එන්නත්කරණ විරෝධයත් විපක්ෂයේ වැඩක්ද?

Saturday, 22 January 2022 15:12

පෙර අත් දැකීම් නොමැති තත්වයක් හමුවේ යම් ගැටළුකාරිත්වයන්ට මුහුණ දීමේ දී ඕනැම කෙනෙකු ප්‍රථමයෙන් අපහසුතාවයට පත් විය හැකිය. වැරදිම්, අඩු පාඩු, අලාබයන් ආදිය විය හැකිය. කොරෝනා වසංගතය චීනයෙන් ආරම්භ වන විට ඒ සෙසු රටවලට පැතිරෙයි හෝ එහි විනාශකාරිත්වය ගැන තක්සේරුවකට ඒම අපහසු විය.

ඇතැම් විශේෂඥයන් මෙය ලෝකය පුරාම පැතිර ලොවෙන් අඩක් පමණ මියගොස් මහා විනාශයක් විය හැකි බවට අනතුරු හැ‍ඟෙව්වත් එවැනි තත්වයක් ලෝකය බලාපොරොත්තු වුයේ නැත. නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව විසින් සහ ඕනෑම තත්වයක් පාලනය කරගැනීමේ දී නූතන මිනිසාට ඇති හැකියාව අනුව මේ අනතුරු හැඟවීම් බරපතල ලෙස නොගත්තේය. එය සාමාන්‍ය තත්වයකි.

එහෙත් මාස කිහිපයක් යන විට තත්වයෙහි බරපතල බව ලෝකයම තේරුම් ගත්තේය. වහ වහා වෛරසය පැතිර යාම වැලැක්වීමටත් වෛරසයට එරෙහිව ප්‍රතිකර්මයන් සෙවීමටත් උත්සුක විය. මේ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛව සංවර්ධිත රාජ්‍යයන් මෙන්ම අනෙකුත් යම් යම් හැකියාවන් ඇති රටවල් විසඳුම් සොයන්නට විය. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා ආර්ථිකයක් ඇති රටවලට සිදු වූයේ වෛරසය රට තුළට පැමිණීම වලක්වා ගැනීමට පියවරයන් ගැනීමත් රට තුළ පැතිර යාම වැලැක්වීමට මූලික වශයෙන් පියවර ගැනීමටය. එසේම රටේ සෞඛ්‍ය පද්ධතිය වෛරසයට මුහුණ දීම සඳහා සූදානම් කිරීමය. වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඖෂධයන් නිපද වීම වෙනුවෙන් කළ යුතු පර්යේෂණ කිරීමේ හැකියාව කුඩා රටවලට අවම විය. ඒ වෙනුවෙන් දැරිය යුතු බර පැන සහ අවශ්‍ය යාන්ත්‍රණයන් තිබුණේ නැත.

මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධනයේ සහ සංවර්ධිත රටවලින් ඉදිරිපත් කරන විසඳුම් කෙරෙහි බලා සිටින්නට සිදු විය. වෛරසයට පිළියම එන්නත් කරණය බව හඳුනාගෙන එන්නත් නිපදවීම ආරම්භ කිරීම සිදු විය. එහෙත් ලෝකයේ සමස්ත ජනගහනයට එන්නත් නිපදවා සෑම සියලු දෙනා මේ වෛරසයෙන් ආරක්ෂා කරගැනීම අභියොගාත්මක විය. කුඩා රටවලට මෙම එන්නත් ලබාගැනීම දුෂ්කර සහ කල් ගත වන ක්‍රියාවලියක් බවට පත්ව තිබිණි. ඒ අතරෙ හි ඒ ඒ රටවල් විසින් තම තමන්ට හුරු පුරුදු වෛද්‍ය ක්‍රම ඔස්සේ වෛරසය පාලනය කිරීම වෙනුවෙන් බොහෝ උත්සාහයයන් ගත්හ. අප රට සම්බන්ධයෙන් නම් ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ නිපද වූ විවිධ පැණි වර්ග,කසාය වර්ග ආදිය හඳුන්වා දෙනු ලැබීය. ඖෂධීය දුම් ඇල්ලීම වැනි දේ මෙන්ම ඇතැම් මිත්‍යා ජනක ක්‍රියාවන් හී යෙදීමටද ඇතැමුන් කටයුතු කළහ. ඒවා සිනහවට හෝ පහත් කොට ගර්භාවට ලක්කළ යුතු දේ නොවේ. මිනිස් ජීවිත තර්ජනයට ලක්ව තිබියදී එයින් මුදවා ගැනීමට ගත් මානුෂික ප්‍රයත්නයන්ය. ඇතැම් තක්කඩියන් මේ ජාවාරමක් කර ගැනීම සිදුවීම අනෙක් කතාවකි.

කෙසේ නමුත් වෛරසයට එකම විසඳුම එන්නත්කරණය බව ඉක්මනින්ම තහවුරු විය. මේ අනුව එන්නත් ලබා ගැනීම වෙනුවෙන් රජයට විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු විය. ඒ වකවානුව වන විට එන්නත් ලබාගැනීමේ දුෂ්කර තත්වයන් දඩ මීමා කරගෙන විපක්ෂ කොටස් එය ආණ්ඩුවේ අසාර්ථකත්වයක් ලෙස පෙන්වා දීමට උත්සුක වීමද දකින්නට ලැබිණි. ඇතැමුන් දින වකවානු පවා ප්‍රසිද්ධ කරමින් එන්නත් රටට ලැබෙන විට රටෙන බාගයක් මළවුන් අතර සිටිය හැකි බවට අනාවැකි පවා ලිවීය. ආණ්ඩුව එන්නත් ලබා ගැනීමට උනන්දුවක් නැති බවත්, ඊට මුදල් හෝ හැකියාවක් නැති බවත් ආදී අවලාද නගමින් විශාල ප්‍රචාරක ව්‍යපෘති පවා දියත් කර තිබිණි.

ඒ කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සෞඛ්‍ය අංශ විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ මිතුරු රාජ්‍යයන් ගනනාවක් සමඟ කතා බහ කරමින් ඒ ඒ මොහොතේ හැකි පමණින් මෙරටට එන්නත් ලබා ගැනීමට ක්‍රියා කළ අතර ඉන්දියාව චීනය රුසියාව අමරිකාව ජපානය වැනි රටවල් යම් මාත්‍ර ප්‍රමාණයක් නොමිලයේ ලබා දිමටත් ක්‍රියා කර තිබිණි. විපක්ෂය පාර්ශ්වයෙන් මේ වෙනුවෙන් සක්‍රීය මැදිහත් වීමක් සිදුකළ එකම දේශපාලනඥයා වෛරසය හේතුවෙන්ම අභාවප්‍රාප්ත මංගල සමරවීර පමණක් බව ඔහුට ගෞරව පිණිස ලියා තැබිය යුතුය.

කොහොම නමුත් විශේෂයෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත් වී එම රාජ්‍ය නායකයන් සමඟ කතා බහ කර මේ ප්‍රදානයන් ලබාගැනිමට කටයුතු කළේය. ඉන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම මත කුඩා රාජ්‍යන් වෙනුවෙන් එන්නත් ප්‍රමාණයක් ලබාදීමට කළ ක්‍රියාවලිය තුළත් මේ රටට එන්නත් ලැබිණි. පසුව එන්නත් නිපදවීම වේගයෙන් මහා පරිමාණයෙන් සිදු වෙන විට රටට අදාල සම්පූර්ණ එනන්ත් ප්‍රමාණය මුදල් ගෙවා ලබාගැනීමට හැකි විය. පළවෙනි මාත්‍රාව, දෙවන මාත්‍රාව පමණක් නොව තුන් වැනි බූස්ටර් මාත්‍රාව පවා මේ වන විට සම්පූර්ණයෙන්ම රටට ලබා ගෙන අවසන්ය. මේ වෙනුවෙන් රටේ විදේශ විනිමය ඩොලර් මිලියන ගනනක් වැය කෙරිණි.

කෙසේ නමුත් වෛරසය පැතිර යාමේ මුල් අවස්ථාවේදී රට බරපතල අවධානමක සිටියත් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අංශ ගත් කඩිනම් පියවරයන් නිසා අද වෛරසය වේගයෙන්ම පාලනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ඉහළින්ම වැජඹේ. එන්නත් කරණයෙන් ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව තිබේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියෙහි ඇති ශක්තිමත් භාවය නිසා ලෝකයේ එන්නත්කරණය සාර්ථකවම සිදු කරන අංක එකේ රටක් බවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දශක කිහිපයක් තිස්සේ පිළිගැනීමක් තිබිණි. මෙවර කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් මේ සෞඛය පද්ධතිය නියමා කාරයෙන් සක්‍රීයව ක්‍රියාත්මක වීම පැහැදිලිවම දකින්නට තිබු අතර ඒ හේතුවෙන්ම අද රට තුළ කොරොනා අවදානම බොහෝ සෙයින් ඉවත් කර ගෙන තිබේ.

එහෙත් අවාසනාවකට රජය ඉතා විශාල වෙහෙසක් පිරිවැයක් දරා මෙරටට අවශ්‍ය සියලූම එන්න්ත් ප්‍රමාණය මේ වන විට ගෙන විත් තිබුණද තව දුරටත් එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඒ මඟ හරිමින් සිටින විශාල පිරිසක් සිටී. අද වෙන විට දෙවන මත්‍රාවත් ලබා ගත් පිරිස සමස්ථ ජන ගහනයෙන් සියයට 70 ක් පමණ වන මිලියන 13 ක් ඉක්මවා ඇත්තේ යන්තමිනි. තුන් වෙනි මාත්‍රාව ගත් පිරිස තවමත් මිලියන 5 ඉක්මවා නැත. පළමු මාත්‍රාව පමණක් ගෙන සිටින පිරිසත් මිලියන 5කට වැඩිය. ඒ අනුව කිසිදු එන්නත් නොගත් පිරිසත් මිලියන 4 කට වඩා සිටිති.

මෙය කිසිසේත්ම හොඳ තත්වයක් නොවේ. අවශ්‍ය කරන එන්නත් මෙරට තුළ තිබියදී ඒ ප්‍රතික්ෂේප කිරීමෙහි විද්‍යාත්මක පදනමක් නැත.

එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රචාරය වී තිබි වැරදී අදහස් සහ මිත්‍යා විශ්වාස නිසා බොහෝ පිරිසක් තවමත් එනන්ත් ප්‍රතික්ෂේප කරමින් සිටී. සෞඛ්‍ය අංශ දිගින් දිගටම එන්නත් ලබාගැනීමේ වැදගත්කම එහි දැඩි අවශ්‍යතාවය පෙන්වා දුන්නත් ඒ නොපිළිගෙන සිටීමට දක්වන කුසීතකම් රට සම්බන්ධයෙන් තව දුරටත් අනතුරක් ඉතුරු කර තිබේ.

එන්නත් කරණය නිසා සිදුවන අවැඩක් අමුතු රෝගී තත්වයන් හෝ වෙනත් අයහපත් කිසිවක් ගැන පිළිගත හැකි සාධක නැත. නොගිනිය හැකි තරම් පිරිසකට අසාත්මිකතා ඇති විය හැකි නමුත් ඒවාද තාවකාලික බව අද තහවුරුව තිබේ. ඇතැම් බරපතල හෝ හඳුනානොගත් රෝගී තත්වයන් නිසා එනන්ත් කරණය හේතුවෙන් මරණයට පත් වූ දෙතුන් දෙනෙකු සිටීම අතිශය සාමාන්‍ය තත්වයකි. එවැනි රෝගී තත්වයන් ඇතිනම් ඒවා පෙර හඳුනාගෙන වෙනත් පිළියම් වලට යෑමේ හැකියාවද මෙරට තුළ තිබේ. එම තත්වයන් හමුවේ එන්නත්කරණයට භාජනය නොවී සිටීම මේ රට වෙනුවෙන් කරන ද්‍රෝහී කමක් කියා කීවාට වැරදි නැත.

කෙසේ නමුත් මෙහිදි අවධාරණය කළ යුතු දෙයක් තිබේ. මුල් කාලයෙහි මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ගෙනත් රට වැසියා මරණයෙන් බේරා ගන්නා ලෙස රජයට බල කරමින් කෑ කෝ ගැසූ විපක්ෂ ක්‍රියාකාරිකයන් කිසිවකුත් මේ වන විට මේ ගෙනවිත් තිබෙන එන්නත් ටික ගහගනින් කියා ජනතාවට බල කරන්නේ නැත. මේ විපක්ෂය රටේ ජනතාවට ඇත්ත වශයෙන් ආදරයක් තිබේ නම් මේ මොහොතේ විය යුත්තේ එන්නත් කරණයට යොමු වෙන ලෙස, ඒ මඟ හැර සිටින කොටස් වලින් ඉල්ලා සිටීමය. ඒ වෙනුවෙන් රජයට සහය වීමය. එහෙත් එය සිදු නොවේ. ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගීම වෙනුවෙන් බොරු බේගල් සමඟ කොරොනා වෛරසයද පාවිච්චි කළ විපක්ෂයට අවශ්‍යව තිබුණේ මේ වෛරසය නිසා මේ රට මුලුමනින්ම විනාශ වී යාම බලාගෙන සිටීමේ බලාපොරොත්තුවය. ආණ්ඩුව පන්නා දමා බලය අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවය. එය ඉතා පැහැදිලි තත්වයකි. මන්ද වෛරසය පැතිර යමින් තිබියදී, ගෙවල් වලට වී ආරක්ෂා විය යුතු තත්වයන් හමුවේ පවා ජනතාව පාරට කැඳවා විරෝධතා උද්ඝෝෂණ කරමින් මේ විපක්ෂය නැටූ නාඩගම් තවමත් මතකයේ ඇති බැවිනි. මේ අනුව ඇතැම් පිරිස් එන්නත්කරණයට නොපෙළඹීම විපක්ෂයේ කුමන්ත්‍රණයක් දෝ කියා සැකයක් ඇතිවීමද වැලැකවිය නොහැක.

කොහොම නමුත් අප අයැද සිටින්නේ රටත් ජනතාවත් අනතුරේ නොහෙලා, විද්‍යාත්මක නොවන, මිත්‍යා මති මතාන්තර අත් හැර තමන් වෙනුවෙන් වෙන්කර තිබෙන එන්නත ලබාගැනීම සියලු දෙනා සිදු කරන ලෙසය.

 

ඖෂධ සංස්ථාව මගින් මෙරටට ගෙන ආ සමස්ථ එන්නත් වර්ග.

ඇස්ට්‍රා සේනිකා 2,865,424

මොඩර්නා 1,500,000

ස්පුට්නික් 195,000

සිනෝෆාම් 26,000,000

ෆයිසර් 18,000,000

මේ වන විට එන්නත්කරණය

පළමු මාත්‍රාව 18,359,250

දෙවන මාත්‍රාව 13,879,863

තෙවන මාත්‍රාව 4,861472

- the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us