පිටි - සීනි - සහල් මිල ඉහළ යෑම, වරදක් නිවැරදි කරගැනීමට අවස්ථාවකි.   Featured

Tuesday, 30 November 2021 12:59

ඊයෙ පෙරේදා තිරිඟු පිටි මිළ ඉහළ දැමීමක් සිදු කර තිබේ. ඒ අනුව පාන් සහ පිටි ආශ්‍රිත කෑම වර්ගවලද මිළ ඉහළ දැමීමට එම නිශ්පාදකයන් කටයුතු කර තිබේ. තිරිඟු පිටි නැතිනම් පාන් පිටි මිළ ඉහළ යාම සෘජුව පාලනය කිරීමට ශ්‍රී ලංකාව වැනි රටකට සිදු කළ නොහැක. ඒ තිරිඟු වගාවක් මේ රටේ සිදු නොවන බැවින් එම පිටි විදේශයන්ගෙන් ගෙන්වීමට සිදුව තිබෙන නිසාය. ඒ අනුව ලෝක වෙළඳපොළේ තිරිඟු පිට ඉහළ පහළ යන වාරයක් පාසා මෙරට තිරිගු පිටි මිළ ඉහළ පහළ යයි. එය සාමාන්‍ය තත්වයකි.

එහෙත් අසාමාන්‍ය තත්වය නම් මේ පිටි මිළ ඉහළ යාම ගැන හැමදාමත් දෝස්මුරය එල්ල වන්නේ ඒ වන විට පවත්නා ආණ්ඩුවටය. ආණ්ඩුවට යම් පාලනයක් කළ හැක්කේ මේ ආනයනික තිරිඟු පිටි සඳහා පනවා තිබෙන බදු මුදල අඩු වැඩි කිරීමක් හෝ ආනයන සමාගම් වලට රජයේ සහනාධාරයක් ලබා දී එම මිළ යම් තරමකට පාලනය කිරීමකි. එහෙත් රජයේ ප්‍රමුඛ ආදායම බදු මුදල වන විට ඊටද සහන සැලසීම සීමා වෙයි. රජයට සහනාධාර ලබා දීම සිදු කරන්න සිදු වෙන්නේ ද රජය පුරවැසියාගෙන්ම එකතු කරගන්නා බදු මුදලිනි. එම නිසා ආනයන භාණ්ඩ වෙනුවෙන් ලබා දෙන සහනාධාරයද අවසානයේ දරන්න වෙන්නේ පුරවැසියාටමය. මේ නිසා සහනාධාර ලබා දී ආනයනික භාණ්ඩ වල මිළ පාලනය කිරීමත් සැබැවින්ම පුරවැසියාට සහනයක් වන්නේ නැත. එය කොහෙන්හෝ ගෙවන්න සිදුවෙයි.

මේ දිනවල ලෝක වෙළඳ පොළෙහි තිරිගු පිටි මිල ඉහළ යෑම පසුගිය දශකය සලකා බැලු විට ඉහළම අගය ලෙස පෙන්නුම් කර තිබෙන බව අදාල සංඛ්‍ය ලේඛන පරික්ෂා කිරීමේදී පැහැදිලි වෙයි. විශේෂයෙන්ම පසුගිය මාස කිහිපයේදී සීග්‍ර මිළ ඉහළ යෑමක් වාර්තා කර ඇත. ඊට හේතුභූත වූ කරුණු කාරණ කිහිපයක්ම දකින්නට තිබේ. විශේෂයෙන්ම කාලගුණික තත්වයන් අයහපත් වීම මීට බලපා තිබේ. ලෝකයේ විශාලතම තිරිගු නිශ්පාදකයකු වන කැනඩාවේ එක පසක නියඟය සහ අනෙක් පසක ගංවතුර තත්වය හේතුවෙන් සිය නිශ්පාදන ධාරිතාවය සියයට 40 කින් පමණ අඩුවීමක් සිදුව තිබේ. එමෙන්ම අනෙක් විශාල නිශ්පාදකයකු වන අමරිකාවට ද බලපෑ නියගය නිසා බටහිර අමරිකාවේ තිරිඟු නිශ්පාදනය දශක දෙකකට පසු අඩුම අගය වාර්තා කර තිබේ. අමරිකානු වාර්තා අනුව සමස්ථයක් ලෙස වසර 14 කට පසුව අමරිකාවේ වාර්තා වූ අඩුම අස්වැන්න මේ වසරේදී වාර්තා කර තිබේ.

piti 1

එසේම රුසියාවේ නිශ්පාදන තත්වයද පසුගිය වසරට සාපේක්ෂව ටොන් මිලියන 11 කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇත. මෙලෙස නිශ්පාදනය අඩු වීම නිසා එම රටවල් තුළ තිරිගු පිටි සඳහා වන ඉල්ලුමට සැපයුමද අඩාල වී ඇත. මේ නිසා තිරිඟු පිටි මිල ඉහළ යැම සිදුව තිබේ. රුසියාව විදේශයන් සඳහා අපනයන කරන පිටි වෙනුවෙන් අතිරේක බද්දක් අය කර අපනයනයන් අධෛර්මත් කිරීමටද කටයුතු කර ඇත. එලෙස අපනයන බදු හඳුන්වා දීමත් සමඟ රුසියාවේ තිරිගු අපනයනය සියයට 34 ක තරම් විශාල ප්‍රමාණයකින් අඩු වීම සිදු විය. මේ තත්වයන් මත ලෝකය පුරාම තිරිගු පිටි වල හිඟයක් ඇතිවීමට හේතු විය. එමෙන්ම ඕස්ට්‍රෙලියාවේ අධික වර්ශාව මත අස්වනු නෙලීමට වී තිබෙන බාධාව නිසා එරට තිරිගු පිටි හිඟයක් මෙන්ම එරටින් වන අපනයනයන්ද ප්‍රමාද වී ඇත.

piti 2

මේ අතර ලෝක වෙළඳපොළෙහි ගෑස් මිළ ඉහළ යෑම යූරියා වැනි පොහොර වල මිළ ඉහළ යැමද තිරිගු වගාව හා එම කර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.පසුගිය වසරේ ඩොලර් 300 ක් වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක මේ වන විට ඩොලර් 1000 සීමාවද අභිබවා ගොස් ඇත.

මේ අතර කොවිඩ් වසංගත තත්වයන් නිසා ලෝක ආර්ථිකයට වූ බලපෑමද අඩු වැඩි වශයෙන් තිරිගු පිටි සම්බන්ධයෙන් ලෝක පරිමාණයේ හිඟයක් ඇති වීමටත් මිල ඉහළ යෑමටත් බලපැම් සිදු කර ඇත. ඉන්ධන මිල ඉහළ යෑම, නැව්ගාස්තු වැඩි වීම ආදියද වෙනත් රටවලට තිරිගු පිටි ලබා ගැනීමේදී වැඩි වියදමක් දැරීමට හේතු විය. වසංගතය සමඟ අනිවාර්යෙන්ම පැමිණෙන ආහාර හිඟ තත්වයන් නිසා තිරිගු පිටි සඳහා වන ඉල්ලුම ඉහළ යෑමත් සිදුව ඇති අතර මේ නිසාද අවශ්‍ය ඉල්ලුමට සරිලන නිශ්පාදනයක් නොවීම මත එයිනුත් මිල ඉහළ යෑමට බලපා තිබේ. මෙය අද ලෝක පරිමාණයෙන් මුහුණ දෙන බරපතල ගැටළුවක් වී ඇත. සහල් හැරුණු කොට ලෝකයේ වැඩිම පාරිභෝජන ආහාර ද්‍රව්‍යය වන්නේ තිරිඟුය. මේ නිසා මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන තිරිගු පිටි මිළ ප්‍රශ්නයට වඩා බරපතල ප්‍රශ්නයක් තිරිඟු පිටි ප්‍රධාන ආහාරමය මාධ්‍ය බවට පත් කර ගෙන සිටින රටවල් මුහුණ පාසීටි.

ශ්‍රී ලංකාව සිය ප්‍රධාන ආහාර මාධ්‍ය ලෙස සහල් (බත්) යොදාගැනීම නිසා තිරිගු පිටි ප්‍රශ්නය එතරම්ම ගැටළුවක් නොවූවත් මෙරට තුළ එක් වේලක් හෝ තිරිඟු පිට ආශ්‍රිත ආහාර මඟින් සපයා ගැනීමට පුරවැසියා පුරුදු වී ඇති නිසා මේ මිල ප්‍රශ්නය සැලකිය යුතු බලපැමක් මෙරටට ද සිදු කරයි. විශේෂයෙන් අඩු වියදම් හා පහසු ආහාරයක් නිසා සාමාන්‍ය ජනතාව අතර පිටි ආහාර ජනප්‍රියය. මේ නිසා මිළ ඉහළ යෑම පවත්නා කවර ආණ්ඩුවකට වුව බරපතල පීඩනයක් එකතුකිරීම වැලැක්විය නොහැක. එමෙන්ම ශ්‍රි ලංකාව වැනි රටවල පවතින පටු දේශපාලනික සංස්කෘතිය නිසා විපක්ෂ කොටස් තිරිගු පිටි මිල ආණ්ඩුවට එරෙහි දේශපාලනික අවියක් ලෙස පාවිච්චි කිරීම හැමදාමත් සිදුව තිබේ. පිටි මිල අඩු කිරීම, පාන් මිළ අඩු කිරීම මෙරට ජනප්‍රිය ඡන්ද පොරොන්දුය. මේවාට නිතරම පුරවැසියා ‍රැවැටීමද නිරන්තරයෙන් සිදු වෙයි.

සැබෑ තත්වයන් අවබෝධ කර නොගනිමින් මේ තිරිඟු පිටි මිළ පදනම් කරගෙන වන දේශපාලන රැවැටීම් වලට ගොදුරු වීමෙන් විශාල හානියක් පුරවැසියාට නොකරන නමුත් මෙහිදි සටහන් කළ යුතු විශේෂම දෙයක් නම් මේ අධික පිටි පාරිභොජනය නිසා තමන්ට සිදුවන සෞඛ්‍යමය හානිය ගැන පුරවැසියා නොදැන සිටීම ඔවුන් ගොදුරු වී සිටින විශාලම රැවැටිල්ල වන බවය.

අද ලෝකයේ ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක්ව ඇත්තේ බෝ නොවන රෝග සඳහා ලෝකයෙ අති බහුතරයක් ගොදුරු වීමය. ශ්‍රී ලංකාවේ තත්වයද එසේය. දිය වැඩියාව, හෘද රෝග, ආමාශ රෝග, අක්මා රෝග, පිලිකා ආදියට ප්‍රධාන හේතුව ගන්නා ආහාර වල ගැටළුවය විශේෂයෙන්ම පිටි සහිත ( පිෂ්ඨය) ආහාර, සීනි සහිත ආහාර සහ කෘතිම ආහාර මේ තත්වයට හේතු වී තිබේ. මේ අනුව පිෂ්ඨය සහිත ආහාර යනු මිනිසා බරපතල රෝගියකු කිරීමට හේතුවන බව හඳුනා ගෙන තිබේ. 'බත්' අයත් වන්නේ ද මේ ගොඩටමය. අධික පිෂ්ඨමය ආහාර ගැනීමේ පුරුද්දෙන් මිනිසා වැලැකේ නම් මේ බෝ නොවන රෝග රැසකින් බේරී සිටීමේ හැකියාව තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටකත් ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නය වී තිබෙන මේ නරක ආහාර පුරුද්ද නිසා මෙරට නොමිලයේ ලබා දෙන සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් රජයට ( ජනතාවගේ බදු මුදල්) විශාල වැය බරක් දැරීමට සිදුව තිබේ. මේ බරද මේ සමස්ථ පුරවැසියා මතමය. මේ තත්වයන් පුරවැසියා තේරුම් ගත යුතුය. නමුත් මේවා අලුත් දේවල් නොවේ. දශක ගනනාවක් තිස්සෙ මේ අයහපත් ආහාර පුරුදු අත් හරින ලෙස රාජ්‍ය මට්ටමින්ද රාජ්‍ය නොවන සංවිධාන ආදියෙන්ද නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම සිදු වෙයි. එහෙත් ඒ ගැන වගේ වගක් නැත. පිටි මිල ඉහළ යන විට කෑකෝ ගහන ජනතාව මේ අඩු මිළට තමන් වෙත කැඳවාගන්න උත්සහ කරන්නේ තමන්ගේම විනාශය බව තේරුම් ගත යුතුයි.

එපමණක් නොවේ. මෙරට සහල් පාරිභෝජනය පවතින්නෙත් අධි පාරිභෝජන මට්ටමකය. සාමාන්‍යයෙන් මිනිස් ශරීරයකට අවශ්‍ය නියමිත ප්‍රමාණයට ( වේලකට බත් ග්‍රෑම් 90ක් පමණ) ලබාගන්නේ නම් මෙරට අද නිපදවන සහල් ප්‍රමාණයෙන් තුනෙක් එකක අස්වැන්නක් හොඳටම ප්‍රමාණවත්ය. අනෙක් කාරණය නම් මේ අධි පාරිභෝජනය වෙනුවෙන් රජයට මෙම වී වගාව වෙනුවෙන් දැවැන්ත මුදලක් වැය කිරීමට සිදු වීමය. පොහොර සහනාධාරය, වාරි කාර්මාන්ත වෙනුවෙන්, වෙනත් ගොවි සහන වෙනුවෙන්, වී මිල දී ගැනීම, සහල් මිළ පාලනය ආදිය වෙනුවෙන් වාර්ශිකව රුපියල් බිලියන සිය ගනනක් ලාබ අපේක්ෂාවකින් තොරව වැය කිරීමට සිදුව තිබේ. මේ සියල්ලත් ජනතාවගෙන් එකතු කර ගන්නා බදු ආදායම් හෝ විදේශයකින් ණයට ගන්න මුදලක් විය හැකිය. මේ සියල්ලෙමත් අවසාන බර දැරීමට සිදු වන්නේ ජනතාවටමය.

මේ වැනි තත්වයන් යටතේ රාජ්‍යයක ආර්ථිකය කලමණකරණ කරගැනීම කියන්නේ අතිශය අසීරු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. අපි විසින් දැන දැනම හදාගන්නා ප්‍රශ්නයක් විසැඳීම වෙනුවෙන් තවත් ප්‍රශ්න තොගයක් හදාගැනීමක් මිස වෙනකක් සිදු වී නොමැත. මේ තත්නයන් වෙනස් කිරීමකින් තොරව රටක අභිවෘද්ධියවත් ජනතාවගේ යහපත් දිවි පැවැත්මක්වත් සිදු වන්නේ නැත.

මේ නිසා පිටි මිල ඉහළ යන විට, සීනි මිල ඉහළ යන විට, සහල් මිල ඉහළ යන විට මුග්ධ ලෙස කෑකෝ ගැසීම් වලින් වන්නේ මේ රට තව තවත් ආගාධයටම යෑම පමණය. සුද්දාගෙන් නිදහස් වූ පසුව අප නිතරම ගෙවුණු දශක හතක පමණ කාලයට සාප කරමින් සිටිමු. එදා මෙදාතුර සිටි පාලකයන්ට සාපකරමින් සිටිමු. එහෙත් එතැනින් ගැලවීමට අවශ්‍ය විසඳුම අප සොයාගන්නේ නැත. එහෙත් නැවත නැවතත් යෝජනා වන්නේත් ප්‍රශ්න උග්‍ර කරවන මරි මෝඩ, තක්කඩි, ප‍ටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් වන ඊනියා විසැඳුම්ය. ඒ නිසා විකල්ප විසැඳුම් සොයායෑමට ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සියළු දෙනා පෙළගැසිය යුතු කාලයක් දැන් එළඹ ඇති බව අවධාරණය කිරීම වරදක් නොවේ.

කොහොම නමුත් අපට තවදුරටත් මෙහෙම යන්න බැරි බව අද වුවමණාවටත් වඩා පැහැදිලිව තිබේ. වත්මන් පාලක පක්ෂය වුව සිය සෞභාග්‍යමත් දේශයක පොරොන්දුව ඉටු කරන්නේ නම් මේ තත්වයන් නිවැරදිව තේරුම් ගෙන නිවැරදි විසැඳුම් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. ඒවා ජනප්‍රිය තීන්දු තීරණ නොවීම කෙටිකාලීනව දේශපාලන තලයේදී අවාසිදායක් විය හැකි නමුත් දීර්ග කාලීනව එය මේ රටේ ජනතාවට අත්පත් කර දිය හැකි ඉහළ ජයග්‍රහණයක් වීම වැලැක්විය හැකි නොවේ.

 

-the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us