පක්ෂයේ අභිමානය සුරකින ශ්‍රීලනිප ජාතික සමුළුව හෙට..පක්ෂය පාවා දුන් තක්කඩියන් වියරු වැටේ Featured

Published in පුවත්
Monday, 04 November 2019 19:42

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය ත්‍රාඩ රාජපක්ෂලා වෙත පාවා දුන් ශ්‍රීලනිපයේ නායකත්වයට එරෙහිව ශ්‍රීලනීප සාමාජිකයන් එක් ‍රැස් වන ශ්‍රීලනීප ය සු‍රැකීමේ සමුලුව හෙට සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට නියමිතය.

 

ශ්‍රීලනීපයෙ ආනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර කුමාර වෙල්ගම ඇතුලු ශ්‍රිලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුද මේ අවස්තාවට සහභාගී වීමට නියමිතය.
එමෙන්ම දිස්ත්‍රික් සහ ආසන සංවිධායකගන් බහුතරයක්ද මේ සඳහා සහභාගී වන බව පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනීපයේ නායකයන් විසින් පක්ෂය පොදුජන පෙරමුණට පාවා දීම නිසා කලකිරීමට පත් පාක්ෂිකයන් රැසකගේ බල කිරීම මත චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රිලනීප ප්‍රබලයන් ගනනාවක් ශ්‍රීලනිපය සු‍රැකීම වෙනුවෙන් පෙරමුණ ගෙන තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විසින් හෙට පැවැත්වීමට නියමිත සමුළුව සඳහා සහභාගී නොවන ලෙසට සියලු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවා දුන් තක්කඩියන් පවසයි.

එම තක්කඩි පාර්ශ්වයේ මහලේකම් දයාසිරි ජයසේකර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය යැයි හඳුන්වා ගන්නා කණ්ඩායමක් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහය දීමේ සමුළුවක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us