එන්නත්කරණයේ වසරක ජයග්‍රහණය Featured

Friday, 28 January 2022 23:50

අභියෝගයක් එන විට ඒ අභියෝගයට මුහුණ දීම විනා ඉන් පලා යෑම හෝ ඒ මඟ හැරීම හෝ රාජ්‍ය පාලනයේදී සිදු නොවිය යුත්තකි. මන්ද රාජ්‍ය පාලනය ජනතාව විසින් පවරන තැනැත්තා හෝ කණ්ඩායම ජනතාව හමුවේ එල්ල වන කවර හෝ අභියෝගයක් ජනතාව වෙනුවෙන් බාර ගැනීම නොවේ නම් එවැනි රාජ්‍ය පාලනයකින් විය හැක්කේ රාජ්‍යය නිකරුනේ විනාශ වී යෑමය.

වතමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කර වැඩි දිනක් යන්නට මත්තෙන් කොරෝනා වසංගතය ලෝකයම ආක්‍රමණය කරන පුවත සැලවිය. එහෙත් ඒ මොහොතේදී වසංගතයේ තරම ගැන ලෝකයටම හරි හමන් අවබෝධයක් නොතිබීම මත වඩා වේගයෙන් වෛරසය ලෝකය පුරා පැතිරීම සිදු විය. පසුගිය 2020 වසරේ ජනවාරි මාසය වන විට මෙරටින් ප්‍රථම කොරොනා වෛරස් අසාදිතයා වාර්තා විය. වෛරසය පැතිරී යාම වැලැක්වීමේ පියවරයන් ගැනිම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ වෛරසය පැතිරීම ආරම්බ වූ චීනයේ අත්දැකීම වැඩි මනත්ව ලෝකයේ සෙසු රටවල් විසින් අනුගමනය කළ පියවරයන් අනුව ඒ මොහොතේ ශ්‍රී ලංකාවට ඇගේ හැකියාවන් මත ගත හැකි පියවරන් ගනනාවක් ගනු ලැබීය. එහෙත් ඒවා එතරම් සාර්ථක නොවුණු බව පිළිගත යුතුය.

විශේෂයෙන්ම වෛරසය සම්බන්ධයෙන් පැවැති විවාදාත්මක තත්වයන් සහ කිසිදු ඖෂධයක් නොමැති වීම මත බොහෝ වැරදීම් සිදු විය. මේ නිසා සිදු වූ හානියද විශාලය. එම තත්වය රාජ්‍ය පාලනයේ අසමත් භාවය බට ඇතැමුන් චෝදනා එල්ල කළද පැවැති ව්‍යාකූලත්වයන් හමුවේ රටක් ලෙස අපට ගත හැකි පියවරයන් සීමා වී තිබිණි. කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස රට වසා තැබීමෙන් වන බරපතල ආර්ථික ගැටලුව ඒ වන විටත් රජය විසින් වටහාගෙන තිබිණි. එහෙත් වෛරසයේ ප්‍රබලතාවය හමුවේ රට වසා තැබීමේ පියවර වෙත යන්නට සිදු විය.. මේ තත්වය මත අද දවසේ ද ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන බරපතල අසීරුතාවයට හේතු විය. කෙසේ නමුත් ඒ අවදානම්කාරී පියවරයන් වෙත රජයට යන්න සිදු වූයේ සියල්ලට පෙර මනුෂ්‍ය ජීවිත බේරාගැනීම වැදගත් කොට සැලකූ බැවිනි.

වෛරසය මැඩ ලීමට අවශ්‍ය වෛද්‍ය විද්‍යත්මක විසඳුම් සෙවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රධානව ලෝකයෙ ප්‍රබල රාජ්‍යයන් හා ඖෂධ නිශ්පාදන සමාගම් හී විශේෂඥයන් පර්යේශන පිට පර්යේශනයන් කරමින් වෙහෙසී අවසානයේදී එන්නත්කරණය විසඳුම ලෙස ඉදිරිපත් කෙරිනි. එහෙත් එම එන්නත් නිශ්පාදනය හා එය ලෝකය පුරා බෙදාහැරීම ගැටළුකාරිත්වයන් මත ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් වෙත මෙය ලබාගැනීම දුෂ්කර විය.

මේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානින් වෙහෙසුන තරම තවම අමතක වීමට කාලයක් ගත වී නැත. කොහොම නමුත් ඒ වෙහෙසේ ප්‍රතිපලය ලෙස මෙරටට එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ඉන්දියාවෙන්, චීනයෙන් මූලික වශයෙන් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව මෙරට ජනතාව එන්නත් කිරීමේ වැඩ සටහන අදින් හරියටම වසරකට පෙර එනම් 2021 ජනවාරි 29 වෙනිදා ඇරැඹිණි.

vaccination

එදා සිට අද දක්වා මෙරට ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත් කිරීම සිදුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේය වුයේ ජනගහනයෙන් සියයට 70 ක එන්නත් කිරීමට හැකි වීම මෙම වෛරසයේ තිබෙන අවදානමෙන් මිදිය හැකි බවටය. එම ඉලක්කය ආසන්නයට මේවන විට ශ්‍රිලංකාව පැමිණ තිබේ.
මුල් අවස්ථාවේදී එන්නත් මාත්‍රා දෙකක් මේ වෙනුවෙන් සෑහෙනු ඇති බවට ගනන් බලා තිබුණද මේ වන විට බූස්ටර් එන්නතක් ලෙස තුන් වන මාත්‍රාවද නිර්දේශ වී ඇත.

කොහොම නමුත් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගෙන මාස තුනක් සම්පූර්ණ කළ පුද්ගලයන් 30,253ක් පෙරේදා (26) දින බූස්ටර් එන්නත් ගැනීමත් සමඟ මෙරට ජනගහනයෙන් 5,018,241ක් කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාව පූර්ණ කළ බව වාර්තා විය.

පළමු මාත්‍රාව මෙරට ජනගහනයෙන් 16,550,296ක් ද, දෙවැනි මාත්‍රාව 13,891,828ක් ද ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබිණි.

කොවිඩ් මර්දනය සඳහා වන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 2,898,224ක් මේ වන විට ජනතාවට දී ඇති අතර, ඉන් 1,479,631ක් පළමු මාත්‍රාව ද, 1,418,593ක් දෙවැනි මාත්‍රාව ද ගෙන තිබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා 314,922ක් දී ඇති අතර, ඉන් 159,110ක් පළමු මාත්‍රාව ද, 155,812ක් දෙවැනි මාත්‍රාව ද ලෙස දී තිබේ. මොඩර්නා එන්නත් මාත්‍රා 1,592,162ක් දී ඇති අතර, ඉන් 804,801ක් පළමු මාත්‍රාව ද, 787,361ක් දෙවැනි මාත්‍රාව ද ලෙස දී ඇත. එසේම තුන්වන මාත්‍රාව ද සමඟ සමස්ථ ජනතාවටම අවශ්‍ය එන්නත් මාත්‍රා සියල්ල මේ වන විට මෙරටට ගෙනවිත් අවසන්ය.

vaccination 2

එනනත් කරණය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ නම් එන්නත් ලබා ගැනීමත් අතිශය දුෂ්කර අවස්ථාවක පසු වූ ශ්‍රි ලංකාව පළමු එන්නත් තොගය ලැබීමත් සමඟම එය ඉතා වේගවත්ව සැලසුම් සහගතව සිදු කරමින් එන්නත් කරණය සම්බන්ධයෙන් ලෝකයේ වේගවත්ම රටවල් දහය අතරට පැමිණීමට සමත් වීමය. අද වන විට එන්නත් මාත්‍ර තුනම සම්පූර්ණ වශයෙන් ලබා දි ඇති පළමු රාජ්‍යය බවට පත්ව ඇත්තේ කියුබාවය. එම රාජ්‍යය විසින් තමන්ගේම එන්නත් කිහිපයක්ම නිශ්පාදනය කිරීමට සමත් වීම මත එම ජයග්‍රහණය ලබා තිබේ. දෙවනුව ආර්ජන්ටිනාව සිටින අතර ඊට පසු පසින් දකුණු කොරියාව මොල්ටාව ආදී රාජ්‍යයන් කිහිපයක් පවතී. එම කාණ්ඩයෙන් පසුව ශ්‍රී ලංකාව පසුවේ. එන්නත් මාත්‍ර තුන සම්පූර්ණ කිරීම ප්‍රතිශයන් වශයෙන් සියයට 164 සීමාවේ ශ්‍රි ලංකාව පසුවේ. කියුබාව 299 කි. අර්ජන්ටිනාව 241 කි ආදි වශයෙන් මෙම ප්‍රතිශත ගනනයකර තිබේ.

කොහොම නමුත් රටේ සමස්ථ ජනගහනය එනනත් කිරීම සම්බන්ධයෙන් අපට තව දුර ඉලක්කයක් තිබේ. මෙය ජය ගැනීම වෙනුවෙන රජයට කළ හැකි සියල්ල සිදු කරමින් තිබුණත් ඒ සඳහා ජනතාවගෙන් ලැබෙන සහයෝගයෙහි අඩුව නිසා මෙය තව දුරටත් ප්‍රමාද වෙමින් පවතින බව පැවැසීම වරදක් නොවේ. විශේෂයෙන්ම එන්නත් කරණය සම්බන්ධයෙන් ඇතැමුන් පතුරුවන මිත්‍යා මත නිසා බොහෝ පිරිසක් එන්නත් කරණය මඟ හැරීම සිදු කරමින් තිබේ. විශේෂයෙන්ම තුන්වන මාත්‍රාව ලබාගැනීම ගැන උනන්දුව බොහො සෙයින් අඩුවී තිබේ.

මේ වන විට ලෝකය පුරාමත් තහවුරු කර ඇති විද්‍යාත්මක සත්‍යයන් අනුව එන්නත් ලබා ගැනීමෙනි සිදු වන වෙනත් බරපතල රෝගීමය තත්වයන් නැත. තාවකාලිකව සිදුවන සංකුලතා වලින් සිදුවන දීර්ගකාලීන හානියක් ගැන ද වාර්තා නැත. මේ නිසා වෛරසයට නිරාවරණය වී මරණීය අවදානමක් හෝ බරපතල ලෙස රෝගයට ගොදුරු වනවාට වඩා එන්නත් කරණයට ලක්වී සුලු රිදුමකින් ජීවිතය ආරක්ෂා කර ගන්නවාද යන්න තීරණය ගැනීම විය යුතුය. එන්නත කෙරෙහි අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම තමනුත් තමන්ගේ ආදරණීයයනුත් රටත් සමාජයත් අනතුරේ හෙලීමක් බව මේ එන්නත් කරණය මඟ හැර සිටින පිරිස් තේරුම් ගත යුතුය. වගකිවයුතු පුරවැසියකු ලෙස තමන්ගේ සහ අනෙකාගේ ජීවිත රැකගැනීම සඳහා පෙරට පැමිණිම විය යුතුය. එක අතකින් මේ රට රැක ගැනීමේ මෙහෙයුමක් ලෙස සැලකුවාට වරදක් නැත.

වත්මන් ආණ්ඩුව දැඩි වෙහෙසක් දරමින් රටත් ජනතාවත් සම්බන්ධයෙන් අසීරු තීන්දු තීරණ රැසක් ගනිමින් ආණ්ඩුවේ පැවැත්ම පවා අවදානමෙහි හෙලමින් වසංගතය මර්දනය සඳහා ගත් මේ සාර්ථක පියවරයන් සම්බන්ධයෙන් රටේ සෑම සියලු පුරවැසියන්ගේ අගය කිරීමකට ලක් විය යුතුය. එය පක්ෂ පාට ජාති ආගම් කුලමල බේද කිසිවක් නැතිව සිදු කළ යුතු අගය කිරීමකි. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වෙනුවෙන් ගත් පියවරයන් ඉතිහාසයෙ රන් අකුරෙන් ලියවෙන යුග මෙහෙවරක් වනවාට සැක නැත. අභියෝගයක් එන විට ඒ අභියෝගයට මුහුණ දීම විනා ඉන් පලා යෑම හෝ ඒ මඟ හැරීම හෝ රාජ්‍ය පාලනයේදී සිදු නොවිය යුත්තක් බව ඔහු ප්‍රායෝගිව පෙන්වා දී ඇත.

 

- the novemberist

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us