ඊයේ (17) අලුයම තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී අනතුරට පත්වූ මෝටර් රථය ජනාධිපතිවරයාගේ පුතා වූ දහම් සිරිසේනට අයත් බවත් අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු එය පදවා ඇති බවට පළවූ පුවත සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පොලීසියට නියමකර ඇති බව මෛත්‍රීපාර්ශ්වයේ හිතවත්කම් ඇති වෙබ් අඩවි වාර්තා කරයි.

“කංසා වගා කිරීම පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපා රටවල ලොකු ඉල්ලුමක් තිබෙනවා. ස්නායු රෝග සදහා කංසා ඖෂධය උචිත බව වෛද්‍ය මතයයි. කංසා දුම ඉරීම, උචිත නොවූවත් ඖෂධ වශයෙන් භාවිත කිරීම උචිත බව ආයුර්වේදයේ සදහන් වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නිලතල වෙනස් කිරීම ලබන 31 වන දිනට පෙර සිදුවනු ඇති බව තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක අද දින මාධ්‍යෙව්දීන් හමුවේ පැවැසීය. මේ වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කමි‍ටුවක් පත් කර ඒ සම්බන්ධයෙන් යෝජනා සාකච්ඡාවට ගැනෙමින් පවතින බවත් එම කමි‍ටුව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කටයුතු කරමින් තිබෙන බවත් පවසයි.

බොදුබල සේනාවේ ඥනසාර නම් කහකඩධාරියා ජනාධිපතිගේ ජපන් සංචාරය හමුවේදී ජනාධිපතිවරයා මුණ ගැහීම ගැන මඩ ගසමින් යන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් බව බොදු බල සේනා සංවිධානය පවසයි.

තේ වගාව ඇතුලු වානිජ වගාවන් හී වල් නාශකයක් ලෙස බහුලව යොදා ගන්නා ‘ග්ලයිපොසේට් නැමැති වල් නාශකය ඇතුලු තවත් වල් නාශක කිහිපයකට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික ආර්ථික කමි‍ටුව තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ වගකීම ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා භාර ගෙන තිබේ.

පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්‍ටු කණ්ඩායම පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය මෙරට දේශපාලනයේ තීරණාත්මක බෙදුම් කඩක් නිර්මාණය කිරීම පදනම් කරගෙන මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රීලංකාවේ දේශපාලනයට බලපෑම් කරන රාජ්‍ය ගනනාවක් මෙම පක්ෂයේ ප්‍රධානින් සමඟ රහස් සාකච්ඡා පැවැත්වීම මේ දිනවල සිදුවෙමින් පවතී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය දැන් පැහැදිලි වෙමින් තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී මෛත්‍රීගේ සටන් පාඨය 'ගෝඨා සමඟ පෙරට..' යනුවෙන් හෝ ගෝඨාගේ සටන් පාඨය 'මෛත්‍රී සමඟ පෙරට...' හෝ විය හැකිය.

ld add copy

Connet With Us