රට වහන්න බැහැ - සෞඛ්‍ය අංශත් පිළිගනී !  Featured

Monday, 29 November 2021 12:33

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් පවා ඕනෑම වෛරස් ප‍්‍රභේදයකින් මිය යා හැකි බැවින් කළ යුතුව ඇත්තේ ශීඝ‍්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් නමැති නව ප‍්‍රභේදය රට තුළට ඒම වළක්වාලීම හා එය එකිනෙකා අතර පැතිර යෑම නතර කිරීම පමණකැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිවයින පුවත්පතට පවසා තිබෙනවා.

එන්නත්කරණයෙන් සිදුකර ඇත්තේ වෛරසය පැතිර යෑම පාලනය කිරීම නොව එයින් මරණයට පත්විය හැකි අවදානම පාලනය කිරීමත් ,යළිත් වතාවක් රට වසා දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවත් මේ ආකාරයට රට වසා දැමීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය කඩාවැටී විශාල අර්බුදයකට රට පත්ව යෑම පමණක් බවත් හේමන්ත හේරත් මහතා පුවත්පතට අදහස් දක්වා ඇත.

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙන ‘ඔමික්‍රෝන්’ නව වෛරස ප‍්‍රභේදය වෙනුවෙන් අලූත් සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයිද කළ යුතුව ඇත්තේ මෙවැනි නව වෛරස ප‍්‍රභේද මෙරටට ඇතුළු වීමට තිබෙන ඉඩකඩ අසුරාලමින් රට තුළ මෙය පැතිර යෑමට නොදී කටයුතු කිරීම යැයිද ඔහු සදහන් කර තිබේ.

මේ වන විට වසංගතය තවත් භයානක මුහුණුවරකින් ලෝකයේ රටවල් වෙත ගමන් කරමින් සිටි. දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ B.1.1.529 නව ප්‍රභේදය, ඔමික්‍රෝන් (Omicron) යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පියවර ගනු ලැබුවේය. WHO නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙන පරිදි මෙම නව ප්‍රභේදය විකෘතීන් ගණනාවකින්ම යුතුය. එසේම අනෙකුත් ප්‍රභේද සමඟ සසඳන විට එහි අවදානම ද ඉහළ බව පෙනී ගොස් තිබේ. නව ප්‍රභේදය හඳුනාගැනීමත් සමඟම එය වාර්තාවන රටවල් 6කින් පැමිණෙන ගුවන් මඟීන්ට රටට ඇතුළුවීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ද පියවර ගත්තේය. එහෙත් එය හෙට දිනයේ මෙරටට පැමිණීය නොහැකියැයි කිසිවෙකුටත් පැවසිය නොහැකිය.

කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීම සඳහා දරණ ප්‍රයත්නය අතරවාරයේ නව ප්‍රභේද වාර්තා වීම පාලන තන්ත්‍රවල ද, විද්‍යාඥයන්ගේ හා සෞඛ්‍ය අංශවල ද දැඩි අවධානය යොමුව ඇති කාරණයකි. එමෙන්ම එය සමාජයේ ද විශාල අවධානයකින් කටයුතු කළ යුතු තත්ත්වයක් බව පැහැදිලිය. ඉන් අදහස් කෙරෙනුයේ වසංගතයට බියවීමට නොව එය මර්දනය කිරීම සඳහා සහාය දෙමින් පුද්ගලයන් වශයෙන් මෙන්ම සමාජය වශයෙන්ද වගකීම් සහගතව හැසිරීමය. මන්ද පවතින ආණ්ඩුවට පමණක් ජනතා සහය නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකිය. වසංගතය පාලනයට නතුව ඇති තත්ත්වයක් දිස්වීමත් සමඟ බොහෝ දෙනෙක් අතින් එකී වගකීම ගිලිහෙන සෙයක් දක්නට තිබේ. තවමත් මෙය සැහැල්ලුවෙන් සිතිය යුතු කාරණයක් නොවන බවට අනතුරු අඟවමින් අප්‍රිකානු නව ප්‍රභේදය දෙසට මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය, නව ප්‍රභේදය පිළිබඳ වාර්තා වීමත් සමඟ හදිසි රැස්වීමක් ද පැවැත්වූ අතර ඉන් පසු කියා සිටියේ මෙම ප්‍රභේදය අවධානයට ලක්විය යුතු බවය. එබැවින් වගකීම් සහගතව හැසිරීම පිළිබඳ කාරණය වැදගත්ය. කොවිඩ් - 19 යනු වසංගත රෝග තත්ත්වයක් වුවද එය හුදෙක් සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක්ම නොවන බව මේ වනවිට පැහැදිලිවී තිබේ. එය ඊට වඩා සංකීර්ණය. ගෝලීය වසංගතයක් ලෙස එය ආර්ථිකය ද ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම පාහේ පසුබෑමකට ලක්කිරීමට හේතුවී ඇත. ඊට ජීවිත බිලිනොදෙමින් ආරක්ෂාකර ගැනීමට ලෝකය දැරූ ප්‍රයත්නය වන එන්නත්කරණ්ය මෙතෙක් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට සමත්ව ඇති බව පැහැදිලිය.

මේ වනවිට ලෝක ජනගහනයෙන් 43%ක් පමණ එන්නත්කරණය සපුරා ඇත. බූස්ටර් එන්නත ද 3%ක් පමණ දෙනාට ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 62%ක් එන්නත්කරණය සපුරා සිටී. අවුරුදු 60ට වැඩි ජනගහනයට බූස්ටර් එන්නත ද ලබා දෙමින් පවතී. ශ්‍රිලංකාව එන්නත්කරණයේ ප්‍රගතිය ගත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ප්‍රශංසාවට ලක් වූ රටක් ලෙස සැලකිය හැකිය. එහි ප්‍රණාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවටත් , සෞඛ්‍ය අංශ ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් හිමිවිය යුතුය.

වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර රජය විසින් මේ මොහොත වන විටත් ගනිමින් ඇත. මෙතක් ලොව කිසිදු බලවතෙකු පවා නොදන්නා කාරණාව නම් මෙම වසංගතය තවත් කොපමණ මුහුණු ගණනකින් පැමිණේද ? යන්නත් ,මෙම වසංගතය සමග තව කොපමණ කාලයක් අපට ගැටීමට සිදුවනු ඇතිද යන්නත්ය. එම යථාර්තය මත කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට අඛණ්ඩව වසා තැබීම දිගින් දිගටම කළ නොහැකි බවත් ජනතාව මෙය තේරුම් ගෙන වගකීමෙන් යුතුව කටයුතු කිරිම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මෙරට ජනතාව තේරුම් ගත යුතුව ඇත.

මිනිසුන් සංචරණය සඳහා දක්වන නැඹුරුතාව ඉහළ යමින් තිබීම, සංක්‍රමණ රටා ආදිය ද මෙවැනි වසංගත එක් තැනක සිට තවත් තැනකට ව්‍යාප්ත වීමේ හැකියාව වැඩිකර ඇත. මෙවැනි කාරණා මඟින් පැහැදිලිව පෙන්නුම් කරමින් ඇත්තේ වසංගත සඳහා ඇති අවදානම වැඩිවෙමින් ඇති බවය. එබැවින් ඒවාට මුහුණ දීමට ඇති සූදානම ද වැඩිවිය යුතුය. වසංගත මුළුමනින්ම වළකා ගැනීමට එමඟින් හැකියාවක් නැති වුවද ඒවායේ බලපෑම් අවම කර ගැනීමට ඉන් හැකියාව ලැබේ.

පසුගිය කාලය තුළ අප දුටුවේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවේද ඇතැම් පිරිස් අනවශ්‍යය ගමන් බිමන් යමින් වෛරසය පැතිරීමට අනුබල දෙන ආකාරයේ ක්‍රියාවන්හි නරත වන ආකාරයකි. වගකීම් විරහිතව හැසිරෙන එවන් සමාජයක් තුළ ,ඇතැම් කුඨ දේශපාලන ප්‍රවාහයන් විසින් ආණ්ඩුවට ඇගිලි දිගු කරමින් බොරදියේ මාළු බාන්නට උත්සහ දරමින් සිටි. රට වසා දැමීම වසංගතයට ප්‍රයෝගික විසදුමක් නොවන බවත් ,එය තව දුරටත් සිදු කිරීමෙන් රටට ඇතිවන අයහපත් ප්‍රතිපලත් මේ වන විට සෞඛ්‍ය අංශ මැනවින් තේරුම් ගෙන ඇත. තවදුරටත් රට වසා දැමිය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙන්නේද එම නිසාය. මේ පිළිබදව මල්වතු පාර්ශවයේ අස්ගිරි මහනාහිමියෝද වරෙක අදහස් පළ කර තිබේ,

'' ඇතැම් පිරිස් අනවශ්‍යය ගමන් බිමන් යමින් වෛරසය පැතිරීමට අනුබල දෙන ආකාරයේ ක්‍රියාවන්හි නරත වන බවක් පෙනෙන්නට තිබෙ. එසේ වුවහොත් රට කොරෝනා විපතින් ගලවා ගැනීම අසීරුවනු වනවා. දිගින් දිගටම රට වසා තැබීම මගින් රටේ ආර්ථික ක්‍රියාවලියට අයහපත් බලපෑමක් සිදුවන නිසා ජනතාව වෙතින් රජයට හා සෞඛ්‍ය අංශවලට අවශ්‍යය සහාය ලැබිය යුතුයි. මෙම බැරෑරුම් අවස්ථාවේ සෑම දෙනාම ජාති, ආගම් බේද හා දේශපාලන වාසි ගැන නොතකා එකට එක්ව ක්‍රියා කළ යුතුයි. එසේ වුවහොත් පහසුවෙන්ම අපට කොවිඩ් පරාජය කර යළි ජයග්‍රාහී ලෙස නැගී සිටීම අපහසු වන්නේ නැහැ. මේ වන විටත් කොවිඩ් වලින් රට මුදා ගැනීමට රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැපවීමකින් ක්‍රියා කරමින් සිටිනවා. එම මහන්සියේ ප්‍රතිපල ලැබීමට නම් ජනතාව සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව කටයුතු කිරීම අතිශය වැදගත් ''

කොරෝනා වසංගතය සමස්ත ලෝකයටම පාහේ තවමත් පොදු තත්ත්වයකි. එහෙත් මේ කාරණා පිළිබද ඔබ තුළ ඇති අවධානය, සැලකිල්ල හා වුවමනාව මත අප රටක් වශයෙන් දැනට අත් කරගෙන ඇති ප්‍රගතිය තවදුරටත් රැකගැනීමට හා වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. අප වඩාත් තේරුම් ගත යුතු වැදගත් කාරණයනම්, කොවිඩ් 19 යනු හුදෙක් සෞඛ්‍ය අර්බුදයක්ම නොවන බවය. එහෙයින් හෙට දවසේද රටක් ලෙස ,ජාතියක් ලෙස එකට නැගී සිටීමට නම් පවතින රජයට සහය දෙමින් ඔබ ඔබේ යුතුකම ඉටු කරනු.

-පංචාලි

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us