රිතික් තමාගේම වාර්තාව බිඳ හෙළයි

Published in කලා
Sunday, 05 October 2014 19:26

රිතික් රෝෂන් සහ කත්‍රිනා කයිෆ් රඟන 'බෑන්ග් බෑන්ග්' චිත්‍රපටය පළමු දිනයේදී ඉන්දියානු රුපියල් කෝටි 27.54ක් උපයා ඇති බව වාර්තා වේ. එය තිරගත වීම ඇරඹියේ පසුගිය 2 වැනිදාය.

මීට පෙර රිතික් සුපිරි වීරයෙකු ලෙස රංගනයේ යෙදුනු 'ක්‍රිෂ් 3' චිත්‍රපටය එය තිරගත වූ පළමු දිනයේ ඉන්දියානු රුපියල් 25.5ක් උපයමින් අදායම් වාර්තාවක් පිහිටුවා තිබුණි.

ඒ අනුව රිතික් විසින් ඔහුගේම වාර්තාවක් බිඳ හෙළා ඇත.

බෑන්ග් බෑන්ග් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සිද්ධාර්ත් ආනන්ද්ය.එය ඉන්දියානු රුපියල් කෝටි 140 ක් වැය කර නිර්මාණය කර ඇත.
ග්‍රීසිය,ලන්ඩනය, ප්‍රාග් වැනි ලොව පුරා සුන්දර ස්ථාන 7ක මෙම චිත්‍රපටයේ පටිගත කිරීම් වසරක් පුරා සිදුකර ඇත.

ක්‍රියාදාම මෙන්ම ප්‍රේමණීය ජවනිකා වලින් පිරුණු මෙම සිනමා නිර්මාණයේ සාර්ථකත්වයට හේතුව සම්පූර්ණ නිෂ්පාදන කණ්ඩායමේම කැපවීම සහ උත්සාහය බව රිතික් පවසා තිබේ.

මූලාශ්‍රය-(ශ්‍රී ලංකා මිරර්)

Last modified on Sunday, 05 October 2014 19:39

Leave a comment

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us