කර්මාන්තකරණයට ඇතුළත්වීම (අවුරුදු 76 මොනවද කළේ ? - 5 වන කොටස) Featured

Thursday, 05 September 2024 13:57

කර්මාන්ත සහ ධීවර කටයුතු සංවර්ධනය වෙනුවෙන් නව අමාත්‍යාශයක් පිහිටුවීම නිදහස් රජයේ පළමු ආණ්ඩුව තුළදීම සිදු වුණා.

නිදහස ලබන සමය වන විට මෙරට ප‍්‍රධානම කර්මාන්තය බවට පත්ව තිබුණේ තේ කර්මාන්තය ප්‍රමුඛව වැවිලි ආශ‍්‍රිත කර්මාන්තයන්ය. තේ කර්මාන්ත ශාලා 950 ක පමණ ක‍්‍රියාත්මක වුණා. පොල් හා රබර් ආශ‍්‍රිත නිශ්පාදන කර්මාන්ත වලට අමතරව හස්ත කර්මාන්ත ලෙස කුඩා කර්මාන්ත ආයතන දෙතුන් දහසක් තිබුණා.

ශ‍්‍රී ලංකාව කුඩා රටත් වීමත්, සම්පත් සීමාවීමත්, නිදහස ලබන සමයේදී රට කාර්මිකකරණය ගැන රජයේ ප‍්‍රතිපත්ති ශක්තිමත් නොවීමත්, පුහුණු ශ‍්‍රම බලකාය හිඟවීම, මාර්ග ප‍්‍රවාහන විදුලි ආදී යටිතල පහසුකම් දියුණු නොවීමත්, ආදිය නිසා කාර්මික අපනයන භාණ්ඩ නිශ්පාදනය ද සීමා සහිත වුණා. ඒ වගේම මේ රටේ සාම්ප‍්‍රදායික සමාජ ආකල්ප නිසා වෙනස් ක්ෂේත‍්‍රයන්ට යොමු වීමේ අඩු ප‍්‍රවණතාවයක් තිබුණා. මේ නිසා පැවැති ඇතැම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමත් අසිරු වුණේ පුහුණු ශ‍්‍රමික හිඟය නිසා. කුල සාධක නිසා ද ඇතැම් ප‍්‍රදේශවල නව කර්මාන්ත වෙනුවෙන් ශ‍්‍රමිකයන් සොයාගැනීම පවා අසීරු වී තිබුණා.1966

වැවිලි ආර්ථිකය වෙනුවෙන් ඉන්දීය කම්කරුවන් ලක්ෂ 7 ක් විතර ගෙන්වන්න බ්‍රිතාන්‍යයන්ට සිදු වන්නෙත් වතුවල කමුකරුවන් ලෙස වැඩකිරීමට මෙරට ජනතාවගේ අකමැත්ත වැනි තත්වයන් නිසා. මේ නිසා රටේ සමාජ ආකල්ප වෙනස්කර විවිධ රැකියා සඳහා යොමු කිරීම, රැකිය පුහුණුවට යොමු කිරීමට, රජයන්ට විශේෂ වෙහෙසක් ගැනීමට සිදු වුණා. ඒ වෙනුවෙන් ශ‍්‍රමිකයන් පුහුණ කිරීම අරඹුණා. වෘත්තීය පුහුණු ආයතන සහ පාසල් තුළත් වෘත්තීය පාඨමාලා ඇති කළා. මේ වැඩසටහන අඛන්ඩව මේ දක්වා සිදු වෙයි. අද රජය මඟින් ක‍්‍රියාත්මක කරන තාක්ෂණ සහ කාර්මික විද්‍යාල 39 ක් සහ ප‍්‍රාදේශිය පුහුණු මධ්‍යස්ථාන 220 ක පමණ ක‍්‍රියාත්මක කරයි. මේවන විට වාර්ෂිකව 35,000 කට ආසන්න තරුණ තරුණියන් මේවායේ පුහුණුව ලබා ආයතනගත රැකියාවන්ට, ස්වයං රැකියාවන්ට, විදේශ රැකියාවන්ට යොමු වෙයි. එසේම නව ව්‍යවසායකයන් ලෙස ගොඩනැගෙන විශාල පිරිසක්ද වෙයි.economy 1948

නිදහසෙන් පසුව රටේ ආර්ථිකය ගොඩනැංවීමේදි පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් බව තීරණය කෙරුණා. ඒත් ව්‍යවසායකත්වයන් ගොඩනඟන්න රජය අවස්ථාව දී තිබුණත් ඊට සැලකිය යුතු පෙළඹවීමක් සමාජය තුළ තිබුණේ නැහැ. පෞද්ගලික අංශයට ප‍්‍රාග්ධනය සපයා ගැනීමේ හැකියාවන් සීමා වීම නිසා රජය විවිධ ණය යෝජනා ක‍්‍රම හරහා ප‍්‍රාග්ධනය සැපයීමේ අවස්ථා විවෘත්තකර දුන්නත් ඒවායෙන් ප‍්‍රයෝජනයක් ගත්තේ ටික දෙනයි. මේ නිසා රජයටම විවිධ කර්මාන්ත රැසක් ආරම්භ කිරීමට සිදුව තිබුණා. එසේම එදා මහා පරිමාණ රජයේ කර්මාන්ත ඇරඹීමට පෙළඹී තිබුණා. මෙහිදී ආනයනය කරන භාණ්ඩ වෙනුවට එම භාණ්ඩ මෙරටදීම නිශ්පාදනය කිරීමේ නැතිනම් ‘ආනයන ආදේශන කර්මාන්ත’ ඇරඹීමට වැඩි උනන්දුවක් දක්වා තිබුණා. එයට හේතුව වුයේ වාමාංශික ජාතිකවාදී මතවාදවල බලපෑමක් ලෙස විදේශයන්ට ධනය ගලා යෑම වැලැක්වීම සහ රාජ්‍ය කේන්ද්‍රීය කර්මාන්ත ගැන අදහස මෙන්ම එවකට සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ආර්ථික ප‍්‍රවණතාවය වුයේ ආනයන ආදේශන කර්මාන්ත ඇරඹීම නිසාය.product

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල නිදහසෙන් පසුව 1950 දී ගොඩනැගූ රජයේ මහා පරිමාණ පළමු කර්මාන්ත ශාලාවය. රටේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සිමෙන්ති අවශ්‍යතාවය මෙමගින් සපුරා ගන්න හැකි වුණා. රෙදිපිළි, රසායනික ද්‍රව්‍ය, කඩදාසි, රබර් ආශ‍්‍රිත නිශ්පාදන, කඩදාසි ආදී කර්මාන්ත කිහිපයක් ද මේ මුල් අවදියේ බිහිවුණා.

නිදහස ලබන කාලයේ මේ රටේ කර්මාන්ත අංශයේ සිටියේ සේවකයන් 25,000 ක් වගේ. නමුත් නවසිය පනස් ගනන් වල අග වෙනකොට මේ ප‍්‍රමාණය 4,50,000 තරම් වර්ධනය වුණා. ඒ විවිධ කර්මාන්ත ගනනාවක් මේ මුල් දශකයක හමාරක කාලය තුළ ඇති කළ නිසා.

මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රය නඟා සිටුවීමේ පියවරයන් ලෙස, 1953 දී රජයේ කාර්මික ව්‍යාපාර පිළිබඳ කොමිසම් සභාව, 1955 දී සංස්ථා පනත, 1957 දී රාජ්‍ය කාර්මික සංස්ථා පනත, 1955 දී ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය, සංවර්ධන මුල්‍ය සංස්ථාව, 1955 ජාතික සැලසුම් සභාව, 1961 දී මහජන බැංකුව පිහිටුවමින් කුඩා කර්මාන්තකරුවන්ට ණය පහසුකම් ලබා දීම වැනි ක‍්‍රියා මාර්ග රැසක් ගෙන තිබුණා. 1968 දී ප‍්‍රමිති කාර්යාංශයත් 1969 දි කාර්මික සංවර්ධන මණ්ඩලයත් පිහිටුවීම සිදු කෙරුණා.
ප‍්‍රථම කර්මාන්ත ප‍්‍රතිපත්තිය 1954 දී ප‍්‍රකාශයට පත් කළා. විදේශ ආයෝජන පිළිබද රජයේ ප‍්‍රතිපත්තියද 1955 දී ධවල පත‍්‍රිකාවක් ලෙස එළි දක්වා තිබුණා.

ඒ සමග කර්මාන්ත සදහා පුද්ගලික අංශ සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වුණා. බදු සහන, උපකරණ සහ අමුද්‍රව්‍ය සදහා බදු සහන, කාර්මික ව්‍යාපාර ණය ක‍්‍රම, රාජ්‍ය ආයතන හරහා තාක්ෂණ සහයයන්, ආනයන පාලනයන්, වරාය ගුවන්තොටුපෙළ මහාමාර්ග ප‍්‍රවාහන විදුලි බල සංවර්ධනය ආදී යටිතල පහසුකම් ඇති කරමින් මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රය සංවර්ධනයට පියවර ගනනාවත් ගත්තා.

නව කර්මාන්ත සඳහා ඉඩම් ගැටළුව විසදමින් 1959 දී ඒකල ප‍්‍රදේශයේ මෙරට පළමු කර්මාන්ත ජනපදය ඉදිකරන්න රජය පියවර ගත්තා, 1960 දී රත්මලාන කාර්මික කලාපය පිහිටෙව්වා. 1969 පල්ලේකැළේ, 1975 අච්චුවේලි, 1978 හොරණ, මේ විදිහට කර්මාන්ත ජනපද 16 ක ප‍්‍රමාණයක් රට පුරා ආරම්භ කෙරුණා. පෞද්ගලික අංශයේ ප‍්‍රථම කර්මාන්ත ජනපදය 1992 දි මාකොළ දි පිහිටෙව්වා. ප‍්‍රථම නිදහස් වෙළඳ කලාපය 1980 දී කටුනායක ඉදිකළා.export

රජයේ මැදිහත් වීමෙන් 1958- 68 දස අවුරුදු යෝජනා ක‍්‍රමය යටතේ යකඩ හා වානේ, තුනීලෑලි, සීනි වැනි මහා පරිමාණ කර්මානත්ශාලා ගොඩනැගීම සිදු වුණා. මේ අනුව 1958 සිට 1974 දක්වා කාලය තුළ රජයේ මහා පරිමාණ කර්මාන්ත ශාලා 39 ක් ක් අලූතෙන් ආරම්බ කර තිබුණා.

1970- 77 කාලය තුළදී ආනයන ආදේශ කර්මාන්ත වලට වැඩි වශයෙන් යොමුවීම සිදුවූ අතර ගෘහස්ථ සහ සුළු පරිමාණ කර්මාන්ත කරණයේ දියුණුවක් ඇති වුණා. 1950 දී කර්මාන්ත අංශයේ දායකත්වය දළ දේශිය නිශ්පාදනයෙන් සියයට 11.7 යි. ඒක 1960 වෙද්දි 15.5 දක්වා වර්ධනය කරගත්තා.

කර්මාන්ත අංශය මෙලෙස සංවර්ධනය වෙමින් මෙරට ආර්ථිකයට සක‍්‍රීය දායකත්වයක් ලබා දෙමින් රැකියා ප‍්‍රශ්න විසඳමින් ක‍්‍රියාත්මක වුවද මේ බොහොමයක් 'ආනයන ආදේශන' වීම නිසා රටේ අපනයන නිශ්පාදන කර්මාන්තවලට අඩු අවදානයක් යොමු වීමෙන් ආර්ථිකයට සැලකිය යුතු සේවයක් සිදු වුණේ නැහැ. විශේෂයෙන්ම 1960 ගනන්වල සිට කලාපයේ සෙසු රටවල් ගෝලිය නිෂ්පාදන ජාලයට ඇතුළුව විදේශ විනිමය උපයමින් සංවර්ධනයේ ආශ්චර්යයන් විඳගැනීමට සූදානම්ව සිටියත් ඒ අවස්ථාව ලබාගැනීම ශ‍්‍රී ලංකාව ප‍්‍රමාද වුණා.

මේ සඳහා සැලකිය යුතු උත්සහයන් ගත්තේ 1977 න් පසුව සිදු කෙරුණු ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ගෙන් පසුවයි. ආනයන ආදේශනයන් වෙනුවට ලිහිල් වෙළඳ ප‍්‍රතිපත්ති ඇතිකරමින් අපනයනය ඉලක්ක කළ කාර්මික නිශ්පාදනයන්ට වැඩි නැඹුරුවක් දැක්වුවා. මේ යුගයේදී මෙරට කාර්මික අංශයේ විශාලම සංවර්ධනයට මග පෑදිණි.

මේ වන විට මෙරට දළ දේශීය නිශ්පාදනයට සියයට 29 ක පමණ දායකත්වයක් කර්මාන්ත වලින් ලැබෙනවා. කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචිව ඇති කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ආයතන ගනනම ලක්ෂ 3 කට ආසන්නයි. ඊට අමතරව තවත් කර්මාන්තායතන ලක්ෂ ගනනක් රටේ ක‍්‍රියාත්මකව තිබෙනවා. මිලියන ගනනකට රැකියා සැපයීම මෙමගින් වෙනවා.

කර්මාන්ත සංවර්ධනයට අත්‍යාවශ්‍යම පහසුකම වන විදුලි බලය උපදවා ගැනීම වෙනුවෙන්ද නිදහස ලැබු කාලයේදීම පියවරයන් ගනු ලැබුවා. 1946 වසර තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ විදුලි බල උත්පාදනය කිලෝවොට් පැය 138,000,000 යි තිබුණේ. එයින් සියයට 60කට වඩා යොදාගත්තේ තේ කර්මාන්ත ශාලා වෙනුවෙන්. තවත් කොටසක් අනෙකුත් රජයේ සහ පෞද්ගලික අංශයේ කර්මාන්ත පවත්වාගෙන යන්න තමයි වැඩි වශයෙන් යොදාගත්තේ. රටේ අති බහුතරයකට විදුලි බලය ලැබුණේ නෑ. 1960 වෙද්දි කිලෝවොට් 464,000,000 ක් වෙනකම් උපදවා ගත්තා. 1950 දී තමයි පළවෙනි ජල විදුලි බලාගාරය ඉදිකළේ ඒ ලක්ෂපාන. ඒක පටන් ගත්තේ මෙගා වොට් 25 කින්.electric

ඊට පසුව 80 දශකයේදී කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය හරහා විදුලිබල අවශ්‍යතාවය සපුරාගැනීම සිදු කළා, අමතරව ගල් අගුරු, සූර්ය බල, සුළං බල ඇතුළු විදුලි බල උත්පාදනය සදහා ක‍්‍රමවේද ගනනාවක් යොදාගැනීම සිදුකෙරනවා. මෑත වසර කිහිපය තුළ කිලෝවොට් පැය බිලියන 15 ක (15,000,000,000) පමණ විදුලි උත්පාදනයක් සිදු කර ගැනීමට වෙනවා.

අද වෙන විට සමස්ත රටටම විදුලිය ලබාදීම සිදුකර තිබෙනවා. එමෙන් දිනෙන් දින වැඩි වෙන අධි ඉල්ලුමට සරිලන පියවරයන් ද අරගෙන තිබෙනවා.

සේවා අංශයත් හරි හරියට වැඩ

1950 දී සේවා අංශයත් සක‍්‍රීය එකක්. දළ දේශීය නිශ්පාදනයට දක්වපු දායකත්වය සියයට 28.5 ක් වෙලා තියෙනවා. ඒ තත්වයන් වේගයෙන් වර්ධන කරගෙන අද ආර්ථිකයේ වැඩි බලාපොරොත්තු තබාගෙන සිටින ක්ෂේත‍්‍රය බවටත් පත්ව තිබෙනවා. අද සංචාරක, බැංකු, මුල්‍ය, වෙළදාම්, තොරතුරු තාක්ෂණ ආදි වශයෙන් විවිධ සේවාවන් වල ලක්ෂ ගනනක් මේ රැකියාවල නිරතව සිටිනවා. මේ අය දළ දේශිය නිශ්පාදනයට සියයට 63 ක විතර ඉහළම දායකත්වයක් අද ලබා දෙනවා.indestry precentage

කොහොම වුණත් මෙරට ආර්ථික සංවර්ධනයේ හොඳම උපාය මාර්ගය වූයේ මෙරට පිහිටීම යොදාගෙන ඊට ගැලපෙන සේවා නිශ්පාදන ආර්ථික ක‍්‍රමවේදයක් වෙත යෑමයි. ඒත් ඒ සදහා අත්පත් කරගත යුතු වූ වර්ධනීය තත්වයන් තිබුණා. විශේෂයෙන්ම ඊට ගැලපෙන මානව ප‍්‍රාග්ධනයක් ගොඩනගා ගැනීම සහ යටිතල පහසුකම් වර්ධනය විය යුතුව වුණා. ඒත් ඒවා සිදු වුණේ සෙමින් සහ සේවා ආර්ථිකය ගැන එතරම් අවදානයක් මුල් කාලයේ යොමු වෙලා තිබුණෙත් නැහැ.

කොහොම නමුත් අඩු පාඩු ප‍්‍රමාදයන් මධ්‍යයේ හෝ රටේ ආර්ථිකය අඛන්ඩව වර්ධනය වුණා. ඒක එහෙම නෑ කියන්න කාටවත් බැහැ.

සංවර්ධනයට යටිතල පහසුකම්

ඕනෑම රටක සංවර්ධනය යථාර්ථයක් වෙන්න නම් දියුණු යටිතල පහසුකම් තිබීම අනිවාර්ය දෙයක්. නිදහසෙන් පසුව මේ දක්වාම සෑම රජයක්ව යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දැඩි අවදානයක් යොමු කළා.

මේ නිසා අද යටිතල පහසුකම් සංවර්ධනය අතින් මේ කලාපය තුළ ඉහළින්ම සිටින රටක්.roads

මීට දශක දෙකක පෙර කාලය වන විටත් ලංකාව ආසියාවේ මහාමාර්ග ඝනත්වය ඉහළම රටවල් දෙක තුනෙක් එකක් බවට පත්වුණා. කොළඹ වරාය කලාපයේ ප‍්‍රධානතම වානිජ්‍යමය වරාය බවට පත්කර තිබෙනවා. ලෝක වර්ගීකරණයන් තුළ කාර්ය බහුලම වරායක් ලෙස 23 වන තැන තිබෙනවා.

විදුලි බලය, සංනිවේදන පහසුකම්, අන්තර්ජාලා පහසුකම්, පොදු ප‍්‍රවාහන පහසුකම් රටේ කොතැනකවත් හිඟයක් නැහැ.

තවදුරටත් ඉතිරුව තිබුණු ඉඩම් හා නිවාස ගැටළු විසඳීමටත් දැන් පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සියළු පුරවැසියන් බුක්ති විඳියි.

අද රටේ ජනගහනයෙන් සියයට 96 ට පමණ පිරිසිදු ආරක්ෂිත පානීය ජන සැපයුමක් තිබෙනවා. ගෝලීය තරගකාරිත්වය පිළිබඳ දර්ශකය අනුව යටිතල පහසුකම් සංවර්ධනය අතින් ඉහළ මට්ටමක මෙරට තිබෙනවා.

එහෙම වුණත් රටක ආර්ථික සංවර්ධනය දිනෙන් දිනම ඉදිරියට යෑමේ දී යටිතල පහසුකම් සංවර්ධනයද ඒ වේගයට වඩා වේගයෙන් වර්ධනය වීම විය යුතුයි. මේ නිසා සෑම රජයක්ම මේ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හමුවේ නතරව තිබු ව්‍යාපෘති ගනනාවක් ද දැන් ක‍්‍රියාත්මකවත් තිබෙනවා. තවදුරටත් මේ සෑම අංශයකම සංවර්ධනය විය යුතු දේවල් තිබෙනවා.

 

- සුභාෂ් ජයවර්ධන

( 'අවුරුදු 76 මොනවද කළේ? ' ඉතිරි කොටස් 10 හෙට සිට)

1කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2කොටස - වැරැද්ද කළේ කවුද ?
3කොටස - අලුත් රටක පදනම

4කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ

Last modified on Thursday, 05 September 2024 15:06

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us