හරීන්, වැඩේ හරියන් නෑ නේද ?? Featured

Wednesday, 23 June 2021 14:11

ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය හරි වෙනස්ය. තම අභිමතයන් වෙනුවෙන් ඕනෑම නරියෙකුට සිංහ හම පොරවන්නට ලංකාවේ මාධ්‍ය හරි සමත්ය. මාධයෙන් එසේ පුම්බපු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් හරීන් ප්‍රනාන්දුය.

හරීන් යනු නිකම්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බවත් ඔහු ක්‍රියාශීලී ජවසම්පන්න තරුණ නායකත්වයක් බවත් එක්සත් ජාතික පක්ෂය නැවත අළු ගසා නැගිට ආවේ හරීන්ගේ එදා ඒ කැප කිරීම නිසා බවත් හරීන්ට නිර්භීත ඉතිහාසයක් උදාකර දීමට ඇතැම් මාධ්‍ය හරීන් ප්‍රනාන්දු පිම්ඹුවේ ඒ ආකාරයටය.

එහෙත් හරීන්ගේ අවාසනාවටද, සජබයේ අවාසනාවටද, රටේ අවාසනාවටද යැයි තේරුම් ගන්න බැරි වුණත් අද හරීන් ඉන්නේ අන්ත අසරණ තත්වයට ඇද වැටිලාය. ජවය බින්දුවටම හිඳිලාය. රිලා ජෝක්ස් විපක්ෂයට වී තමන්වත් ජොකර් කෙනෙකු කරගන්න තැනට හරීන් අද පත්ව තිබේ.
ඊයේ සජබය තවත් ජෝක් එකකට මුල පිරිය. සජබය ඊයේ පැවැත්වූ ඉන්ධන මිළ වැඩි කිරීමට එරෙහිව පැවැත්වූවා යැයි කියන උද්ඝෝෂණයේ මෝඩ නාඩගමේ කොටස් කාරයකු වී හරීන් සිටිනා හැටි දැක්කාම ඇත්තටම දුක හිතෙන තරම්ය. එයද නිකම්ම නිකන් රිළා ජෝක් එකක් වී උද්ඝෝෂණය අවසාන් විය. අඩුම තරමින් මේ උද්ඝෝෂණය සංවිධානය කළේ කුමකටද කියා හෝ රට්‍ටු තවම දන්නෙද නැත.

තමා හරි යැයි සිතන බොහෝ දෙනෙකුට වරදින තැන් ඇත. එහෙත් දැන් හරීන්ට වරදින්න පටන්ගෙන ඇත්තේ තැනක් නොතැනක් නැතිවය. වැරදි වැරදි වැටි වැටි නැගිටින මිනිසුන් මේ මිහිමත ඇත. වැටි වැටි නැගිටීම කෙසේ වෙතත් හරින් නම් තවම වැටුණු තැනමය.
තමා හරියැයි සිතන හරීන්ට මුලින්ම වරදින්නේ එජාපය අත් හැර සජබයට පය ගහපු තැනදිමය. දිරච්ච අත්තක පය තැබු හරීන් දැන් දැන් එය කඩා වැටෙති යැයි බියෙන් වෙනත් අත්තකට පය ගසන්න සුදානම් බවට කසුකුසුවක් ගියද ඒ ගැනද විශ්වාසයක් නැත.

මිනිසුන් පරිණත වෙන්නේ ,පාඩම් උගනින්නේ ජිවිතයේ විදින අද්දැකීම් අනුව වුවත් හරින්ට නම් එය අදාලම නැති ගානය. රෑ වැටුන වලේ දවල් පමණක් නොව රෑ වැටුන වලේ නිතර දෙවේලේම දැන් හරීන් වැටෙමින් ඇත. තවමත් රිළා ජෝක් විපක්ෂයේ එල්ලි සිටින්නේ ඒ නිසාය.
''කියවීමෙන් මිනිසා සම්පුර්ණ කරයි'' යන කියමන ඔට්ටු වන්නේ පොත් පත් කියවීමෙන් ලබන දැනුමෙන් මිස මුඛය සෙලවීමෙන් නොවන වග තමා හරි යයි සිතන හරීන්ට වැටහෙන්නේ නැත. කට නිසාම හරීන්ට වැරදුනු තැන් බොහොමයක් ඇත්තේ ඒ නිසාය.

පාස්කු ප්‍රහාරයේදී තමා වීරයෙකුට අදින්නට සිතා කට ඇරිය හරින්ට සිදු වුයේ ඇදගෙනම නාන්නය. හරීන් යනු දේශපාලනය තුළ නොදරුවෙකු බව තමා හරි යැයි සිතා කියන ලද බරපතල පිළිකුල් සහගත වචනවලින්ම එදා ඔප්පු විය. එදා තාත්තගේ කීම අසා කෙල පිඩක් බිම නොහෙලා හින් සීරුවේ පල්ලියට නොගොස් දිවි බේරා ගත් හරීන් අද ජනතාවගේ පීඩාවන් ගැන කතා කරන්නේය. ජනතාවට කළ පීඩනයට එරෙහිව යැයි පවසමින් විරෝධතාවන් වල නිරත වන්නේය. ඒ, වෙනස සැපදැයි අසමින් ඇත්තටම වෙනසක් අපේක්ෂාවෙන් එදා යහපාලනය නම් ජඩ පාලනයට එරෙහි වූ ජනතාවට සමච්චල් ද කරමින්ය.

හරිනම් හරීන්ගෙන් අප ඇසිය යුතු පැනය වන්නේත් හරීන් දැන් වෙනස සැපද ? කියාය. එජාපය සහ රනිල්ව අත්හැර ගිහින් බලාපොරොත්තු වූ වෙනස් සැප තමුන්ට ලැබුණාද ? කියාය.

-පංචාලි

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us