මානවම්ම දේශපාලනය... Featured

Tuesday, 22 June 2021 22:34

ඔය රෝයල්, තෝමියන් කට්ටිය බිග් මැච් කාලෙට පරණ වෝක්ස්වැගන් බිටල්, කණේ මයිල්, මිනි කූපර්, පරණ ෆෝඩ්, ලෑන්ඩ් කෘසර් වගේ ටිකක් අමුතු වාහන ගෙනැල්ල කොළඹ පුරෝලා විදී සංචාරයේ නිරත වෙනවා. ඕවට කියන්නේ ක්ලැසික් වාහන කියල. ඒක එක ට්‍රෙන්ඩ් එකක්.

සමඟි බලවේගයේ කට්ට්ය ලෑන්ඩ් මාස්ටර් වලින් විරෝධතා වීදි සංචාර පවත්වද්දී සජිත් මහත්තයා මිනි කූපර් එකෙන් ගියෙත් ටිකක් අර බිග් මැච් ගට් ෆීලින් එකෙන් කියල හිතෙනවා. ඒ විරෝධතාවේ බිග් මැච් එකක තරම් වත් කිසි අලුත් බවක් නැහැ. නිර්මාණශීලි බවක් නැහැ. පන්ච් එකක් නැහැ. ඔහේ යන්නන් වාලේ යනවා වගේ තමයි පෙනෙන්නේ. රහක් නැහැ විතරක් නෙවෙයි අර එලීට් සෙකුරිටි එක දැක්කම තවත් මිනිස්සු අවුල් වෙනවා.
ඒ වැඩේ එහෙම යද්දී රනිල් ස්වර්ණවාහිනියට ගිහිල්ල අමුතු විදියේ කලස් පෙන්නනවා. කාටවත් ලොකු අදහසක් තිබ්බේ නැති මානවම්ම රජ්ජුරුවෝ ගැන විස්තරයක් කියල නිකම් සිංහල බෞද්ධ අයට මැජික් එකක් වගේ දෙයක් පෙන්නලා කට්ටිය කොර කරලා දානවා. ඒක වෛරල් වෙලා නැගල යනවා. මිනි කූපරේ රෝඩ් ෂෝ එක නිකම්ම නිකම් අල වෙලා යනවා. එතන තමයි පොලිටිකල් නිලය තියෙන්නේ.
ඇත්ත දේශපාලඥයා කියල කියන්නේ කිසිම නිශ්චිත දෙයක් නොකියන කෙනෙකුට කියල පරණ බටහිර කියමනක් තියනවා. මානවම්ම රජ්ජුරුවෝ සහ පශ්චාත් කොරෝනා ගෝලීය අර්බුදය කියන අතිශයින් සංකීර්ණ ප්‍රපංචය අතර කිසිම එකට එකේ සම්බන්දයක් නැහැ කියල රනිල් හොඳට දන්නවා. ප්‍රශ්න අහන නිවේදකයොත් දන්නවා. ඒවා බලන් ඉන්න මිනිස්සුත් දන්නවා. හැබැයි ඒ කොච්චර දැනගෙන හිටියත් මානවම්ම රජ්ජුරුවෝ නැවත පසු ගෝලීය ලෝකයක ජීවමාන වෙනවා.

අපි කවුරුත් නොදන්නා සහ නොසිතපු 'කෑල්ලක්' දාල රනිල් ඒ මොහොතෙන් ගොඩ යනවා. දැන් වැඩේ යන විදිය දන්නා නිසයි කිසිම නිශ්චිත දෙයක් එයා නොකියන්නේ. නිශ්චිත කියල අපි හිතන මේ අවුලින් අපි ගොඩ එන්න මොනවද කරන්න ඕනි, අනාගත ආර්ථික සැලසුම් මොන වගේද, අධ්‍යාපනය මොන වගේ වෙන්න ඕනිද වගේ දේවල් වලට 'නිශ්චිත' කිසිම දෙයක් නොකියන්න එයා වගබලා ගන්නවා. එයා දන්නවා මේ තියෙන්නේ පැටලෙන්න ඕනි වෙලාවක් නෙවෙයි ලෙස්සල යන්න ඕනි වෙලාවක් කියල. ඒකත් යම් දේශපාලනික දක්ෂ කමක් තමයි.
මෙවන් පට්ට අවිනිශ්චිත වෙලාවක නිශ්චිත දේවල් කියන්න ගිහිල්ලා වැඩේ අල කර ගන්නේ නැහැ එයා. එයා දන්නවා දෙනලද එක් එක් මොහොතින් ෂේප් වෙලා යන්න ඕනි කියල. එයා දන්නවා අර්බුදය ඇතුළතින් පුපුරා යන්න තරම් මෝරනවා කියල. දැන් යන විදියට ලොකුවට දඟලන්න ඕනි නැහැ කියල. බිංදුවට පැරදිලා ගෙදර ගිහිල්ල අවුරුද්දක් ගියේ නැහැ ආයේ ස්පොට්ලයිට් වෙමින් යනවා කියල.
කවුරුත් මේ කාලේ දැනගෙන නොසිටිය මානවම්ම රජ කෙනෙක් ගැන දැන් කට්ටිය දන්නවා. වරක් නෙරපා හැරලා පස්සේ පල්ලව රාජ්‍ය අනුග්‍රහය යටතේ කිසි අපහසුවක් නැතිව ලංකාවේ රාජ්‍යත්වය ගත්ත රජ කෙනෙක් තමයි මානවම්ම කියන්නේ. රනිල් ඒ උදාහරණය ගෙනාවේ කට කහනවට නෙවෙයි. අතීතය ඔස්සේ ලොකු අවිඥාණික දේශපාලනයක් දනවන්න. බලය කියන්නේ මාර අවිනිශ්චිත, පුරෝකතනය කල නොහැකි, ලෙස්සන සුළු දෙයක් කියල පෙන්නන්න.
එයා දන්නවා අතීතයෙන් ලොකු වැඩක් නැහැ කියල. හැබැයි මැජික් පෙන්නන්න නම් අතීතය ඕනි කියල.
දේශපාලනය කියන්නේ රෝඩ් ෂෝ එකකට වඩා ගොඩක් වැඩි දෙයක්. මානවම්ම දේශපාලනයේ ඇත්ත පාඩම ඒක.

- Mahesh Hapugoda

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us