කැනඩාවේ ප්‍රදර්ශනය වෙන ලංකාවෙ ෆිල්ම් දෙක

Published in කලා
Monday, 18 August 2014 12:50

ලබන අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කැනඩාවේ පැවැත්වෙන 38 වැනි මොන්ට්‍රියෙල් ලෝක සිනමා උළෙල නියෝජනය කිරීමට මෙරට සිනමා පටි දෙකක් සඳහා අවස්ථාව ලැබී තිබේ.

ඒ නිලෙන්ද්‍ර දේශපි‍්‍රයගේ තන්හා රති රඟා සහ මලිත් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක් යන චිත්‍රපට දෙකය.

දැකලා පුරුදු කෙනෙක් සිනමා පටයේ ලෝක මංගල දැක්ම වන්නේ ද මෙයයි.

මීට ප්‍රථම ප්‍රසන්න විතානගේගේ ඉර මැදියම මෙම උළෙලේ ප්‍රධාන තරගකාරි අංශය නියෝජනය කළේය.

ඔහුගේම ඔබ නැතුව ඔබ එක්කහි ලෝක මංගල දැක්ම ද පැවැත්වුයේද මොන්ට්‍රියෙල් උළෙලේදී වේ.

තන්හා රති රඟා නවදිල්ලි චිත‍්‍රපට සම්මාන උළලේදී හොඳම චිත‍්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර විය.

මලිත් හෑගොඩගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපට  වන ‘දැකල පුරුදු කෙනෙක්’මොන්ටි‍්‍රයල් උළලේ කුඵදුල් චිත‍්‍රපට තරගකාරී අංශයේ ලාංකීය නියෝජනය ලෙස ප්‍රදර්ශනය වීමට නියමිතය

‘දැකල පුරුදු කෙනෙක්’ අන්තර්ජාතික චිත‍්‍රපට 18ක් සමග තිරගතවේ.

සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞෂල්‍යා ප‍්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ප‍්‍රසන්න මහගමගේ, දිල්ෂානි පෙරේරා සහ ළමා නිළි කුශෙන්යා සයුමි ෆොන්සේකා රංගනයෙන් දායක වන මෙම චිත‍්‍රපයේ කැමරාකරණය ප‍්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂ එම්. ඞී. මහින්දපාල විසින් සිදුකර තිබේ.

 

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us