බිත්තර වලින් ගහලා අනුරව මරන්න හදනවද?  

Monday, 31 January 2022 14:38

ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ ජීවිතයට තර්ජනයක් ඇති බව අද ජවිපෙ මාධ්‍ය හමුවකදී විජිත හේරත් විසින් හෙළිදරව් කරණ ලදී. එහෙම මොකුත් වුණත් එහි වගකීම ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ නිශ්ශංක සේනාධිපති සහ ප්‍රසන්න රණතුංගලා බාර ගත යුතු බවත් පවසන ලදී.

එහෙම කතාවක් විජිත කිව්වෙ ඊයේ අනුර කුමාරට එල්ල වූ කුණු බිත්තර ප්‍රහාරයේ වගකීම ඇවන්ට්ගාර්ඩ් සහ ප්‍රසන්න රණතුංගගේ වැඩක් බව තහවුරු කරන සාක්ෂි ආදියද පෙන්වමින් කළ තහවුරු කිරීමෙන් පසුවය.

බිත්තර ප්‍රහාරයක් නිසා තමන්ගේ අසම සම නායකතුමාට බිත්තරයක් නිසා ජීවිත තර්ජනයක් ඇති බවට විශ්වාස කරන මේ නල්ලමලෙ විප්ලවවාදී ජවිපෙ තමන්ගෙ ඉතිහාසය පුරා දහස් ගනනක් ඝාතනය කරමින් ලක්ෂ ගනනක් පුරවැසියන් භිතියට පත් කරමින් බිලියන් ගනනක රාජ්‍ය දේපොළ විනාශ කරමින් කළ නරුම දේශපාලනය නිසා තවදුරටත් මේ රටේ ජනතාව මේ ජවිපෙ වැනි පක්ෂයකට අදත් නිදහසේ දේශපාලනය කරගෙන ඉන්න ඉඩ දීම ගැන කුමක් කිව යුතුද?

අද ඇල්වතුරත් නිවල බොන ජාතියේ සිල්වතුන් බව ලෝකයට පෙන්වීමට දැඩි උත්සාහයක් ගන්නා ජවිපෙ තමන්ගේම පක්ෂයේ සහෝදරවරුන් සම්බන්ධයෙන් අනුගමනය කළ ත්‍රාඩ පිළිවෙත් වුණත් රහසක් නොවේ. පක්ෂයෙ මතයක් විවේචනය කිරීමකදී ද්‍රොහීන් ලෙස හන්වඩු ගසා වුන්ගේ ජීවිත විනාශ කිරීමට කැස කැවූ ජවිපෙ නායකයන් අද තමන්ගේ නායකයාට ජීවිත තර්ජයක් ඇති බව කියමින් වැලපෙන කොට ඒවාට හිනා වෙනවාට වඩා වෙන කරන දෙයක් නැත.

මෑත ඉතිහාසයේ දී ජවිපෙන් විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම වෙන් වෙන කොට කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායම වෙන් වෙන කොට ජවිපෙ කළේ ඔවුන් ලුහුබැඳ ගොස් පහර දීමය. කුමාර් ගුණරත්නම්ගේ ජීවිතය විනාශ කිරීම සඳහා එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපතිට, අනුර කුමාර විසින්ම ඔත්තු සපයමින් ඔහු ලවා ගුණරත්නම්ව විනාශ කිරීමට ගත් උත්සාහය ගෝඨාභය රාජපක්ෂ විසින්ම පසුව හෙළි කර තිබිණි. ගුණරත්නම් ආයුධ සන්නද්ධ කැරැල්ලකට සූදානම් වෙන බවට පට්ටපල් බොරු තොරතුරු රැසක් එදා ආරක්ෂක අංශවලට ලබා දී තිබිණි. පක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි සුනිල් හඳුන්නෙත්ති පක්ෂයෙන් ඉවත්ව යෑමට තීරණය අකර තිබූ මොහොතක ඔහුව සිය ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ නිවාස අඩස්සියේ තබා ගෙන තර්ජනය කරමින් ඔහුව වලක්වා ගැනීමට ගත් උත්සාහය ගැනද ඒ කාලයේදී ප්‍රසිද්ධ වූ කරුණකි. හඳුන්නෙත්තිලා මේවා ගැන අදත් කට පරිස්සම් කරගෙන ඉන්නේ එල්ල වූ තර්ජනයේ තරම අනුව විය හැකිය. පක්ෂයේ ඇතැම් ඉහළ නායකයන් තවමත් ජවිපෙට වී සිටින්නේ ඔවුන්ගේ කැමැත්තට නොවේ. පෙර වැරදි නිසා බ්ලැක්මේල් වීමේ අනතුර නිසාය. ඒ තර්ජන හමුවේ තමන්ගේ ජීවිතය මේ ත්‍රාඩ ජවිපෙ නායකයන් කිහිප දෙනෙකුගේ පැවැත්ම වෙනුවෙන් දියකර හැරීමට ඔවුන්ට සිදුව තිබේ.

කොහොම නමුත් වත්මන් ජවිපෙ කියන්නේ කිසිසේත්ම අහිංසක පක්ෂයක් නොවේ. ඔවුන්ගේ සමාජ බලපෑම ත්‍රාඩය. විසකුරුය. බිත්තර ප්‍රහාර පමණක් නොව ඊට වැඩි දෙයක් වුව ඔවුන්ට එරෙහිව මේ ජන සමාජයෙන්ම එල්ල වීම හැකියාව ඉතා ඉහළය. සියයට 3 ක ජනතා කැමැත්තක් ඇති අතිශය සුළුතර පිරිසක් ජවිපෙ ත්‍රාඩ දේශපාලනය අනුමත කරගෙන සිටියත් රටේ සියයට 97 ක්ම ජවිපේට එරෙහිය.

සුපුරුදු පරිදි මේ දිනවල තමන්ට මහා ජන ‍රැල්ලක් ඇතැයි කියමින් සමාජ මාධ්‍ය වල ඩෙගා නටන ජවිපෙට සත්‍ය ලෙසම මහ පොළොවේ ඇති ‍රැල්ලක් නැත. ජවිපෙ සම්බන්ධයෙන් ඉතිහාසය මුළුල්ලේම තිබුණේ ව්‍යාජ ජන ‍රැල්ලකි. එය ඔවුන් විසින්ම මවන ව්‍යාජ ජන ‍රැල්ලක් වන අතරම අවසානයේ ඒ අයම එහි ගොදුරු බවට පත් වීම සිදුවෙයි. දේශපාලනයේදී මහ පොළවේ හැසිරීම කුමක්ද යන්න ගැන හෝ වැටහීමක් නැති මේ ලපයි සිපයි විප්ලවවාදීන් ටික අද ඉන්නේත් තමන් විසින්ම අටවා ගන්නා ලද ව්‍යාජ ජන ‍රැල්ලකට හසු වී බව එළඹෙන කවර මැතිවරණයකදීම හෝ යළිත් ඔප්පු වීම අනිවාර්ය තත්වයකි.

මෙහෙම ව්‍යාජ මනෝලෝක වල ජීවත් වන පක්ෂයක් විනාශ කිරීම හෝ එහි නායකත්වය විනාශ කිරීමට හෝ කවුරු හෝ දඟලනවා නම් එයද ජවිපෙ වර්ගයෙම මෝඩ වැඩකි. ජවිපෙ ඉරණම ජවිපෙ විසින්ම තීන්දු කර ගන්නා එකකි. කිසි දිනෙම බහු ජනතාවකගේ කැමැත්තක් ඊට දිනා ගත නොහැක. මන්ද බොරුවෙන්. රැවටිල්ලෙන් සහ අපරාධකාරී ලෙස මේ මහපොළවේ දේශපාලනය කළ නොහැකි බැවිනි. එයට වැඩි ආයුෂ නැත. කොටින්ම ජවිපෙ කියන්නෙ දේශපාලන පිළිලයක් බව රටේ ජනතාව තේරුම් ගෙන දැන් බොහෝ කාලයක් වෙයි. මේ පිළිලය තිබෙනකම් රටට ගොඩ යෑමක් නැති බවත් රට වැසියා නොදන්නවා නොවේ.

එහෙත් මේ පිළිලයෙන් වැඩක් ගැනීමට ඒ ඒ අවස්ථාවලදී ජනතාව යොමුවේ. ජවිපෙට කුමක් හෝ පැවැත්මක් සැකසී ඇත්තේ ඒ ඒ කාල වල ඕනෑම ආණ්ඩු කරවන කණ්ඩායමකින් හෝ එල්ල වන පීඩනයන් හමුවේ ජවිපෙ චූන් වී ඒ ජන කොටස් වෙනුවෙන් කෑ කෝ ගැසීම නිසාය. මෙයත් අපූර්ව වැඩකි. ජවිපෙ හැම තිස්සෙම හුදකලා එක ප්‍රශ්නයක් අල්ලාගෙන ඒ වෙනුවෙන් කෑ ගසයි. ප්‍රශ්නයට මුහුණ දෙන ජනතාවගෙත් අපේක්ෂාව මොකා හෝ තමන්ගේ ප්‍රශ්නය ගැන කතා කිරීමය. එහෙත් රාජ්‍ය පාලනයයේදී එහෙම වෙන වෙනම ගෙන එක එක ප්‍රශ්න විසඳා ගැනීම පහසු නොවේ. මන්ද මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධව තිබෙන නිසා එක තැනක ප්‍රශ්නයක් විස‍ඳෙන කොට තවත් තැනක් අවුල් වීම වන නිසාය. ආණ්ඩුවක් රාජ්‍ය පාලනය කරන්නේ මේ සියලු තැන් අර්බුධයකට නොයවා සියල්ල තුළනය කර ගනිමින් ප්‍රශ්න විසඳන්නටය. මෙම අවබෝධය ජනතාවට නැත. ඒ ජනතාවගේ හැටිය. එහි වරදක් නැත. ජවිපෙ මේ නොදන්නවා නොවේ.

එහෙත් ඊට විසඳුම් ජවිපෙ සතුව නැත. ඔවුන්ට එය තේරෙන්නේත් නැත. වරක් ඇමතිකම් දරමින් ආණ්ඩු කරන්න ගොස් බොරු හේතු හදාගෙන ඒ දමලා ගහලා ආවේ ඒ නිසාය. සමාජවාදය එකම උත්තරය බව මන්තරයක් මෙන් ජප කළත් ඒ සමාජවාදය යටතේවත් මේ ප්‍රශ්න වලට උත්තර නැත. බොරු සටන් පාඨ පමණක් ඉදිරිපත් කරයි. මේ නිසා ජවිපෙත් කරන්නේ ජනතාවගේ හුදකලා ප්‍රශ්නයක් එන විට එක අල්ලාගෙන කෑ ගැසීමය. එය වඩා ලෙහෙසිම ක්‍රමයයි. එක ප්‍රශ්නයක් කෙසේ හෝ විසඳුනා හෝ නොවුණා ජවිපෙ තවත් ප්‍රශ්නයක් සොයා ගනියි. මෙහෙම ප්‍රශ්න හුදකලා කර ගනිමින් ඒ සමඟ එල්ලෙන ජවිපේ ඒවාට යොමු වෙන සීමිත ජන කණ්ඩායම් දැක්කාමත් හිතන්නේ, හම්බෝ රටේම ජනතාව තමන් සමඟ සිටින බවයි..ඒ මිත්‍යාවේ ගිලෙන එක ජවිපෙ ජාතකේ පටන්ම තිබෙන ලෙඩකි. එහෙත් ප්‍රශ්නය අහවර වූ විට ජනතාවද ජවිපෙ අත්හරියි. ජනතාව ජවිපෙ නැමැති දේශපාලන පිළිලය පාවිච්චියට ගන්නේ එසේය. ඒ නිසා එය විනාශ වී යෑම ජනතාව එහෙමට අපේක්ෂාකරන්නේ නැත. හෙණ ගහද්දි එළියට විසි කරන්න පරණ යකඩ කෑල්ලක් ගෙයි තියාගන්නවා සේ ජවිපෙ පාවිච්චි වීම සිදුවෙයි. මේ නිසා ජවිපෙට යම් පැවැත්මක් ඉතිරිව තිබේ.

එසේම ජවිපෙ වැනි පක්ෂයක් සමඟ ජනතාවට තිබෙන අවබෝධය ආණ්ඩුවටත් තිබෙනවා විය යුතුය. මන්ද ජවිපෙ මේ කරමින් සිටින් දේශපාලනය ආණ්ඩුවේ පැවැත්මට වඩාත් වාසිදායක ලෙස යොදා ගත හැකි නිසාය. මේ මොහොතේ සිදුවෙමින් තිබෙන්නෙ ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව ජවිපෙ නැටවීමක් බව ද පෙනෙන්නට තිබේ. පළමු කාරණාව විපක්ෂය බේද බින්න කර කඩා විසරවීමට පාවිච්චි කළ හැකි හොඳම මෙවලම ජවිපෙ නිසාය. එය අද ජවිපෙ ඉතා හොඳින් කරගෙන යයි. බිත්තර ගහලා හෝ ජවිපෙ චූන් කර කර තබා ගැනීමේ දේශපාලනික වාසිය ආණ්ඩුවට එන්නෙ ඉදිරි මැතිවරණ වලදීය. යන්තම් කිතිකැව් විට ස්වයංවින්දනයට යොමු වෙන ජවිපෙ වැනි පක්ෂ ඕනෑම ආණ්ඩුවකට පමණක් නොව ශක්තිමත් විපක්ෂයකට ද සම්පතක් බව ජවිපෙ ඉතිහාසය තුළ ජවිපෙ එක එකාට පාවිච්චි වූ ආකාරය සොයා බැලු විට පැහැදිලිවෙයි. කොහොම නමුත් ජවිපෙට මුරුංග ගහේ උඩටම නඟින්න ඉඩ හැර ඊට උදව් කිරීම ආණ්ඩුව විසින්ම මේ මොහොතේදී සිදු කරමින් තිබෙන බව වටහා ගැනීමට ඕනෑ තරම් හේතු තිබේ. බිත්තර ගැසීම ගැන තේරුම් ගත යුත්තේ ඒ අනුවය.

the novembarist

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us