ලංකාවේ රාජ්‍ය සේවයේ වර්තමානය ගැන ඔබට ආඩම්බරද? Featured

Monday, 22 December 2014 22:42

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය වසර සිය ගණනක් පැරණීය. එහි ආරම්භකයෝ ලාංකික අප නොව බි්‍රතාන්‍ය ජාතිකයන් වෙති. ඔවුන් ලංකාවේ සේවයට පැමිණි ඔවුන් සමහර විට සිංල දෙමළ ආදි භෘෂා පවා ඉගෙන ගෙන ගත් බවට වාර්තා ඇත. එසේ කළේ යටත් විජිත සමයක වුවද, තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන බව දැන සිටි හෙයිනි.

එහිදී ඔවුන් තමාට පඩි ගෙවන ආණ්ඩුවට වඩා බැ`ථවේ රටේ ජිවත්වන පුරවැසියන්ගේ සුභ සාධනයයි. එසේ ආරම්භව රාජ්‍ය සේවය නිදහස ලබා වසර විසි ගණනක් යන තෙක් විශිෂ්ඨ තත්වයක පැවතිණ. ඒ යුගයේ රාජ්‍යසේවකයන් පාලනය වුනේ සම්මන නිතිරිති චක්‍ර ලේඛ වලින් මිස දේශපාලනඥයන්ට උවමනා ආකාරය නොවේ.

එහෙත් ඒ තත්වය අද නැත. අද රාජ්‍ය සේවයේ විශිෂ්ඨ පවිත්‍ර භාවය විනාස කොට හමාරය. ඒ පාපය කරන ලද්දේ රාජ්‍ය සේවකයන් විසින් නොවේ. රාජපක්‍ෂ ආණ්ඩුව විසිනි. රාජ්‍ය සේවයට අදාල කිසිදු නීතියක් රීතියක් චක්‍ර ලේඛයක් මේ ආණ්ඩුව විසින් සැලකිල්ලට ගන්නේ නැත. ඒ නිසා අද රාජ්‍ය සේවය තම වාසිය පිණීස අනෙක් සහෝදර නිලධාරින් කපා යා හැකි තැනක් බවට පත් කර හමාරය.

රාජ්‍ය සේවකයන් වයස 60න් විශ්‍රාම ගැන්වීමේ චක්‍ර ලේඛය ඔබට මතකද? එහෙත් 60 ඉක්මවූ විශ්‍රාමිකයන් 30 දෙනෙකු ලේකම් තනතුරු දරන බව ඔබ හොඳාකාරව දනී. ඒ හරහා තවමත් රාජ්‍ය සේවයේ නියුක්ත නිලධෘරින්ගේ ලැබිය යුතු උසස්වීම් අවස්ථා අසාධාරණ ලෙස අහෝසි වී ඇති බව ප්‍රසිද්ධ කාරණයකි එපමණක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අයිතියක් වූ අමාත්‍යාංශ ලේකම් තනතුරුවල රාජපක්‍ක්‍ෂ ආණ්ඩුව කැසිනෝ මුදලාලි පත් කර ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. සසමහර පුද්ගලයන් ආමාත්‍යාංක කිහිපයක ලේකම් තනතුරු දරති. එවැනි සමහරු ශ්‍රේෂ්ඨාධීකරණය විසින් රාජ්‍ය සේවයට වැද්ද නොගන්නා ලෙස නම් කර දඬුවම් ලැබූ අය බව අමාත්‍ය විමල් විරවංශ පවා ප්‍රසිද්ධියේ කියා ඇත.

රාජපක්‍ෂ ආණ්ඩුවේ වර්තමාන අමාත්‍යාංශ 65න් 34ක ලේකම්වරු පරිපාලන සේවයේ නිලධාරින් නොවේ. පිටස්තරින් බඳවා ගත් අය වෙති. මේ තත්වය ආරම්භවි එහෙත් එකට වාඩිවි වැඩ කිරිමට හැකි සමානයන් අද නැත. මිලදී ගැනීම් ටෙන්ඩර් බහුල බොහෝ අමාත්‍යෘංශ සඳහා පත් කර ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයන්ය. ඔවුන් ලේකම් තනතුරු පාවිච්චි කරමින් විවිධ අක්‍රමිකතා වලින් ධනය උපයති. ඒ සඳඑා රාජ්‍ය සම්පත් යොදවති. දැනට ආණ්ඩුවට පාරා වලල්ලක් වී ඇති මිනිස් බල ප්‍රශ්නය එවැන්නකි. ආණ්ඩුවේ සමහර කන්තෝරුවල සේවය කරන්නේ සමාගම් වලින් කු-ලියට ලබාගත් ලිපිකරුවන් වැනි කාර්ය මණ්ඩල වෙති. ඔවුන් පරිහරනය කරන අතපත ගාන හැම ලිපි ගොනුවම රාජ්‍ය ගණුදෙනු සහ රහස් ඇතුලත් ලේඛන වෙති.

සමාගම් වලින් කුලියට සපයන ලද සේවකයන් කම්කරු නිතිය අනුව වගකියන්නේ අර මුදලාලිට මිස ආන්ඩුවට හෝ ප්‍රධානින්ට නොවේ. එහෙත් අද බොහෝ වැදගත් රාජ්‍ය ආයතන පිරි ඇත්තේ රාජ්‍ය සේවකයන් ගෙන් නොවේ. කුලි කාරයන් ගෙනි. පරිපාලන ක්‍ර්‍රම සම්පාදන ගණකාඡීකාරි හෝ ඉංජිනේරු සේවයට විදේශ සේවයට අයත් නැති මුදලාලිලා කුඩු කාරයන් ලේකම් ධුර දරන්නේද මේ කියන කුලී පදනමෙන් බව වර්තමාන ලංකාවේ රාජ්‍ය සේවයේ සාමාජිකයන් තේරුම් ගත යුතුව ඇත. අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශනයේ මිලදි ගැනීම් හා සේවා සම්බන්ධව ඇතිවූ අවිධීමත් භාවයක් සම්බන්දව සිදුවූ දේ ප්‍රසිද්ධ කාරණාවකි.

එහිදී ඊට අදාල අතිරේක ලේකම්වරිය එදිනම ඒ ස්ථානයේදිම පොලිසියට භාරදි මාස ගණනක් රිමාන්ඞ් භාරයේ පසුවිය. එහෙත් කෝප් වාර්තාවට අනුව ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ සංස්ථා සභාාපති වරයෙකු රාජ්‍ය මුදල් කෝටි ගණනක් වංචා කළ බව තහවුරු විය. දේවාලයක කපු තනතතුරක් දැරූ ඒ සභාපතිට කිසිදු දඬුවමක් නැත. තනතුරින් ඉවත්ව ගෙදර යාමට ඉඩ දී ඇත. රාජ්‍ය සේවය අද පරිපාලන මුදල් රෙගගුලාස් වලින් පාලනය නොවන තැනකි. ඒ නිසා රටට ජනතාවට සිදුවන හානිය පාඩුව විශාලය. නැවත රාජ්‍ය සේවය කීර්තිමත් විධීමත් තත්වයට පත් කිරිමට අවංක රාජ්‍ය සේවකයන් කැපවිය යුතුව ඇත. ඒ සඳහා මේ ජනාධීපති මැතිවරණය ඔබට අවස්ථාව සලසා ඇත.

වර්ෂ 2005න් පසුව ඉහළ රාජ්‍ය තනතුරු සඳහා පත් කිරිමේදී ජ්‍යෙෂ්ඨත්වය කාර්ය සාධනය ආදි කරුණු සලකා බඳවා ගෙන ඇත්තේ 63 දෙනෙකු පමණකි. විදේශ රටවල් 45ක පවත්නා දූත මණ්ඩල සංඛ්‍යාව 62කි.මෙයින් 35 දෙනෙකු විදේශ සේවයේ අය නොවේ. දෙවන තනතුරු වලින් 45ක් ඤාතීන් වෙති. රාජපක්‍ෂ යුගයේ විදේශ සේවාවේ නිලධාරන්ට සිදුවූ අසාධාරණකම් ය. බරපතල කාරණය බොහෝ වැදගත් බලගතු රටවල දූත මණ්ඩලවල ප්‍රධාන තනතුරු සියල්ල පුරවා ඇත්තේ ඤාතීන් සහ පවුලේ හිතවතුන්ය.

මේ තත්වය නිසා සාධාරණ රාජ්‍ය සේවකයාට අහිමි වුනේ සිය උසස්වීම් හා තනතුරු පමණක් නොවේ.ඔවුන්ගේ සේවයට කාලයක් තිස්සේ හිමිව පැවති විශ්‍රාම වැටුප් තීරු බදු රහිත වාහන බලපත්‍ර ආදි වරප්‍රසාද හිමිය. මේ සියල්ල පරිපාලන සේවයේ නිලධාරින් ලැබිය යුතු වරප්‍රසාද වෙති. වසර විස්සක් රාජ්‍ය සේවයේ සිටි පරිපාලන නිලධාරියෙකු ලේකම් තනතුරක් දැරීමේ හිමිකම ලබයි. එහෙත් කුඩු කාරයන් කැසිනෝ මුදලාලිලා අමාත්‍යාංශ ලේකම් වරු ලෙස පත් කිරිම තුල තරග විභාග සමත්ව විධීමත්ව සේවය කළ සුදුස්සන් නිකමුන් බවට පත්වේ. ඔබ මෙයට කැමතිද?

අදවන විට රාජ්‍ය සේවයේ හොරුන් පගා කාරයන් ඇති බවට නැගෙන අවලාදයට හේතුව නුසුදුස්සන් ඉහළ සහ පහළ තනතුරු දැරිම සහ ඔවුන් දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාව ලැබිමය. දක්‍ෂ අවංක නිලධෘරින්ගේ රාජ්‍ය සේවයේ ගෞරවය සහ සේවා තත්වය පවත්වා ගත නොහැක්කේ මේ නිසාය.

ආණ්ඩුව පිටින් පත් කළ සමහර ලේකම්වරු ලාභ උපදවන සංස්ථා සභාපති තනතුරු දරති. හෙයින් එක් අයෙකු රටේ විශාලම ව්‍යාපෘතින් අයත් බිලියන 350ට වැඩි ප්‍රතිපාදන සහිත සංස්ථා සභාපතිකම දරයි. ඔහු කවුද කියා රාජ්‍ය සේවයේ ඔබ දනිති.

මේ තත්වය නිසා ඔබගේ හිමිකම් අවස්ථා අහිමි විය. බොහෝ පලපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට අදක්‍ෂ කණිෂ්ඨ නිලධාරින් යටතේ සේවය කිරිමට සිදුවී ඇත. රාජ්‍ය සේවය ඔබට හිමි උසස්වීම් නොලබා විශ්‍රාම යන්ට සිදුවිය. රාජ්‍ය සේවයේ ගරුත්වය කිලිටි විය. ඔබගේ දරුවන්ට මේ කරුමය උරුම කර නොදෙන්න.

 

 

Last modified on Monday, 22 December 2014 23:15

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us