මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාලය ඉවර කළේ කවුද? ඉතිහාසයේ ලියවෙන නම කාගෙද? Featured

Tuesday, 18 January 2022 21:29

මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩ පිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් පවසා තිබෙනවා.

ඒ පිළිබදව ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කර සිටියා ,

''2019 දී, මා ජනාධිපති ධුරයට පත්වන විට රටේ ජනතාවට තිබුණ මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබෙනවා. මේ වනවිට අපේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ.

පාතාල උවදුර එදා බරපතල ලෙස ව්‍යාප්ත වී තිබුණා. බන්ධනාගාර බස් රථවලට වෙඩි තබා එහි ආරක්ෂකයින් සහ සිරකරුවන් මරා දැමූ යුගයක් අප දුටුවා. මහ පාරේ ගමන් කළ ජනතාව පාතාලකරුවන්ගේ සටන්වලට මැදි වී වෙඩි කා මිය ගිය යුගයක් අප පසු කළා. පසුගිය වසර දෙක තුළ මේ තත්ත්වය වෙනස් කරන්නට රජයට හැකි වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරත් එදා ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. රටේ තරුණ ප්‍රජාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙමින් සිටියා. පිටරටවලට පවා මත්ද්‍රව්‍ය සපයන කල්ලි ලංකාව තුළ බිහි වී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබුණා. මෙය කඩිනමින් පාලනය කිරීම සඳහා අප බලයට පත් වූ පසු පියවර ගත්තා. අපේ ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය නිසා අද මේ තත්ත්වය බොහෝ දුරට පාලනය වී තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩ පිළිවෙළ අප දිගටම ක්‍රියාත්මක කරනවා. අසල්වැසි රටවල බුද්ධි අංශත් මේ සඳහා අවශ්‍ය තොරතුරු අපට ලබා දෙනවා'' යනුවෙන් සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව මෑතකාලීන සංසිද්ධියක් නොවේ. 1930 ගණන් වන විට ශ්‍රි ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජාය. එදා ලෝකය පුරා අබිං තහනමක් ක්‍රියාත්මක කළ යුතු බව මතය දිනවීමට උදාහරණ ලෙස පෙන්වූයේද ලංකාවේ අබිං භාවිතයේ ප්‍රතිවිපාකයන්ය. එතරම්ම බරපතල ලෙස මෙරට අබිං භාවිතය පැතිර තිබිණි. එහෙත් ශ්‍රී ලංකාවේ මෑතක් වන තූරුම මත් ද්‍රව්‍ය උවදුරෙහි වඩාත් විනාශකාරී මත් ද්‍රව්‍ය වශයෙන් අබිං ගංජා සිගරට් සහ මත්පැන් සැළකිය යුතු වුවද, 80 දශකය මුල සිටම ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතයද ආරම්භ විය.

මත් ද්‍රව්‍ය ප්‍රශ්නයේ වර්ධනය සදහා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැළකිය හැක්කේ 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. මත් ද්‍රව්‍ය ප්‍රශ්නය නව මුහුණුවරකින් වර්ධනය වූයේත් තවත් ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් හට ගත්තේත් මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ අනියම් දායාද ලෙසයි. මේ යටතේ ආනයන හා අපනයන සීමාවන් ලිහිල් කිරීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාමත්, පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වලට අවසර ලැබීමත් නිසා ඒ අතර විවර වූ සිදුරු හරහා නොයෙකුත් නීති විරෝධී ජාවාරම් මඟින් මුදල් ඉපයීමට බොහෝ අය තැත් කරනු ලැබිය. මෙරට කළු ආර්ථිකයක් ගොඩනැගීමේ ආරම්භයද ඒ අනුව සිදුවිය.

ඒ අනුව අද වන විට මත්ද්‍රව්‍ය භාවිතය බරපතල සමාජ ප්‍රශ්නයක් වී ඇත. ශ්‍රී ලංකාවේ හෙරොයින් හා එවැනි විනාශකාරී මත්කුඩු සහ පෙති ආදියට ඇබ්බැහි වූ ප්‍රමාණය 50,000කට අධිකව සිටින බව පර්යේෂණ මඟින් හෙළි වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18-30ත් අතර වයස් කාණ්ඩයට අයත් බව ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි.

මත් ද්‍රව්‍ය භා‍විතය නිසා පැන නගින සමාජ ප්‍රශ්න අතර මානසික විකෘති‍ය, සිය දි‍‍වි නසා ගැනීම ප්‍රබල සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. එසේම සොරකම්, මංකොල්ලකෑම් මත් ද්‍රව්‍ය භාවිතය නිසා ඉහළ ගොස් තිබේ. මේ තත්වයන් මත පවුල් සංස්ථාව කඩාබිඳ වැටී විනාශ වූ හැටි ඇස් පනා පිටම දකින්නට තිබේ. මීට සමගාමීව මත්ද්‍රව්‍ය හා බැඳනු මහා පාතාල උවදුරකටත් රටට මුහුණ දීමට සිදුවිය. අද මේ අපරාධකාරී තත්වය පුද්ගලයාට පවුලකට සීමා නොවී සමස්ත සමාජයටම හානිදායක ලෙස බලපවත්වමින් තිබේ.

අනෙක් අතට රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් මෙම මත් ද්‍රව්‍ය ගැටලුව නිසා විනාශ වී යයි. විශේෂයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වාර්කෂිව හොරපාරෙන් පිටරට වලට ඇදී යයි. සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නඩත්තු කිරීමේ නිලධාරීන්ට වැටුප් ගෙවීම, නඩු කටයුතු සම්බන්ධ අධිකරණ වියදම් හා මත් ද්‍රව්‍ය නාශක කටයුතු සඳහා පොලීසියට හා ආරක්ෂක අංශ සඳහා වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම සමාජ ප්‍රශ්නයක් වන්නේය.

කොහොම නමුත් රටේ මත් උවදුර සහ පාතාල උවදුර බරපතල යුගයක්ව තිබු කාලවකවානු අප පසුකර ඇත. මේවා සමඟ හැප්පෙන්න බැහැ කියපු කාලය අවසන් වෙමින් තිබේ. ඊට හේතුව වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරට රට භාර ගැනීමය. එතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ම ජනතාවට පොරොන්දු වුයේ මත්ද්‍රව්‍ය උවදුරත් පාතාල උවදුරත් මෙරටින් අතුගා දමන බවය..රටට මහා පිළිලයක් වී තිබු මෙම උවදුරු මේ වන විට ඉතාම සුභදායි මට්ටමකට පාලනය කිරීමට ඉවහල් වුයේ ජනාධිපතිවරයා සෘජුව ගත් ක්‍රියාමාර්ගයි..එදා සිට මේ දක්වා රටේ ජාතික ආරක්ෂාවට වග වෙමින්ද ,අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම උදෙසා ජනාධිපතිවරයා ගේ උපදෙසින් ත්‍රිවිධ හමුදාව ගත් උත්සාහය සුළුපටු නොවේ..මේ රටේ වර්තමානය, ඉතිහාසයට එක් වන විට මත් උවදුර පාතාල උවදුර නැත්තටම නැති කළේ කවුද කියා ලියවෙන විට ඉහළින්ම ලියවෙනු ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාමයයි. ඒය අවිවාදිතය .

සත්‍ය ලෙසම ත්‍රස්තවාදය තුරන් කර රටේ සාමය හා සමෘද්ධිය ඇති කළ ලෙසම ශක්තිමත්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වය යටතේ රජය, සමාජයට හානිකරමින් මතුවන කවරාකාර හෝ තර්ජනයන් මැඩලීමට මේ ගන්නා උත්සාහයයත්, මේ වන විට ලබා ගෙන ඇති ප්‍රගතියත් රටක් ජාතියක් ලෙස පුරවැසියාගේ ප්‍රශංසාවට ලක් විය යුතුය.

-පංචාලි

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us