ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මීට සුළු මොහොතකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරෙම 12 වන දින පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේදී සිදු කරන බව අද්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මීට පෙර මෙය යෝදා ගෙන තිබුනේ 14 වන දින විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සිදු කිරීමට නමුත් නාමයෝජනා බාර දීමට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට තීරණය ගෙන තිබේ.

ලබන බදාදා සිට ගෘහස්ත ගැස් සිලින්ඩරයක මිළ රුපියල් 100 කින් අඩු කිරීමට තමාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලැබුණු බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

මැතිවරණ රැලි

Published in පුවත්
Saturday, 11 July 2015 10:10
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භක රැලිය ලබන 14 වැනිදා මහනුවර පොදු වෙළෙඳ පොළ භූමියේදී පැවැත්වේ. පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු මේ මංගල රැලියට සහභාගි වෙති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමට විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ විස්‌සක්‌ පමණ මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගිය ජනවාරි 08 වන දින මෙරට ජනතා ව යහපාලනය ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් තැබූ ඓතිහාසික පියවර පාවා නොදී ද්‍රොහීන් පරාජය කරන බව රාජිත සෙනාරත්න මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හිමි නොවූ දුමින්ද සිල්වා සහ සජින් වාස් ගුණවර්ධන ස්වාධීනව මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රීලනිපයේ මෙතෙක් නාමයෝජනා සඳහා අත්සන් නොතැබූ ප්‍රබලයන්,ජාතික හෙළ උරුමයේ සංශෝධිත නම වූ එක්සත් යහපාලන ජාතික පෙරමුණ, මෙන්ම වාමාංශික නැඹුරුවකින් යුතු පක්ෂ ඒකාබද්ධව "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" යනුවෙන් "අලියා" ලකුණින් මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට යන බව වාර්තා වේ.

ld add copy

Connet With Us