ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු Featured

Friday, 01 December 2023 10:03

ලෝක එඩ්ස් දිනය අද(01) යෙදී තිබේ.

මෙවර එහි තේමාව ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු යන්නයි.

වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටින් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බව එ්ඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න සඳහන් කළේ ය.

 

මොකක්ද මේ HIV

HIV යනු වෛරසයක් වේ. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයන යන්නය. HIV වැනි වෛරස් තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට නොහැකි, ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්, HIV ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය.

HIV මගින් AIDS සැදෙන්නේ කෙසේද ?

HIV මගින් AIDS (ඒඩ්ස්) තත්වය ඇතිවේ. HIV වෛරසය ක්‍රමයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල අසාදනය කරේ. HIV මෙම සෛල ක්‍රමයෙන් විනාශ කරන විට ශරීරය ආසාදන වලට වඩා වැඩි අවදානමක් ගනී. ප්‍රතිශක්තිකරණ ඉතා අඩු මට්ටමක ඇති පුද්ගලයෙකුට ඒඩ්ස් තත්වය ඇතිවේ. HIV අසාදනය වූ පසු ඒඩ්ස් තත්වයට පත්වන තෙක් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවීමට වසර ගණනාවක් ගත විය හැක.

ඒඩ්ස් සදහා ප්‍රතිකාර තිබේද ?

බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙන නමුත් AIDS සදහා ප්‍රතිකාරයක් නොමැත. ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි.

වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ ඇත. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම දීර්ඝ කෙරේ.මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම එචි අයි වෛරසය මරා දැමිය නොහැකිය.

වයිරසයට නිරාවරණය වීමෙන් කොපමණ කාලයකට පසු HIV සදහා රුධිර පරීක්ෂාවක් කර ගත යුතුද ?

වෛරසය ඇතුලත් වීමෙන් කලකට පසු ශරීරය තුල ප්‍රතිදේහ නිපදවේ. හදුනාගත හැකි තරම් ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් කාලයක් ගතවේ.මෙම කාලය මනුෂ්‍යයෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් වේ. මෙම ගතවන කාලය “කවුළු සමය” ලෙස හදුන්වයි. බොහෝ දෙනෙකු සති 02ත් 08ත් අතර කාලය තුලදී (දින25) හදුනාගත හැකිතරම් ප්‍රමාණයක් ප්‍රතිදේහ නිපදවයි. සමහර පුද්ගලයින්ගේ එම කාලයට වඩා කාලයක් ඒ සදහා ගත කරයි. එබැවින් මුලින් HIV පරීක්ෂණයේ ප්‍රතිඵලය රහිත වුවද මාස 03 කට පසුවද එම පරීක්ෂණය නැවත කිරීමෙන් ප්‍රතිඵල සහිත වියහැක.

HIV වැළදුණු පුද්ගලයෙකු නිරෝගී පුද්ගලයෙකු මෙන් දැකිය හැකිද ?

ඔව් ඇත්ත වශයෙන්ම. HIV වෛරසය වැළදුන මුල් කාලය පුරාවට රෝග ලක්ෂණ නොමැතිබැවින් හදුනාගත නොහැක. එසේ වුවද ඔහුට හෝ ඇයට මෙම කාලය පුරාවටද අන් අය වෙත අසාදනය කල හැක. සත්‍ය තත්වය මෙය බැවින් HIV වැළදුන පුද්ගලයකු නිරෝගිමත් පුද්ගලයකු ලෙස පෙනෙන බැවින්ද කිසිවකු තමා ලිංගිකව සම්බන්දවන පුද්ගලයා තවදුරටත් HIV වෛරසය සහිතව ජීවත්වන පුද්ගලයෙකු ලෙස නොදකී.

ලොව වටා HIV තතු

HIV/AIDS ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බලපාන ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස පවතියි. 2020 දී HIV සමග ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 37.7කි.

2020 වසරේ දී HIV ආශ්‍රිත හේතූන් නිසා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 680,000කි. මේ වන විට ලොව පුරා ජීවිත මිලියන 36.3ක් AIDS හා සම්බන්ධ රෝග තත්ත්වයන් හේතුවෙන් මියගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 2020 වර්ෂයේ දී අලුතින් HIV ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 15කට අධික ය.

 

ශ්‍රී ලංකාවේ HIV තත්ත්වය

වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටින් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බව එ්ඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න සඳහන් කර ඇත.

2021 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන් 4,142ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හෙළි කළේ ය.

එහි සංඛ්‍යා ලේඛන අනුව ඉන් 2,912 දෙනෙකු පිරිමින් වන අතර, 1,230ක් කාන්තාවන් ය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩිම HIV ආසාදිතයින් පිරිසක් වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි .

වත්මන් ආණ්ඩුව මේ සදහා දරණ උත්සාහය කෙබදුද ?

ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ඊයේ දින පවසා තිබුණා .

HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ සඳහන් කර සිටියා .

මෙම වසරේ මාර්තු මස සිට නොවැම්බර් මස දක්වා කාලයේ ද උපත් පාලන කොපු හිඟයක් තිබී ඇති අතර, පසුගිය සතියේ දී උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කර ඇත. ඒ අනුව මේ වනවිට සායනවලට පැමිණෙන පුද්ගලයින්ට මෙම උපත් පාලන කොපු නොමිලේ ලබාදීම ද සිදුකරනු ලබයි.

තවද HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බවද ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න සඳහන් කර සිටියා .

 

-සටහන පංචාලි අබේසේකර

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us