයට පහළොවක් (15%) පමණ වකුගඩු රෝගය වැළඳී ඇති අය සිටිය හැකි බවත් මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා පැවැසුවාය.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us