සාධාරණ කතාවක් ! සාධාරණ ඉල්ලීමක් !! Featured

Tuesday, 18 January 2022 13:07

ශ්‍රි ලංකාව සිය ඉතිහාසයේ දුෂ්කර පරිචේදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද දින සිදු කළ ප්‍රකාශය මෙම මොහොතේ වඩාත්ම සාධාරණ කතාවක් මෙන්ම මන්ත්‍රීවරුන් හමුවේ කළ ඉල්ලීම සාධාරණ බවත් පැවැසිය යුතුය.

මේ රටේ බහුතර ජනතාවක් විසින් රටේ පාලකයා විය යුතු බවට තීන්දු තීරණයක් ගෙන ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාත් පොදු ජන පෙරමුණ ප්‍රමුඛ එම සන්ධානය බලයට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට සංවර්ධනය කරන වැඩ පිළිවෙල වූ 'සෞභාග්‍යයේ දැක්ම' වැඩ පිළිවෙල ගැන ඉමහත් බලාපොරොත්තු තබාගෙනය. එහෙත් අවාසනාවකට ගෝලීය වසංගතයක් බවට පත් වී ගෝලීය අර්බුධයක් බවට පත් වූ කොරෝනා වෛරසයෙන් මෙරටටද බේරී සිටීමට හැකි වූයේ නැත. එහි අහිතකර ප්‍රතිපල සියල්ලම පාහේ අපටද භුක්ති විඳීමට සිදු විය.

එහෙත් රටේ හැකියාවන් සම්පත් සහ රටට දුන් දේශපාලන නායකත්වයත් නිසා සිදු වීමට නියමිතව තිබූ ව්‍යවසනකාරී තත්වයන් බොහොමයකින්ම ගැලවීමටද අපට හැකි විය. ලෝකයෙ සෙසු රටවල් හා සැසඳිමේදී ශ්‍රී ලංකාව වඩාත් සාර්ථක ලෙස මෙම වසංගත ප්‍රහාරය මර්දනය කර විය හැකිව තිබූ බරපතල හානි වලින් ගැලවීමට වාසනාවන්ත විය. කෙසේ නමුත් මේ වසංගතයට එරෙහි සටන නිසා රටේ සංවර්ධන ගමන දෙවසරක් තිස්සෙ අඩ පණ විය. බලාපොරොත්තු වූ ලෙස සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නැංවීමට බාධා එල්ල විය. එහෙත් ඒ යටපත් වෙන්න ඉඩ නොදී හැකි පමණින් දැඩි වෙහෙසකින් ඉදිරියට ඇදගෙන යාමටද හැකියාවක් ලැබිණි. රටේ මහජනතාව යම් පීඩනයකට අසු වූවද ඒ බරපතල නොවීය. ජනතාව මත එලල් වන පීඩාවන් අවම කිරීම වෙනුවෙන් අවදානම් සහගත අසීරු ආර්ථිකමය තීන්දු තීරණ ගෙන අතිශය වගකීම් සහගත ලෙස රජය කටයුතු කළ බව දැන් මේ මොහොතේ දී හෝ විරුද්ධ පාක්ෂිකයන් පිළිගැනීම නොකරන්නේ නම් ඒ තනිකර කුහක කමකි.

කෙසේ නමුත් වසර දෙකක් තිස්සෙ ගෙවුණු වඩාත් දුෂ්කර සමය දැන් අවසන් කඩ ඉමෙහි පවතී. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වන සංවර්ධන ගමන ඊට හිමි ජවයෙන් ඉදිරියට යෑම දැන් ආරම්භ කළ යුතුව තිබේ. එහෙත් එය පහසු නැත. වසර දෙකක් තිස්සේ වූ හානිදායක තත්වයන් නිසා පෙරට වඩා වෙහෙසක් දැරිය යුතුව ඇත. ආණ්ඩුවට මෙය තනියෙන් කරගෙන යෑමට වුව යම් තරමක හෝ හැකියාවක් තිබුණද බලාපොරොත්තු වන ඉලක්කයන් කරා නිශ්චිතව රට ගෙන යෑමට නම් ඊට සෙසු පාර්ශ්ව වල සහයෝගය අවශ්‍යය. සියලු පාර්ශ්වයන් පාර්ථනා කරන්නේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය නම් එසේ එකතු වී වැඩ කර රට වැටී තිබෙන වළෙන් ගොඩ දැමීම සඳහා සහයෝගය ලබා දීමෙන් කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු වන්නෙ නැත. බලය සඳහා කරන දේශපාලනික සෙල්ලම් කරන්න අවශ්‍ය භුමිය අප නිසි පරිදි ගොඩ නගා නොගත්තොත් හැමදාම එකිනෙකාට කුලල් කා ගනිමින් මේ වළ තුළටම වී සියල්ල විනාශ වී යන තෙක් සිටිය හැකිය. එතකින්ම රටත් සම්පූර්ණයෙන්ම වැළලී යනු ඇත.

අද බහුතර ජනතාව වෙතින්ද කෙරෙන එල්ලීම වී ඇත්තේ මේ අමාරු අවස්ථාවේදී සියලු දෙනා එක්වී රට වළෙන් ගොඩගැනීම විය යුතු බවය. ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ, ඉල්ලා සිටියේත් ඒ ඉල්ලීමමය. ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ මොන මොනවා හෝ සිදු කර අවශ්‍ය නම් ඇස් නිලංකාර කරන මල් වෙඩි සංදර්ශන මඟින් හෝ රට පවත්වාගෙන යෑමේ හැකියාව තිබේ. එහෙත් විය යුත්ත එය නොවේ. අවංකවම රට මේ තිබෙන තත්වයයෙන් ගොඩ දා ගැනීමය. ජනාධිපතිවරයා තමන්ගේ මූලික වගකීම තමන් රටට පොරොන්දු වූ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම බව අවධාරණය කළේ අවශ්‍යනම් විපක්ෂ පාර්ශ්ව වල සහය ලැබේ නම් එතැනින් එහාට වුව යෑමට ඔහුගේ ඇති සූදානමද ගැනද ඉඟියක් ලබා දෙමින් බවත් පැහැදිලිය.

මෙතුවක් කල් ජනාධිපති ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව විසින් සිදු කළ ප්‍රමුඛ කාර්යභාරයන් ගනනාවක් ගැනද අද පාර්ලිමේන්තුව හමුවේ ඔහු පෙන්වා දීමත් වැදගත් දෙයකි. ඒ අනුව වසංගතය හමුවේත් වසර දෙකක් නිකම්ම ගෙවී ගියේ නැති බව පෙන්වා දී තිබේ. වැඩ ගොඩක් කෙරී ඇත. එහෙත් ඉදිරියට විය යුතු දේ බොහොමයකි. කෙටිකාලීනවත් මධ්‍ය කාලීනවත් දීර්ගකාලීනවත් සැලසුම් කළ වැඩ පිළිවෙල සාර්ථකත්වයක කරා ගෙන යා යුතුය. එහෙත් ජනාධිපතිවරයාගේ වත්මන් ධුර කාලය අවුරුදු 3 කි. මේ නිසා ඔහුට මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම උදෙසා සාධාරණ අවස්ථාවක් කාලයක් ලැබීම විය යුතුය. ඒ වෙනුවෙන් තමන්ට සහයෝගයක් දෙන මෙන් ඔහු අවංකවම කළ ඉල්ලීම ගැන මහජන නියෝජිතයන් කල්පනා කළ යුතුය. දේශපාලන බලය උදෙසා කාකොට ගන්නවාට වඩා අවංක නායකයෙකුගෙ අවංක ඉල්ලීම ගැන ඔවුන් සිතා බැලිය යුතුය. ඊට අවශ්‍ය සාධාරණ සහයෝගයක් ලබා දීම විය යුතුය. ඒ මෙ මොහොතේ රටට , රට වැසියා වෙනුවෙන් කරන යුතුකමක් වගකීමක් ලෙස සැලකිය හැකි නම් මේ රට යහපත් අනාගතයක් සහිත සෞභාග්‍යමත් රටක් වීම නොවැලැක්විය හැකිවනු ඇත.

- the novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us