මහා සිනමාව වෙත පියනඟමු

Published in කලා
Tuesday, 05 May 2015 12:04

‘මහා සිනමාව වෙත පියනඟමු’ තේමාවෙන් යුක්තව නූතන ලෝක සිනමාව පිළිබඳ රසික-සෘහද-විද්වත් සිනමා සම්භාෂණය 2015 මැයි මස 09 වැනි සෙනසුරාදා දින පස්වරු 4.30 ට ජාතික චිත‍්‍රපට සංස්ථා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදින උදෑසන 9 ට Orson Welles විසින් අධක්‍ෂණය කරන ලද Citizen Kane චිත‍්‍රපටය සහ පස්වරු 1 ට Federico Fellini විසින් අධක්‍ෂණය කරන ලද 8½ (8 and Half) චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. හිනිඳුම සුනිල් සෙනෙවිගේ ‘මහා සිනමාව කියවීම’ නමැති වියමන ද මූලික කොටගෙන පස්වරු 4.30ට පැවැත්වෙන සිනමා සම්භාෂණය උදෙසා එම්.ඞී. මහින්දපාල, සුනිල් මිහිඳුකුල, ප‍්‍රියන්ත ජයරත්න, විදර්ශන කන්නන්ගර, ප‍්‍රියන්ත කොඩිප්පිලි, අතුල සමරකෝන්, ප‍්‍රියන්ත ෆොන්සේකා මූලික අදහස් ඉදිරිපත් කිරීමට නියමිත අතර කතිකා සභාව මෙහෙයවන්නේ ප‍්‍රභාත් හේමන්ත විසිනි.

‘සිනමා මධු ලෝලය’ - 3 පියවර වන මෙම සිනමා මධු සැඳෑවට සහභාගී වන ලෙස ලාංකේය සිනමා ලෝලී පොදු ජනතාවට මෙම අවස්ථාව සංවිධානය කරන ‘රස’ ව්‍යාපාරය සහ ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ (CCL කණ්ඩායම) ආරාධනා කර සිටී.

විමසීම් - 0712667592 / 0715971183

8-nad-Half---Movei-Poster

Citizen-Kane---Movei-Poster

Maha-Cinemawa-Kiyaveema-P

Last modified on Tuesday, 05 May 2015 13:31

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us