ලියාපදිංචි දේශපාලන පක්‍ෂ දෙකක නම් වෙනස්‌ කර ඇති බව මැතිවරණ කාර්යාලය පවසයි.දේශප්‍රේමී ජාතික පෙරමුණ ශ්‍රී ලංකා ජාතික බලය ලෙසත් එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය, බොදු ජන පෙරමුණ ලෙසත් නම් වෙනස්‌ කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවෙක්ව ඊයේ (29) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් පහර දී මරා දමා තිබේ. මෙසේ ඝාතනය වී අැත්තේ තුෂාර දේවාලේගම නම් නැමැත්තෙකි. මෙම ඝාතනය සිදුව තිබෙන්නේ රත්නපුර දෑල නොරගල්ලේවත්තල දෙයියන්නේ දාල ප්‍රදේශයේ දීය.

මහ මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ මුස්ලිම් ඇතුළු වාමාංශික පක්ෂ හමුවේ ප්‍රකාශකර තිබේ.

ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්ථාවේ.
ලංකාවේ පත්තර කලාවට නවමු අත්දැකීමක් එකතුකරමින් `සත්හඬ` ඉරිදා පුවත්පත 2015 ජූලි 05 වැනිදා සිට වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කෙරෙමින් පවතින බව 'ලංකා ඩේලි' වෙත වාර්තා වෙයි. ජාතිවාදයට එරෙහි ජාතික ආණ්ඩුවක් යන දේශපාලන තේමාව සහිත පුවත්පතක් ලෙස, සත්‍යය අවැසි මොහොතක `සත්හඬ` සටන්බිමට එන  බව `සත්හඬ` කර්තෘ මාණ්ඩලික ප්‍රකාශකයකු පැවසීය.

ඊයේ(28) මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදී තමන් මහින්දව පරාජය පත්කළ ආකාරයටම මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් වුණොත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය වළලා දැමීමට ක්‍රියා කරන බවයි.

ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන අායතනයන්හි රුපියල් බිලියන ගණනාවක් රාජපක්ෂලාගේ දේශපාලන කටයුතු සදහා වැය කොට අැති බවට තොරතුරු අනාවරණය වී අැති බව අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) පැවති හෙළිදරව්ව 06 මාධ්‍ය හමුව අමතමිනි.

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 17 වනදා නොපවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ld add copy

Connet With Us