චම්පික කියන විදිහට එන්නත් ගත්තේ ඩොලර් 16 ගානෙද ?

Monday, 24 January 2022 12:59

ඊයේ දිනයේදී චම්පික රණවක ඔහුගේ අලුත්ම දේශපාලන සංවිධානයේ සංවත්සර උත්සවයේදී සිදු කළ කතාව අතර තුරදී මෙරට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තේ ඩොලර 16 බැගින් ගෙවා බව පවසා තිබිණි. එය වංචාවක් දූෂණයක් යැයි කියන්නට ඉන්දුනිසියාව එය ඩොලර් 1.6 කට ගත් බවත් ඔහු පවසා තිබිණි.

 

කෙසේ නමුත් ඉන්දුනිසියාව හෝ වෙනයම් රාජ්‍යයක් හෝ එම එන්නත ලබා ගත් මුදල ඒ ඒ රජ්‍යන් සමඟ වන අදාල සමාගම් පවත්වන වෙළඳ සම්බන්ධතා අනුව වෙනස් වේ. මිල තීරණය වන්නේ ඔවුනොවුන් අතර වන එකඟතා අනුවය. ඒ නිසා ඉන්දුනිසියාව 1.6 කට ගත්තා කියා අනෙක් හැම රටකටම ඒ මුදලට එන්නත ලැබිය යුතුයි කියා නීතියක් නැත.

එය කොහොම වෙතත් චම්පික කියපු අනෙක් කාරණව නම් ඩොලර් 16 බැගින් එන්නත් මිලදී ගැනීමක් සිදු කළ බවය. මෙම කරුණෙහි ද සත්‍යතාවයක් නැත. එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇ‍රැඹීමේ මුල්ම සාකච්ඡා ආරම්බ වන විටත් ඒ තුළ කොමිස් ජාවාරමක් සිදුවන බවට විපක්ෂය ප්‍රචාරයක් ගෙන යමින් තිබිණි. ඒ අනුව එන්නතක් ඩොලර් 16 ට 15 ට ආදී මිළ ගනන් වලට මිලදී ගන්නවාය යනුවෙන් අදහසක් ප්‍රචාරය කිරීමටද ඔවුන්ට හැකි විය. ඒ අතර ඇතැම් ආණ්ඩු පාර්ශ්වික පුද්ගලයන්ද මේ ආණ්ඩුව ඩොලර් 15 ගනනේ එන්නත් ගෙන එමින් ජනතාව වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන බවට වහසි බස් දෙඩීමද සිදුකරමින් තිබීම මේ ඉහළ මිළ ගනන් ගැන සමාජ මතයක් ඇතිවීමට තවත් ආධාරකයක් විය. කොහොම නමුත් එන්නත් මිලදී ගැනීමේ සත්‍ය මිල ගනන් හෙළිදරව් කිරීමක් ඒ මොහොතේදී රජය පාර්ශ්වයෙන්ද සිදු නොකෙරිණි. අදත් ඒ සම්බන්ධ නිල ලේඛනයක් ප්‍රසිද්ධ කර නැත. ඖෂධ නිශ්පාදන සමාගම් සමඟ වන එකඟතා නිසා එම මිළ ගනන් ප්‍රසිද්ධ නොකෙරුණු බවටත් කතාවක් විය.

කොහොම නමුත් මෙම මිළ ගනන් පිළිබඳ යම් පිළිගැනිමක් සහිත ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ මේ එන්නත් මිළදී ගැනීමේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වූ ඖෂධ නීතිගත සංස්ථාවේ එවකට සිටි සභාපති ස්නායු වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසිංහ මහතාය. ඔහු පසුගියදා සිය ෆේස්බුක් ගිණුමෙහි ද සටහනක් යොදමින් මේ මිල ගනන් ගැන යළි අවධාරණය කිරීමක් සිදු කර තිබිණි. ඒ මෙසේය.

'....හෙට 2022 ජනවාරි 9 වැනිදා.

දැනට වසරකට පෙර 2021 ජනවාරි 18 දී ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ උපදෙස් පරිදි සියලුම කොවිඩ් එන්නත් මෙරටට ආනයනය කිරීමේ වගකිම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පවරනු ලැබුවා.

▪️හෙට දිනය වනවිට ශ්‍රීලංකාවට අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණයත් බූස්ටර් එන්නතට ලබාදීම පිණිස අවශ්‍ය සියලු එන්නත් ප්‍රමාණයත් මෙරටට ලැබී අවසන් වෙනවා.

මෙම මුළු මෙහෙයුම සම්පුර්ණයෙන් අවසන් කිරීම රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් වසරකට අඩු කාලයකදී කරනු ලැබුවා.

ඖෂධ සංස්ථාව මගින් මෙරටට ගෙන ආ එන්නත් වර්ග.

ඇස්ට්‍රා සේනිකා එන්නත 2,865,424
මොඩර්නා 1,500,000
ස්පුට්නික් 195,000
සිනෝෆාම් 26,000,000
ෆයිසර් 18,000,000

මෙම මුළු මාත්‍රා ගණනින් මිලියන 6.8 අපට ලැබුණේ ආධාර වශයෙනි වැඩිම ආධාර ප්‍රමාණය චීන රජයෙනුත් ජපාන හා ඇමරිකානු රාජ්‍ය මගින් මෙන්ම ඉන්දියානු රජය මගින්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද ආධාර ලෙස එන්නත් ලැබුණා.

එක එන්නත් මාත්‍රාවක් සඳහා අප වියදම් කෙළ මුදල ඩොලර් 5 සිට ඩොලර් 7.5 අතර පරාසයක පැවතුනා..

ප්‍රමිතිය.

ස්පුට්නික් එන්නත හැර සියලු එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද නිෂ්පාදන සමාගම් වලින් එම නිෂ්පාදනාගාර වලින්ම ලබාගැනීම මගින් ප්‍රමිතිය 100% තහවුරු කරනු ලැබුවා. මිට අමතරව ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥයින් සියලු දත්ත පරීක්ෂාවෙන් පසු පමණක් එන්නත් සඳහා අනුමැතිය දුන්නා.

මේ දක්වා එන්නත් මගින් අසාමාන්‍ය කිසිදු සංකූලතාවක් අප රටේ හෝ ලෝකයේ ඇතිවී නැහැ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධනය හා අප වසංගත රෝග අංශයත් තහවුරු කරනවා.

ආනයන කළ එන්නත්වලින් බහුතරය ෆයිසර් හා සිනොෆාම් එන්නත් වන අතර ෆයිසර් එන්නතේ මුළු වියදම ලෝක බැංකුවේ ණය ආධාරයකින් ගෙවන ලද අතර ආසියානු සංවර්ධන බැංකුව මගින් සිනොෆාම් එන්නත සඳහා ගෙවීම් කරන ලදී,
මෙම බැංකු දෙක සමග දුෂණ හා අල්ලස් වැළක්වීමේ එකඟතාවලට අප ගිවිසුම් ගත වූ අතර ඔවුන් අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම පරික්ෂාකර අපගේ සියලු ක්‍රියාන්විතයන් විගණනය කිරීම අවසන්කර සැහීමකට පත්වීමෙන් පසු මෙම මුදල් අනුමත කරනු ලැබුවා.

මේ අනුව මෙම එන්නත් මිලදී ගැනීමේ මුළු ක්‍රියාන්විතයම ජාත්‍යන්තර නිර්ණායක වලට එකඟව විනිවිද භාවයෙන් සිදුවූ බව තහවුරු කරනු ලැබුවා....."

චම්පිකට අනුව මේ කියන මිල ගනන් වැරදි විය යුතුය. නමුත් අවශ්‍ය කෙනෙකුට මෙය පරික්ෂාකර බලා නිවැරදි තොරතුරු ලබාගත හැක. ඖෂධ සම්බන්ධයෙන් ලෝක පරිමාණයෙන් මහා ජාවාරමක් ක්‍රියත්මක වන බවත් ඇත්තය. එන්නත් සම්බන්ධයෙන්ද එම ජාවාරමේ මැදිහත්වීම් සිදුවීමක් වෙනු ඇතෙයි කල්පනා කිරීමද සාධාරණය. එහෙත් මෙම එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලියට ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් ව ඔවුන්ගේ දැඩි අධීක්ෂණයන් යටතේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වන සාකච්ඡා ආදිය සිදුවෙමින් ඒ සියල්ල විනිවිධභාවයෙන් සිදුවිය. ඒ ගැන වෛද්‍ය ගුණසේන මහතා ද සහතික වෙයි.

ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේදී ඔවුන්ට මුහුණ දෙන්න වන විශාලම අභියෝගය වන්නේ විපක්ෂ කණ්ඩායම් විසින් ආණ්ඩුවට එරෙහිව ගොඩනගන බොරු අවලාද මඩ ප්‍රචාරයන්ට එරෙහිව පිළිතුරු බැඳීමය. ඒවා නොතකා හැරීම සිදුවන විට විපක්ෂ මතය ට වැඩි ඉඩක් ලැබී ඒවා සමාජය තුළ තහවුරු වන අදහස් බවට පත් වෙයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදුව ඇති ප්‍රධාන දුර්වලතාවයක්ව පවතින්නේ මේ බොරු බේගල් වලට එරෙහිව සත්‍ය කරුණු කාරණ මඟින් පිළිතුරු දීමට උත්සුක නොවීමය. චම්පිකලා අද බොරු බේගල් වලින් ප්‍රයෝජනය ගන්නේ ඒ නිසාය. අද රට මහා ආගාධයක් පාමුල සිටින බවට සංඛ්‍යා ලේඛන දත්ත ආදිය පාවිච්චි කරමින් ගොඩනගන මහා තර්ක ඇත්ත වශයෙන්ම පවතින සත්‍යයම නොවේ. රට අර්බුදයන් ගනනාවක් ගිලී තිබෙන බව ඇත්තති. එසේ කියා එම අර්බුධ හමුවේ රට විනාශ වී යෑමට ආණ්ඩුව ඉඩ හැර ඇතැයි පැවැසිය හැකි නොවේ. චම්පිකලාගේ ඝෝෂාකාරී කයිකතන්දර ඇතුලේ මේ වන විට ආණ්ඩුව මේ අර්බුද ජය ගැනීම වෙනුවෙන් කරමින් පවතින සාධනීය දෙ ගැන කතා කරන්නෙ නැත. ඒ මඟ හැර මහා රකුසන් මවමින් අපි ඉවරෝයි ගාමින් බෙරිහන් දීමකට වඩා දෙයක් මේ කතන්දර ඇතුලේ නැත.

සිහි බුද්ධියක් ඇති ජනතාව කල්පනා කළ යුත්තේ රටේ පවතින අර්බුද හමුවේ එයින් ගොඩ ඒම සඳහා වත්මන් පාලකයන් ගන්නා පියවරයන් සමඟ එකතුව වැඩ කිරීම ගැනය. මේ පාලනය පෙරළා දමා වෙනත් පාලනයක් ගෙන එමෙන් විසඳුම් ලැබිය හැකි බව කිසිවකු කල්පනා කරනවා නම් ඒ සංසාරික මෝඩ කමක් වෙනු ඇත. මන්ද එහෙම මාරුවෙන් මාරුවට පාලකයන් පත් කරගෙන වූ සුගතියක් මෑත ඉතිහාසයේ නැති නිසාය. හැමෝම ගියේ එකම පාරකය. එහෙත් ඊට වෙනස්ව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන ක්‍රම වේදය සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බ්ට ගොස් නව ක්‍රමවේදයන් ඔස්සේ රට ගොඩනැගීමට වෙර දැරීමක් ප්‍රකට කර තිබේ. එහෙත් ඒ අසීරු ගමනකි. ඔහු ඉල්ලා සිටිනේ දේශපාලනය විසින් අවුල් වියවුල් බවට පත්කර තිබෙන රට එයින් මුදවා පැහැදිලි ප්‍රතිපත්ති ක්‍රම්වේදයන් මත, විනයක් නීතියක් රීතියක් මත කාටත් සාධාරණ යුක්ති සහගත පාලනයක් ගොඩනැගිය යුතු බවය. එහෙත් රටේ අවාසනාවකට හෝ අටුවම් බැස තිබෙන රාජ්‍ය යාන්ත්‍රණයෙනුත් ඒ සඳහා හොඳ සහයෝගයක් හිමි නොවන බවත් පෙනෙන්නට තිබෙන අතරම පුරවැසියාගෙන්ද ඇත්තේ අලස කමක් බව පෙනේ. එවැනි තත්වයන් හමුවේ මොන දෙයියන්වහන්සේ ආවත් මේ රට නම් ගොඩගනු නොහැක. විපක්ෂය කරන බාධා කිරීම් හමුවේ තත්වයන් තවත් අසීරුය. ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව හමුවෙත් මන්ත්‍රීවරුන්ගෙන් සහයොගය ඉල්ලා සිටියේ රට ගොඩනැගුමට මිස එයින් ප‍ටු දේශපාලන වාසියක් අත් පත් කරගැනීමට නොවේ. ජනාධිපතිවරයාට ජය ගන්න පක්ෂ දේශපාලන ඉලක්ක නැත. ඔහුගේ එකම දේශපාලනය රට ගොඩනැගුම පමණි. ඊට අප වගකිවයුතු පුරවැසියන් ලෙස සහයෝගය දිය යුතුය. නැතිනම් චම්පිකලාගේ අනුරලාගේ සජිත්ලාගේ බොරු බේගල් සමඟ රටත් විනාශ කරගෙන වැළලීයාම පමණක් සිදු වෙනු ඇත.

- the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us