සී නිව්ස් බොරු පළකිරීම සම්බන්ධයෙනි

Tuesday, 23 December 2014 11:40
ඔබ විසින් මා හට යළි යළිත් අසත්‍ය කරුණු යොදා පහරදීම මෙහිදී තරයේ හෙළා දකිමි.
ඔබගේ වෙබ් අඩවිය ( ලංකා සී නිව්ස් ) විසින් දිගින් දිගටම මාහට පහරදීමේ පුරුද්දට අනුව යමින් යළිත් ඔබ විශාල මුසාවක් ප්‍රසිද්ධ කොට ඇත. ඒ ඊයේ දිනයේදීය ( දෙසැම්බර් 23, 2015 ) . නමුත් ඒ ගැන කිසිඳු පුදුමයකට හේතුවක් නැත. අදාළ පුවතට පාදක වන සියලුම කාරණා එක්කෝ ඔබේ බුද්ධි අන්ධභාවය මත ලියවුණු දෑ හෝ පෞද්ගලිකව මා සමඟ ඇතිකරගෙන සිටින එදිරිවාදී කමක් හේතුවෙන් ලියවුණු දෑය. මෙය ඔබ පත් වී ඇති තත්වය අනුව කිසිඳු පුදුමයකට කාරණයක් නොවන බව ඔබට ඔබ ගැන සිතීමෙන් පමණක් තීරණය කළ හැකිය.
 
 
මෙරට නියම විපක්ෂය ලෙස කොටි සංවිධානය කටයුතු කළේය, යනුවෙන් මා ඉදිරිපත් කළ අදහස කියනු ලැබුවේ ඔබ හෝ ඔබගේ වෙබ් අඩවිය මෙහෙවන්නේ යැයි කියන දේශපාලකයින්ට තේරුම් ගැනීමට නොවේ. මන්ද ඔබ එය අවබෝධ කරගැනීමට අසමත් වීමට වඩා ඔබ එවැනි දෑ පිළිගැනීමට අකමැති නිසාය. එය ලංකාවේ පවතින සැබෑ ආරවුල ගැන දන්නා සහ ඒ ගැන සැබෑ උනන්දුවක් ඇති අයවලුන්ට තේරන සැබෑ සත්‍යකි. මේ ගැන ඔබට තේරුම් කර දීමට යෑමෙන් මා සිදු කර ගන්නේ කාලය කා දැමීමක් පමණි.
 
 
 ඉන් පසු ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය මීට වසර ගණනාවකට පෙර ප්‍රසිද්ධ කළ අමුලික බොරුවක් ඔබ මුලාශ්‍රය ලෙස ගනිමින් ඔබේ ව්‍යාජ පුවත දිගු කොට ඇත. ඔබ ඔබේ මුලාශ්‍රය ගැන තබා ඇති විස්වාශයේ තරමින් ඔබේ ව්‍යාකූල බව තෙරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ. මේ නිසා ඒ ගැන කතා කිරීමෙන් කිසිඳු පලක් නැත.
 
  
මා හට රෝ හෝ වෙනයම් කිසිඳු ඔත්තු සේවාවක් සමඟ කිසිඳු ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය නැති බව මෙහිදී වඩාත් පැහැදිලිව කියා සිටීමට කැමැත්තෙමි. එසේම එවැනි සේවාවන් සමඟ කිසිඳු ගනුදෙනුවක් මම කිසිඳු කාලයක නොකළ බවද මෙහිදී අවධාරණය කරමි. මා කිසිවෙකුගේ රූකඩයක් නොවන බව මෙහිදී මතක් කිරීමට කැමැත්තෙමි. එසේම මා ජනමාධ්‍යවේදියෙකු ලෙස ලියන්නේ මට අවශ්‍ය දේ මිස වෙන කිසිවෙකුගේ බලපෑමකට අනුව වන ඕනෑ එපාකම් ඉටුකිරීම නොවේ. මා දකින සත්‍ය මම ලියමි. මෙහි ප්‍රතිඵලය ලෙස පසුගිය වසර කිහිපය මුළුල්ලේම මාගේ වෙබ් අඩවිය ලංකාවේ තහනම් කොට ඇත.
 
  
ඔබට මීට වෙනස් දෙයක් ඔප්පු කළ හැකිනම්, එනම් මා හට රෝ හෝ වෙනයම් ඔත්තු සේවයක ගනුදෙනුවක් තිබේනම්, ඒ ගැන ඔබ සතු සියලුම සාක්ෂි ප්‍රසිද්ධ කරන ලෙස මා අභියෝග කිරීමට කැමැත්තෙමි. සාක්ෂි යනු එකිනෙකාගේ පෞද්ගලික වෛරය පිරිමසා ගැනීම සඳහා ප්‍රසිද්ධ කරනු ලැබූ ඕපා දූප නොවන බව ඔබ මතකයේ තබා ගත යුත්තේය.
 
  
වඩාත් හාස්‍යජනක ලෙස ඔබ මා හට පහරදීම සඳහා මීළඟට යොදාගෙන ඇත්තේ, සී. අයි. ඒ. සංවිධානයේ සේවය කළේ යැයි කියන ඩැනියල් එල්ස්බර්ග්ය. ඔබ, ඒ සඳහා ඔහු සමඟ මා මෑතකදී ලබා ගත් සේයාරුවක්ද මාගේ මුහුණ පොතේ ගිණුමෙන් භාගෙන පලකොට ඇත.  ඔබ මෙහිදී පෙන්වා ඇත්තේ ඔබේ මෝඩකම මිස වෙන කිසිවක් නොවේ. ඔබ ඩැනියෙල් එල්ස්බර්ග් ගැන හීනෙන්වත් අසා නැති පුද්ගලයෙක් බව පෙනේ.
 
 
ඔබ එවැනි පුදගලයින් තමන්ගේ රටවලට මෙන්ම ලෝකය වෙනුවෙන් කළ සිදුකළ අමිල සේවාව නොදන්නේ නම් කිසිවක් නොලියා සිටීම වැදගත් බව සඳහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වෙතත් අඩුතරමින් ඔහු ගැනවත් දැනගැනීම සඳහා ඔහුගේ විකිපීඩියා පිටුවට හෝ ඇතුළු වී කියවන ලෙස ඔබට මතක් කිරීමට කැමතිය. (http://en.wikipedia.org/wiki/Daniel_Ellsberg )
 
  
මේ ආකාරයෙන් ඔබ මා හට පෞද්ගලිකව පහරදීම මඟින් ඔබ මට හෝ ඔබේ පාඨකයින්ට සිදු කරන්නේ හානියකි. එපමණක් නොව ඔබ ඔබට සිදුකරගන්නේද ලජ්ජා නැති කටයුත්තකි. නමුත් ඔබ මෙන්ම ඇතැම් පුවත් වාර්තා සඳහන් කරන අන්දමට ඔබේ වෙබ් අඩවිය පිටුපස සිටින දේශපාලනඥයින්ටද මෙවැනි දෑ සාමන්‍ය දෑ වී ඇත. ඊට හේතුව වන්නේ අසූචී අනුභව කරන්නන් අසූචි ගඳ බව නොදන්නා හෙයිණි. ඔබ ඔබේ අසූචි අනුභවය අඛණ්ඩව සිදුකරගෙන යෑම ගැන ඇත්තේ අනුකම්පාවක් මිස වෙන කිසිවක් නොවේ. එසේම, මට කණගාටුව ඇත්තේ ඌරන් ගැනය.
 
  
නිලන්ත ඉලංගමුව
 
කතෘ
 
ශ්‍රී ලංකා ගාර්ඩියන්

Leave a comment

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us