ගුවන් විදුලි - ගොඩගේ,ජ්‍යෙෂ්ඨ ලේඛක ප‍්‍රණාම සම්මාන උළෙල

Published in කලා
Tuesday, 05 May 2015 12:11

ගොඩගේ ප‍්‍රකාශන ආයතනය සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක්ව සංවිධානය කරන ජ්‍යෙෂ්ඨ ලේඛක ප‍්‍රණාම සම්මාන උළෙල දෙවන වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්මාන උළෙල 2015 මැයි 09 වන දින සවස 03.00 ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්වෙන අතර මීට සමගාමීව පොත් ප‍්‍රදර්ශනයක් සහ දේශන මාලාවක් ද සංවිධානය කොට ඇත.

2015 මැයි 08 වන දින ඇරඹෙන මෙම සම්මාන උත්සවයේ පූර්ව වැඩසටහන් අතර සිංහල සාහිත්‍යය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ වැලිවිට ශ‍්‍රී සරණංකර නාහිමි සහ හේමපාල මුනිදාස, කුමාරතුංග මුනිදාස සහ චන්ද්‍රරත්න මානවසිංහ යන සාහිත්‍යවේදීන් සිව් දෙනා පිළිබද දේශනා මාලාවක් පවැත්වේ.

05 වන දින සිට 08 වන දින දක්වා උදේ 08.00 සිට 12 දක්වා මෙම දේශන මාලාව පැවැත්වෙන අතර ඒ සදහා: මහාචාර්ය රත්නසිරි අරංගල,ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර, ආචාර්ය සදගෝමිකෝපර හේවා සහ ආචාරය නුවන් නයනජිත් කුමාර යන මහත්වරු සහභාගි වීමට නියමිත ය. සම්මාන උළෙලේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය දයා අමරසේකර මහතා විසිනි.

ගොඩගේ ප‍්‍රකාශන ආයතනය විසින් පවත්වනු ලබන පොත් ප‍්‍රදර්ශනය 03 වන දින සිට 09 වන දින දක්වා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ‍්‍රයේ දී පැවැත්වේ.

තල්පාවිල විජයසෝම, මුදලිනායක සෝමරත්න, ජී. ඒ. මාතුපේම, අනුල ද සිල්වා, ලීලානන්ද වික‍්‍රමසිංහ, කුසුම් ඒකනායක, මරුදුර් ඒ. මජිද්,අන්නලක්ෂ්මී රාජදුරෙයි, ආරියරත්න විතාන. පරාක‍්‍රම එස්. විජයවර්ධන, චිත‍්‍රා අයි. පෙරේරා, උපාලි වනිගසූරිය, යසවර්ධන රුද්‍රිගු, බණ්ඩාර වැවගෙදර සහ මධුරසිරි ජයවර්ධන යන මහත්ම මහත්මීහු එදින සම්මාන ලැබීමට නියමිතව ඇත.

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us