ධනය කියන්නේ නිවැරදිව හිතන මනසට!

Published in අනං මනං
Friday, 08 March 2024 13:24

ඔබ දුප්පත් පුද්ගලයකු සමඟ විවාහ වීමට කැමතිද?

ඔබේ දරුවා දුප්පත් අයකු සමඟ විවාහ වනවාට කැමතිද?

අවංකවම නෑ නේද?

කියවන්න.

"මගේ දියණියට දිළිඳු පුද්ගලයෙක් හා විවාහ වෙන්නට බැහැ" එසේ පවසන්නේ ලොව අංක එකේ ධනවතෙකු වෙන බිල් ගේට්ස්.

මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයේ පැවති මූල්‍ය ආයෝජන ගැන සම්මන්ත‍්‍රණයක දී එහි ආරාධිත කථිකයෙක් ලෙස සහභාගී වූ බිල් ගේම්ගෙන් කෙනෙක් ඇසුවේ හාස්‍යයජනක ප්‍රශ්නයක්.

ඒ තමයි, ලෝකයේ ධනවත්ම මිනිසා වෙන ඔහු, තම දියණිය දිළිඳු, සාමාන්‍ය කෙනෙක් හා විවාහවීම පිළිගන්නවා ද කියලා.

ඔහුගේ පිළිතුර සෑම කෙනෙක් තුළම විශේෂ වෙනසක් ඇතිකරන්නට හේතු වුනා.

මුලින්ම තේරුම්ගන්න ඕනේ දේ තමයි ධනය කියන්නේ ලොකු බැංකු ගිණුමක් නෙමෙයි කියන එක. ධනය කියන්නේ මූලිකවම ධනය නිපදවන්න ඇති හැකියාව.

උදාහරණයකට ලොතරැයි දිනුමක් හරි සූදුවෙන් හරි ලොකු මුදලක් දිනන කෙනෙක් ගන්න. ඔහු මිලියන 100 ක් දිනුවත් ධනවතෙක් නෙමෙයි: ඔහු මුදල් ගොඩක් ඇති දුප්පතෙක්. මේ නිසා තමයි ලොතරැයි දිනුම් හිමියන්ගෙන් 90% ක්ම ඉන් වසර පහක් ඇතුලත කඩා වැටුන ආර්ථිකයකට හිමිකම් කියන්නේ.

තව ඉන්නවා ධනවත් මිනිස්සු. හැබැයි ඔවුන්ට මුදල් නැහැ.

හොඳම උදාහරණ තමයි බහුතරයක් ව්‍යවසායකයෝ. ඔවුන් දැනටමත් ධනයට පාර හොයාගෙන ඉන්න අය. මුදල් නැතත් ඔවුන් මූල්‍යය දැනුමෙන් පොහොසත්. අන්න ඒකයි නියම ධනවත් බව කියන්නේ.

එතකොට ධනවතා සහ දිළින්ඳා එකිනෙකාගෙන් වෙනස්වෙන්නේ කොහොමද?

සරලවම ධනවතා ධනවත්වීම සඳහා මියයන්නට සූදානම් අතරේ දුප්පතා ධනවත්වීමට මිනීමරන්නට සූදානම්.

අලුත් දේවල් ඉගෙනගන්න, පුහුණුවෙන්න, නිරන්තරයෙන් තමන්ව වැඩි දියුණු කරන්න උත්සාහ කරන තරුණ කෙනෙක් දුටුවාම - විශ්වාස කරන්න, ඔබ ඒ දකින්නේ ධනවතෙක්.

රජයට බැන බැන, සියලු ධනවත්තු හොරු යැයි කියමින් වටේම ඉන්නා අයට දොස්දෙවොල් තබන තරුණ පුද්ගලයෙක් එහි අනිත් පැත්ත! ඔහු දිළින්දෙක්.

විධිමත් තොරතුරු සහ පුහුණුව තමන්ව ඉහළට නංවන බව ධනවතා හිතන අතරේ දුප්පතා හිතන්නේ ඔහුට ඉහළ යන්න නම් අනිත් අය ඔහුට ඒවා සැපයිය යුතු බවයි.

ඉතින්, මගේ දුව දිළින්දෙක් හා විවාහ වෙන එකට මම අකැමැති වෙන්නේ කිසිසේත්ම මුදල් නිසා නෙමෙයි. මම කතාකරන්නේ ධනය නිපදවන්න ඔහු තුල ඇති හැකියාව ගැනයි.

මෙහෙම කියනවාට සමාවෙන්න. ඒත් ගොඩක් අපරාධකරුවෝ දුප්පතුන්. මුදල් ඉදිරියේ ඔවුන් උමතු වෙනවා. ඒ නිසා තමයි ඔවුන් හොරකමට පෙළඹෙන්නේ. ඔවුන්ට එය පුදුම සතුටක්, ඇයි ඉතින් තමන්ගේ මහන්සියෙන් ධනය උපයන්න ඔවුන් දන්නේ නැහැ නේ!

එක දවසක්, බැංකුවක ආරක්ෂක නිළධාරියෙක්ට මුදල් පිරුණු බෑගයක් හම්බවුනා. ඔහු ඒක බැංකු කළමනාකරුට භාරදුන්නා.

ගොඩක් අය ඔහු මෝඩයෙක් කියලා හිතුවා. ඒත් ඇත්ත කතාව නම් ඔහු මුදල් අත නැති ධනවතෙක්.

ඉන් වසරකට පස්සේ ඔහුට ඒ බැංකුවේම පිළිගැනීමේ නිලධාරියෙක් හැටියට වැඩකරන්න ලැබුණා. තෙවසරකින් ඔහු පාරිභෝගික කළමනාකාර ධුරයටත්, එයිනුදු දස වසරකින් ප්‍රාදේශීය කළමනාකරුවෙක් හැටියටත් සේවානියුක්තිකයින් සිය ගණනක් තමන් යටතේ අපූරුවට කළමනාකරණය කරනවා. දන්නවා ද ඔහුගේ වාර්ෂික බෝනස් මුදලේ අගය? එය ඔහු අර භාරදුන්න මුදල් ප්‍රමාණයට වඩා විශාලයි!

ඉතින්, ධනය කියන්නේ නිවැරදිව හිතන මනසට!

Copied - newsbreak.ng & සිංහල අනුවර්තනයකි

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us