මගේ නාට්‍ය දන්සල නැති බැරි ගමේ ජනතාවටයි - ටෙනිසන් කුරේ

Sunday, 29 June 2014 05:30

 

"මම ඉන්න තැන විනෝදය ඇත."

දන්සැල්, පහුගිය මාස දෙකේම දන්සැල්. දැන් අපි කියන්න හදන්නෙත් දන්සැලක්‌ ගැන. මේක අමුතුම තාලේ දන්සැලක්‌. ඔබ මීට කලින් අසා තියෙනවද නාට්‍ය දන්සලක්‌ ගැන. සමහරවිට ලෝකයේ ප්‍රථම වතාවට වෙන්නැති අපේ රටේ නාට්‍ය දන්සැලක්‌ දෙන්නෙ. එක මාසයක්‌ නොවේ. අවුරුද්ද පුරාවටම.... අවුරුද්දකින් නතර වෙන්නෙ නෑ... දිගටම

මේ දන්සැල දෙන්නේ... ටෙනිසන් කුරේ. හිනාත් යාවි. විහිළුවක්‌ කියලත් හිතේවි. නෑ.... ටෙනිසන් නාට්‍ය දන්සැලට තෝරාගෙන තියෙන්නේ ඔහුගේ "අයි ඈම් ශ්‍රී ලංකා (අපාය සමග) නාට්‍ය මීවිත රසිකයන් වෙනුවෙන් ටෙනිසන්ගෙන් මේ දන්සල ගැන තොරතුරු ඇසුවා. අපි ඇසූ ප්‍රශ්නත් ටෙනිසන් දුන්නු උත්තරත් දැන් බලමු.

 

ඇයි නාට්‍ය දන්සැලකට හිත ගියේ...

ඇත්තටම මේක මට අද ඊයේ හිතට ආපු දෙයක්‌ නොවේ. මගේ පළමු නාට්‍ය වුණේ "අපායේ තත්පර 1800" නාට්‍යය. පසු කාලෙක ගාමිණී ෆොන්සේකාත් මාත් ප්‍රධාන චරිතය රඟපාමින් මේ නාට්‍යය චිත්‍රපටගත කෙරුණා. මම ඒ නාට්‍යය එදා කළේ අපේ මිනිසුන්ට පව් කෙරෙහි බියක්‌ ඇති කරන්න. අපායට ගියොත් වෙන දේ පෙන්වන්න. අද මගේ නාට්‍යයක්‌ බලන්න රට පුරා ජනතාව ආසාවෙන් ඉන්නවා. ඒත් බලන්න පුළුවන් වෙන්නේ නගරයේ අයට විතරයි. නගරයෙන් ඈත වෙසෙන ජනතාවගේ සතුට, ප්‍රීතිය සඳහා තමයි එළිමහන් වේදිකාවක මගේ "ඇයි. ඈම්. ශ්‍රී ලංකා (අපාය සමග) නොමිලේ වේදිකාගත කරන්න හිතුවේ.

 

කොහොමද මේ දන්සල සංවිධානය කරන්නේ?

ගමට.... ගමේ ජනතාවට ආදරය කරන සියලුම දෙනාගේ එකමුතුවෙන් ආගමික පූජකවරුන්ගේ මැදිහත්වීමෙන්, පොලිසියේ සහායත් ඇතිව ගමේ ඕනෑම තැනක මේ නාට්‍යය එළිමහනේ වේදිකාගත කළ හැකියි. අවශ්‍ය කරන වේදිකාව, විදුලිය, ශබ්ද විකාශන... සැපයිය යුතුයි. නාට්‍ය කණ්‌ඩායමේ අයට විතරක්‌ සුළු මුදලක්‌ ලබා ගන්නවා. සංවිධානය කරන අයට පුළුවන් අනුග්‍රහයක්‌ වුණත් ලබාගන්න. මේ නිසා පොලිසිය හා මහජනතාව අතර සුහදතාව වර්ධනය කරගන්නත් පුළුවන් වෙනවා. ඒ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාත් මට පැවසුවා. පව් කෙරෙහි බිය ඇතිකරන මේ නාට්‍යය පන්සල්, පල්ලි, පාසල්වල ආගමික පූජකවරුන්, දේශපාලකයන් නගරාධිපතිවරුන්ගේ අනුග්‍රහය ඇතිව වේදිකාගත කළ හැකියි.

 

මේ දන්සැල තවම එක දවසක්‌වත් දුන්නේ නැද්ද?

දුන්නා... දුන්නා... ෂෙරින් කුමාරතුංග... පාදුක්‌ක ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මේ දන්සල සංවිධානය කළා. එදා රැස්‌වූ ජනතාව මට ප්‍රශංසා කළා. ඒ පින ෂෙරින්ට ලැබෙනවා. ආබාධිත රණවිරුවන්ගේ මානසික සුවය සඳහා අයෝමා රාජපක්‌ෂ මහත්මිය මේ නාට්‍යය කඳවුරු තුළ වේදිකාගත කරන්නත් කටයුතු සූදානම් කරනවා. එය සතුටක්‌.

 

මේ දන්සැලෙන් ඔබට ලැබෙන්නේ මොනවද?

මානසික සුවය. මට පුදුම මානසික සුවයක්‌ මේ නිසා ලැබෙනවා. ඒක මුදලින් මනින්න බෑ. මගේ නාට්‍යයක්‌ බළලා අත්පුඩි ගසද්දී... මගේ ශරීරය පුරා අමුතුම ශක්‌තියක්‌ දිවයනවා. ඒක මුදලට ගන්න බෑ. ඒ නිසා තමයි මම නැති බැරි අය අතරට මේ නාට්‍යය අරගෙන යන්නේ.

 

මේ නිසා ඔබට ආර්ථික අතින් පාඩු සිදුවෙනවා...?

ඔව්... නාට්‍යයක්‌ නොමිලේ පෙන්වනවා කියන්නේ ආයෙත් ඒ පැත්ත පළාතක ඒ නාට්‍යය සල්ලිවලට පෙන්වන්න බෑ. අනෙක මම දන්නවා මගේ නාට්‍ය තමයි මිල අධිකම. ඒත් මේ නාට්‍යය නොමිලේ පෙන්වද්දී... මම සංවිධානය කරන අයගෙන් ඉල්ලන්නේ නළු නිළි දීමනාව විතරයි. මගේ මුදල් සියල්ල කපා හරිනවා. මට ශත පහක්‌වත් නෑ. ඒකට කමක්‌ නෑ. මගේ නාට්‍යයක්‌ ශාලාවක බලනවා නම් රුපියල් දාහක, පන්සීයක ප්‍රවේශපත්‍රයක්‌ ගන්න ඕනෑ. ඈත ගම්වල අහිංසක මිනිසුන්ට ඒක කළ හැකිද... බෑ... ඒකයි මම මේ නාට්‍යය නොමිලේ රටවටා ගෙනයන්න. තීරණය කළේ. මම මේ කැපවීම කරන්නේ හරිම සතුටකින්.

 

ඒ කියන්නේ ඔබ මේ වෙද්දී ඇතිතරම් සල්ලි හම්බකරලා තියෙන්නේ?

නෑ.... නෑ.... මට උවමනා මමත් යමක්‌ ලබමින් අනෙකාටත් යමක්‌ කරන්න. දැන් අපිට චිත්‍රපටත් හිඟයි නේ. නාට්‍යයත් අඩුයි. ඒක වෙනම කතාවක්‌. අපි යමක්‌ කළ යුතුයිනේ. හරිනම් රටේ හැමදේම ගණන් යන කාලේ මගේ නාට්‍යවල ගාණත් වැඩි කළ යුතුයි.

 

ඔබේ පවුලේ අයට ඔබෙන් වියයුතු යුතුකම් ඉටුවී අවසන් කියා හිතුණ නිසාද මෙහෙම දන්සැල් දෙන්නේ?

ඉවරම නෑ. දිගටම ඒ යුතුකම් කෙරීගෙන යනවා. මම ජීවත්ව ඉන්න තාක්‌ පවුලට විය යුතු යුතුකම් ඉටු කරනවා. මගේ ආදරණීය බිරිඳගෙන් කිසිම විරෝධතාවක්‌ ආවේ නෑ මේ දන්සැලට. මට හැකිදේ මම සඟවා තබාගෙන සිටිය යුතු නෑ. මම කැපවී ඉන්නා වේලාවේ මගෙන් උදව් ගැනීම ජනතාවගේ යුතුකමක්‌. ජනතාව වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් විය යුත්තේ දානපතියන්.

 

මේ දන්සැලෙන් දෙන්නේ හාස්‍ය විතරමද?

සියයට සියයක්‌ම විනෝදය දෙනවා. මම ඉන්න තැන විනෝදය ඇත. ඒත් ගැඹුරු දැහැමි සමාජයක්‌ ගොඩනඟන්න දරන උත්සාහයක්‌. පව් කිරීමට මිනිසුන්ට බිය ඇති කරවනවා මේ නාට්‍යයෙන්. හාමුදුරුවරු, ආගමික නායකයන් දෙසන බණ මේ නාට්‍යයේ තිබෙනවා. වදින තැන්වලට වදින්න ගහනවා.

 

මේ ලිපිය අවසන් කරන්න කලින් තවත් යමක්‌ කියන්න තියෙනවද?

අනේ.... කියන්න නම් ඕනතරම් දේ තියෙනවා. අද අපේ රටේ රූපවාහිනි නාලිකා කීයක්‌ තිබෙනවාද ජනතාවගේ සතුට සඳහා සංගීත සංදර්ශන පමණක්‌ කරන මේ නාලිකා ඉඳහිට හෝ එළිමහන් නාට්‍යයකට දායකත්වය ලබා දෙනවා නම් ඒක ජනතාවට අලුත් අත්දැකීමක්‌ වේවි. මගේ මේ මහා නාට්‍ය දන්සැල ගැන දැනගෙන මේ වනවිටත් කුලියාපිටිය, කිරිබත්ගොඩ, මොණරාගල, පේරාදෙණිය වගේ ප්‍රදේශවල දන්සැල පවත්වන්න ආරාධනා ලැබී තිබෙනවා.

අජිත් අලහකෝන්

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us