ඇවන්ගාඩ් අල්ලස් සිද්ධිය : චුදිතයන්ට ඇපදීම නිවැරදි බව මහාධිකරණය තීන්දු කරයි
රක්නා ආරක්ෂක ලංකා ආයතන්යේ හිටපු සභාපති හා ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත් අඩංගුවට ගත්තද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එදිනම ඇප ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුව අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරූ අතර එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පියසේන රණසිංහ මහතා පැවසූවේ මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දීමේ තීන්දුව නිවැරදි බවය. ඒ අනුව අල්ලස් කොමිසම එම ඇප අවලංගු කරන ලෙස කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කෙරිනි.
ජාතික රූපවාහිනී අධ්යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතුර පාවිච්චි කරමින් නළුකමට පිවිස ඇතැයි රූපවාහිනි සේවකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන පරිදි ඔහු 'රඟන' අවස්තාවන් සහිත රූපරාමු ඇතුලත් වීඩියෝ පට මුදා හැරීම වෙනුවෙන් මැලැව්වෙතන්ත්‍රී මහතා ජනපතිවරයා සමඟ පවතින සමිප සම්බන්ධතාවය බලයක් ලෙස පාවිච්චි කර වීඩියෝ සංරක්ෂණ අංශයේ සේවකයන්ට සිදු කළ අයතා බලපෑම සම්බන්ධයෙන් සේවක විරෝධයක් මේ වන විටත් ඇතිව තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී මල්වතු -අස්ගිරි පාර්ශ්වයන් හී ඉහළම ධුරවල පසුවන ස්වාමීන් වහන්සේලා වෙත රජයේ ප්‍රබලම ඇමැතිවරයෙක් අධි සුඛෝපභෝගී මෝටර් රථ පූජාවක් කරනු ලැබු බව වාර්ථා විය. ඒ පුවත සනාත කරවමින් එම වාහනවල අංක සහ වටිනාකම් අප වෙත ලැබී තිබේ. ඒ පහත දැක්වේ..
රිදීගම, ගොම්මුන්නාව කඳුපන්තිය සුද්ද කරන්න අවසරය දීලා.. දැදුරු ඔය මුළුමනින්ම හිඳෙන ලකුණු.
ජනතා විරෝධය මත නවතා තිබූ රිදීගම ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය විසින් 2017.05.17 වන දින DIVRI/LAD/5/1/Sanso/2-59 ලිපිය පදනම් කරගනිමින් ගොම්මුන්නාව කඳු පන්තිය වැනසීම යළි අරඹා ඇත.
නවගමුවේ විහාරාධිපති, පිංකැට සල්ලි කෝටි 10 ක් පොලියට දිලා..පොලියට ගත්තු එකා චුත වෙලා..
රුපියල් කෝටි ගනනක බරපතල මුල්‍ය වංචාවක් සිදුකළ කඩුවෙල ප්‍රදේශයේ වාහන ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ අතර තුරදී නවගමුවේ ප්‍රසිද්ධ විහාරාධිපතිවහන්සේ නමක් ද ඔහුට රුපියල් කෝටි දහයාමාරක පමණ මුදල් පොලියට දී ඇති බව හෙළිව තිබේ. මේ අතර එම විහාරස්ථානය ඇසුරෙම පවතින ප්‍රසිද්ධ දේවාලයක කපු මහතකුද මෙම පුද්ගලයාට රුපියල් කෝටි 4 ක මුදලක් පොලියට ලබා දීම සිදු කොට ඇත. වැඩි තන්හාවට ගොස් පිංකැට වලට එකතුවන මුදල් පොලියට දුන්නද ඒ මුදල තබා පොලී මුදලවත් මොවුන්ට ආපසු ලැබී නැත. පොලියට ගත් ව්‍යාපාරිකයා හෝ ඒ පවුලෙ කිසිවකුත් දැන් මේ රටේවත් නැත.
මෛත්‍රී, ඔයා කවුරු කියල හිතාගෙනද සයිටම් අහෝසි කරන්න තීන්දු ගන්නේ?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂයේ මිනීමරු කපුටු නඩයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. එමඟින් දොස්තර වර්ජනය නැවැත්තුවේලු..
රුපවාහිනිය නාය යන ලකුණු.. අධ්යක්ෂ ජනරාල් උසාවියේ පදිංචි වෙයි
ශ්‍රීලංකා රුපවාහිනි සංස්ථාවේ ප්‍රධානතම පරිපාලන නිලධාරියා ලෙස සැලකෙන අධ්යක්ෂ ජනරාල් වරයා ලෙස කටයුතු කරන නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා රූපවාහිනී සංස්ථාවට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ කාර්යාල මේසය මත කඳු ගැසී තිබෙන ලිපිගොනු නාය ගොස රූපවාහිනිය විනාශයට පත්වනු ඇතැයි එහි සේවකයන් පෙන්වා දෙයි.
ලේක් හවුස් ආය්තනයේ සභාපති ඇමැති සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන්තිස්ස රත්නායක ඇතුළු එම අධ්යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබුණද ඔහු ඉන් ඉවත් නොවෙන්නට තීරණය කර ඇති බව දැන ගැනීමට තිබේ. ජනමාධය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වීමෙන් අනතුරුව රජයේ මාධ්‍ය ආයතන වල අධ්යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව එම ඉල්ලා අස්වීම් සිදුව තිබිණි.නමුත් රත්නායක මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

