එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයක්‌ සඳහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නම්කර ඇතත් ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලබාදීමේ ක්‍රියාවලිය ගැන තමන් බලවත් සේ කළකිරීමටත් සිත් තැවුලටත් පත්ව සිටින බව ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (08) රාත්‍රියේ දැනුම් දී තිබේ.

ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා සකස් කිරීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගනු ලබන තීරණය කෙරෙහි ඔහුට ඡන්දය දුන් සියලූ දෙනා ඉතා ඕනෑකමින් බලා සිටින බව මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් පැවසුවේය.

හයාත් හෝටල් ව්‍යාපෘතිය යටතේ ඉකුත් ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන තවත් මූල්‍ය අක‍්‍රමිකතාවක් පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම්වේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා 'මව්බිම' පුවත් ආයතනයේ හිමිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රබල දේශපාලනඥයකු පෙරේදා (07) රාත්‍රි නමගිය පාතාල කෙරුමන් කිහිප දෙනකු සමග ඔවුන්ගේ ගෝලබාලයන් රැසක්‌ සිය නිවසට කැඳවා සුපිරි සාදයක්‌ පවත්වා තිබේ.

මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රබල දේශපාලනඥයන් පිරිසක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා නමගිය පාතාල කල්ලි පහක සහාය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.බස්‌නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්‌ඩත්වය වපුරුවා මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම මොවුන්ගේ අරමුණවී ඇතැයි නවරත්න මහතා පැවැසීය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ අද (9 ) සිට ලබන මස 8 වැනිදා දක්‌වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කිරීමට නියමිතය.

ld add copy

Connet With Us