එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සමග ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවකි.

ප්‍ර: එක්සත් ජාතික පක්ෂය ඇතුළේ දැන් මොකද වෙන්නෙ?

ජීවිතය ලිහා ගන්න උත්තර ඔක්කොම අරං එන්න වගේ මිනිස්සු පොත් ප්‍රදර්ශනය බලන්න යනවා.

කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කිව්වට රේස් කොලේ කියවලත් ඒ දේ වෙන්න පුළුවන්ද?

උතුරන මී බිදුවක් වීදුරුවෙන් බේරී පලායන්නට නොදී දිවෙන් අල්ල ගන්න අතරෙදි මම කොට්ටාව අවන්හලේ දී ආගන්තුකයාගෙන් ඇසුවා.

mohanrajලාංකේය සාහිත්‍යයයේ නමක් තැබු ඔහු මාගම් සෝලිය, ලොවීනා යන නවකතා වලින් ඔහු අපව සාහිත්‍යමය වශයෙන් සන්තර්පණය කළා. ඔහු මොහාන් රාජ් මඩවල. මේ කතා බහ ඔහුගේ ආදරණිය වික්ටෝරියා ගැන කතා කරන්නමයි.

අනාගතයේ මාධ්‍යයවේදියකු වෙන්නට සිහින නොමැව්ව ද එක් වකවානුවක රටේ පැවති භීෂණ වාතාවරණය හේතුකොට ගෙන කුමන හෝ රැකියාවක නියුතුවිය යුතු යැයි අධිඨනින් කළුතර බෝඹුවල පෙදෙසින් කොළඹට සංක්‍රමණය වූ ලක්ෂ්මන් පියසේන පසු කලෙක (88 වසර අග භාගයේ)දිවයින පුවත්පතේ මාධ්‍යයවේදියකු ලෙස කටයුතු ඇරඹීය.
ඔහු නමින් නිශ්මන් රණසිංහ. පුවත්පත් කලාව, තිර රචනය, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය, ග්‍රන්ථ රචනය හා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු  හා රංගනය සමඟින් දිවෙන ඔහුගේ කලා ජීවිතයේ නවමු නිර්මාණයක් වන ගැලවිජ්ජා වේදිකා නාට්‍ය මේ මස 26 වන දින  මරදාන ටවර් රඟහලේදී කරලි ගතවීමට සූදානමින් සිටී.

ඇය නමින් ඉමායා ලියනගේ. දිගුකලක් නිරූපන ක්ෂේත්‍රයේ රැඳී සිටි ඇය පසුගියදා දෙරණ රුපවාහිනී ආයතනය මගින් පැවැත්වූ Miss Sri Lanka තරඟයෙන් ජයලබන්න සමත් උනා. ඇයගේ මේ ජයග්‍රහණය ගැන වගේම ඇය නියැලිලා සිටින නිරූපන ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක් කරන්න අපි ඇයව එකතු කරගත්තා.

අප ඔබව දැනගෙන සිටියේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් හැටියට. ඔබ එකවර රූපලාවන්‍ය ක්‍ෂෙත‍්‍රයට ඇවිත් පසුගිය දිනක විශේෂ දක්‍ෂතා පෙන්නුවා. මේ වෙනස්වීම ගැන අපි කතා කරමු ?
 
මම මේ ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ වන්නේ ඇඳුම් මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක් විදියටයි. පසු කාලයකදී  වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ වුනා. ඒක සිද්ධවෙන්නේ මගේ මහත්තයා සාලිය ලියනආරච්චි නිසා. එයා කලා ක්‍ෂෙත‍්‍රයේ ඉන්න කෙනෙක්. චිත‍්‍ර-මූර්ති ශිල්පියෙක් වගේම සජීවීකරණ ශිල්පියෙක්.වේදිකා නාට්‍ය වලින් සම්මාන ලබපු කෙනෙක්. ඒ නිසා මට වේදිකා නාට්‍යයත් එක්ක කටයුතු කරන්න අවස්ථාව උදාවෙනවා.  එක වෙනමම අත්දැකීමක්. මම එතනදී තමයි දැන ගන්නේ ඇඳුම කියන්නේ ශරීරය ආවරණය කරනවාට, ඉන් ඔබ්බට ගිය මිනිස් අභ්‍යන්තරයන් ප‍්‍රකාශයට පත් කළ හැකි විශිෂ්ඨ කලා මාධ්‍යක් කියලා. මම මේ කලාව සියුම්ව අධ්‍යනය කලා. 
 
මට ‘සයොනාරා‘ කියන වේදිකා නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්මානයකුත් හිමිවුනා. මෑත කාලයේ මම සම්බන්ධ වුන රෝහණ බැද්දගේ ශූරින්ගේ ”රාළහාමි” කියන වේදිකා නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබුනා.මගේ දැනුම උපරිම වශයෙන් එළිදක්වන්න ගත්ත උත්සාහයක් හැටියට එය හඳුන්වන්න පුලූවන්. ඒ වගේම පසුගිය දිනක නෙළුම් පොකුණෙ වේදිකා ගත වූ නවරත්න ගමගේ සංගීතවේදියාගේ ”පණාමුර” නම් නිර්මානයේ අඳුම් නිර්මාණය කරනවා. ඒ ප‍්‍රවීන වේදිකා ඇඳුම් නිර්මාණ ශිල්පිනි සුවිනීතා පෙරේරා මහත්මියත් එක්ක. මම වේදිකාවේ දී දැක්කා ඇඳුමෙන් පමණක් නොවෙයි අංග රචනයෙන් මිනිසුන් වෙනස් කරන හැටි. මම එතැනදි තමයි තේරුම් ගත්තේ මේක විශාල බලයක් ඇති ශිල්පයක් විදිහට.
 
මෙය දෛනික සමාජ ජීවිතයේ දී භාවිතා කළහොත් විශාල සමාජ වෙනස් කමක් කළ හැකියි කියලා. ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී මානෙල් කොටුවේගොඩ මහත්මිය යටතේ මම රුපලාවන්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පසුබිම මතයි.
 
ඔබ කොහොමද ඔය කියන සමාජ වෙනස්කම කරන්නෙ?
 
මේක හරි අපූරු කලාවක්  හරිම තෘප්තියක් ලැබෙනවා වගේම මුදලකුත් ලැබෙනවනෙ.  සැලෝන් එකක ඉස්සර ගිහින් බලා ඉන්න පුළුවන් නම්  අපට පෙනෙනවා. කොට කෙනෙක් - උස වෙලා යනවා. විරූපී කෙනෙක් - රූමත් වී යනවා. දුප්පත් පෙනුමක් තියෙන කෙනෙක් පෝසත් පෙනුමකට පත්වෙලා යනවා. නපුරු පෙනුමක් තියෙන කෙනෙක් ශාන්ත පෙනුමකින් යනවා.
 
අප සෑම කෙනෙක්ම සමාජයත් එක්ක ගනුදෙනු කරන්න  ඕනා.  සමාජය කෙනෙක් කියවන්නේ  අභ්‍යන්තරයෙන් නොවෙ එළියෙ පෙනුමෙන්. ඇඳුම - රූපය  වගේ දේවලින් .  ඉතින් අද සමාජය අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් යොමු වී තිබෙනවා, තම පෙනුම තැනට ගැලෙපෙන පරිදි වෙනස් කර ගන්න. අපට ඒ අවස්ථාව උදා වන්නේ අන්න ඒ අවස්ථාවේදී.  ඒ කාර්්‍ය අවබෝධයෙන් කරන්න  ඕනා. උදාහරණයක් විදිහට අපට ලැබෙනවා රටේ ඉන්න ප‍්‍රබලම කෙනෙකුව  සරසන්න. එතැනදී ඔවුන්ගෙ පාරම්පරාවේ ගෞරවය, ඇයගේ උගත්භාවය, සමාජ තත්වය වගේ දේවල් ඉස්මතු කරන්න  ඕනා. ඒක හරි පරිස්සමෙන් කරන්න  ඕනා කාර්්‍යයක්. මොකද එම පෙනුම නිසා ඇයගෙ සමාජ තත්වය නැතිවී යනවා නම්, සමාජ පිළිගැනීම නැතිවෙනවා නම් ,ඒක විශාල ප‍්‍රශ්නයක් වේවි. මම අදහස් කරන සමාජ වෙනස්කම කියන්නේ ඒකටයි .
 
රූපලාවන්‍ය කියන්නේ මුහුණු ආලේප කරනවාට වඩා ඔබ්බට ගිය ගැඹුරු විෂයක් හැටියටයි මම කියවන්නේ .
 
ඇත්තටම Bridal make up එකක් කියන්නේ මොකක්ද?
 
    ඇත්තටම විවාහ මංගල්්‍යය කියන්නේ දෙවන ඉපදීම හැටියටයි මම සලකන්නේ. ගමේ ඔක්කොම වගේම තම නෑදෑයන්, හිතමිතුරන්, ගෙන්වල ඔවුන් ඉදිරියෙයි මේ කටයුත්ත කරන්නේ.  පැරැුන්නො මේ උත්සවය සංවීධාන කරන්නේ විශාල තේරුමක් ඇතිවයි. වෙනත් කෙනෙකු හා එක වහලක් යටට යන මේ යුවලට පටන් ගන්න අළුත් ජීවිතේට විශාල උත්තේජනයක් ලබාදීමයි මෙයින් කෙරෙන්නෙ .   කිසිකෙනෙකුට කිසි දෙයක් ජය ගන්න බැහැ, තමන් කරන විෂයට අදාල උත්තේජයක් නැතිනම්.  ඉතින් නෑදෑයින්, මිතුරන්, ගම්වැසියන්ගෙ ආශිර්වාදය ඔවුන්ගේ ජීවීතයම සාර්ථක කර ගන්න විශාල පිටිවහලක් වෙනවා. එතනදී ඇය හා ඔහුයි එහි ප‍්‍රධාන භූමිකාව කරන්නේ. ඒ නිසා මම මනාළියක් සරසන විට හිතන්නේ ඔවුන්ගේ ආරම්භ කරන නව ජීවිතයම ආලෝක කරලා මුළුමහත් සමාජයේම ආශිර්වාදය ඔවුන්ට ලබා දෙන්න. ඒක   Bridal make up කරලා කීයක් හරි ගන්නවාට වඩා බරූ?ම් වගකීමක් හැටියටයි මම දකින්නේ. මම  හිතන්නෙ සෑම  කාර්්‍යයකටම විශාල  සමාජ සම්බන්ධතාවයක් තියෙනවා කියලා .ඒකෙන් කිසිවෙකුටත් ගැලවෙන්න බැහැ. මම වැඩ කරන්නේ අන්න ඒ අවබෝධය පිළිබඳ දැඩි අවධානයකින්.    
 
සාමාන්‍යයෙන් ගොඩක් wedding වල මනමාලිය කෙරෙහි විතරයි නේද හැඩගැන්වීමේදී   අවධානය යොමු කරලා තියෙන්නේ! මනමාලය හැඩ ගැන්වීම ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.  එකට දෙන්න තියන උපදෙස මොකක්ද?
 
ඇත්තටම දැන් ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. දැන් පුරුෂ පක්‍ෂයත් රූපලාවන්‍ය ගැන උනන්දුවක් දක්වනවා. මම හිතන්නේ එය මීට වඩා අවබෝධවෙන් හා පුළුල්ව කලයුතු කාර්යයක් හැටියටයි. මොකද මේ අළුතෙන් පුරන ජීවිතයේ ප‍්‍රධානියා ඔහුයි. අළුත් ගෘහමූලිකයනෙ. ඉතින් ඔහුගේ පෞරෂවය ප‍්‍රබල ලෙස ඉස්මතු වෙන්න  ඕනා. එදින ඔහුගේ පෙනුම දුර්වල නම්, සමාජය ඔහුව කියවන්නෙ වෙනත් විදිහකට. ඒක පවුල් ජීවීතයට ප‍්‍රශ්ණයක් වේවි.  මම අදහස් කරන්නේ සමාජ විද්‍යාත්මක දෘෂ්ඨියකින් බලල මේ අංශය වඩාත් ගැඹුරු අධ්‍යනයකින් කළ යුතු කාර්යක් හැටියට.
 
රූපලවන්‍ය ශිල්පිනියක් මනමාලයෙක් මනමාලියෙක් හැඩගැන්වීම වගේම ඔවුන්ට  විවධ දේ සම්බන්ධව උපදෙස් දීමත්  සිදු කරනවද?
 
නැහැ. නැහැ. පුද්ගලයන්ගෙ පෞද්ගලික ප‍්‍රශ්ණ එක්ක සම්බන්ධවීම සියල්ල පටලවා ගැනීමක්. හැබැයි විවාහයකදී ඒ උත්සවය සම්බන්ධ උපදෙස් දීමේ සීමාවක් තියෙනවා. අවශ්‍යනම් අප ඒ සේවය ලබා දෙනවා. අප වෘත්තියක් හැටියටයි beauty culture  කරන්නේ,  ඒ නිසා අපට මේ විෂය සම්බන්ධ අත්දැකීම් වැඩියි. ඒ නිසා අපේ අත්දැකීම් ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත් කමක් තියෙනවා. එය අනවශ්‍ය වියදමක් හෝ යම් වැරැද්දක් වීම අවම කරනවා.  අපට තියෙන අත්දැකීම තමයි මේ උත්සවය දිනයට කවුරුත් කලබල වෙනවා. කළ යුත්ත නොකළ යුත්ත අමතක වෙනවා. ඔවුන් හිතනවා තමන් යහළුවන් නෑදෑයින් ඉදිරියේ අපහාසට අවමානයට පත් වෙයි කියලා බියක්.  මේ තත්ත්වය තමයි  ප‍්‍රශ්ණයක් ඇතිවීමට ඇති කරුණ වන්නේ ඒනිසා උපදෙස් ගැනීම වැදගත් කියලයි මම හිතන්නේ.
 
ඇඳුම් නිර්මාණ ශිල්පය  ගැන කතාකරොත් විවිධ අවස්ථාවන්ට ගැලපෙන විදිහට කොහොමද අපි ඇඳුම් තෝරාගන්න  ඕන ?
 
ඇඳුමක්  නිර්මාණය කරන්න ප‍්‍රධාන කොන්දේසි දෙකක් සපුරන්න  ඕනා. පළමු කොන්දේසිය හැඩ. දෙවන කොන්දේසිය තමයි වර්ණ. මේ දෙක එකතු වුනාම තමයි ඇඳුමක් නිර්මාණය වන්නේ. මෙය පුලූල් විෂ්‍යයක්.  ජනතාව හැඩ කියනනවා.  වර්ණත් ජනතාව කියවනවා. ඒ කියන්නේ හැඩ සහ වර්ණ වල ප‍්‍රකාශණයන් තිබෙනවා කියන එකයි. කවුරු හෝ ඇඳුමක් ඇන්දාම හැඩ හා වර්ණවල අදහස් එය අඳින පුද්ගලයාට  හා සම්බන්ධ වී ප‍්‍රකාශනයක් නිකුත් කරනවා. එය සමාජය කියවනවා. මෙන්න මෙතැනයි මෙය සමාජ බද්ධ නිර්මාණශිලි විෂ්‍යයක් විදිහට සමාජය ඉදිරිපිට පෙනී සිටින්නෙ. ඒ නිසා මෙය ්ජ්ාැපහ කලාවක් වෙනවා. තමන් කැමති සමාජ තත්ත්වයක් ඇඳුමෙන් පෙන්වන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේක අපූරු විෂ්‍යයක් කියලා. ඒ නිසා විවිධ හැඩ ඇති අය තමන් කැමති තත්ත්වයට සකස් කරන්න ඇඳුමෙන් පුළුවනි  ඒ අනුව ඒ ඒ අවස්ථාවට හා අවශ්‍යතාවයට  ගැලපෙන ඇඳුමක් තෝරාගන්න පුළුවන්.
 
එතකොට ඔබ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්, රුපලාවන්‍ය  ශිල්පිනියක් හා වේදිකාවට රංග වස්ත‍්‍රාභරණ නිර්මාණය කරන්නියක්. ඔබගේ ඉදිරි වැඩ කටයුතුත්  එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද?
 
මම තවම අදහස් කරගෙන නැහැ මෙය විශාල ව්‍යාපාරයක් හැටියට කරනවාද නැද්ද කියලා. මොකද මම තවම හිතන්නේ මෙය සේවයක් විදිහට නිසා. මම තවම හිතන්නේ මේ තාක්‍ෂණය පුළුල් ව්‍යාපාර මට්ටමට ගෙන ගියහොත් මෙහි ගුණාත්මක තත්ත්වයට හානිවෙයි කියලා. ඒ නිසා මම මේ කාර්යය කරන්නේ යම් සීමාවක් තුළයි.  වේදිකාවේ හෝ සිනමාවේ යම් නිර්මාණශීලි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
 
ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් ගත කිරීම ගැන අප ස්තූතිවන්ත වෙනවා. ඔබට ජය පතනවා.  ඔබගේ සේවය යම් අයෙක් ලබා ගන්න  ඕන වුනොත් ඒය ලබා ගන්නේ කොහොමද?
 
ඔබටත් එසේම ස්තූතිවන්ත වෙනවා  මගේ ව්‍යාපාර අංකයට ඇමතුමක් ලබාදීමෙන්  මගේ සේවය ලබා ගන්න පුලූවන්    මගේ ව්‍යාපාර  අංකය 077 2863888
 
දොඩමළුව
හිමාෂි කරුණාරත්න  
2
 
 
br1
 
br2
 
unnamed
 
yyy
 
t
 
රංග බණ්ඩාරනායක අප සැම හඳුනන්නේ ජාතික රූපවාහිනියේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ටෙලිනාට්‍ය, අධ්‍යක්ෂකවරයෙක් ලෙසයි. ඔහු නිර්මාණයට දායක වූ ‘සිත නිවන කතා’ වැනි ඒකාංගික ටෙලි නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක්වෙනවා. මේ දිනවල රංග ගැන කවුරුත් යළිත් වරක් කතා බහ කරන්නේ ඔහුගේ අලුත් ම ටෙලි නිර්මාණය වන ‘භවාන්තර’, ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීම නිසයි. රංග සමඟ යෙදෙන මේ කතා බහ ද පෙළ ගැසෙනුයේ ඔහුගේ නවතම ටෙලිනාට්‍ය නිර්මාණය වෙනුවෙනි.
Page 7 of 9

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us