හෙයුවාන් ප‍්‍රදේශයට අනන්‍ය රතු මැට්ටෙන් වැසී තිබුණු මෙම බිත්තර තොගය කිසිදු පැල්මක් හෝ සිරීමක් හෝ නොමැතිව ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන බව සදහන්ය.
බිත්තර තොගය හමුවූ වහාම එක් සේවකයෙකු එය රැගෙන පලා යෑමට තැත් කර තිබෙන බවද සදහන් වේ.
පසුව හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුකාගාරයේ පර්යේෂකයින් පැමිණ මෙම බිත්තර පර්යේෂණ කටයුතු සදහා රැගෙන ගොස් ඇත.මෙම බිත්තර කවර ජීවී විශේෂයකට අයත්දැයි මේ දක්වාම හෙළිවී නොමැත.
හෙයුවාන් ප‍්‍රදේශය ඩයිනෝසෝර බිත්තර වල උල්පතක් ලෙස සැළකෙන අතර හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුගාකාරය ලොව විශාලතම ඩයිනෝසෝර බිජු එකතුව ඇති කෞතුකාගාරය ලෙසද සැළකේ.






 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														