නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් නව නිපැයුම්කරුවෝ

Published in අනං මනං
Friday, 26 December 2014 14:05

අද අපි භාවිතා කරන බොහෝ නව නිර්මාණයන් බිහි කරන්න දායක උන නව නිපැයුම්කරුවන් ආරම්භයේදී අසාර්ථක වීම් පරාජය වීම් දුක් කරදර මැද තමයි තමන්ගෙ නිර්මාණය බිහිකරලා තියෙන්නෙ.

ඔවුන් තමන්ගෙ කාලය ශ්‍රමය ධනය පමණක් නෙමේ තමන්ගෙ ජීවිතය පවා ඒ වෙනුවෙන් අහිමි කරගත් අවස්ථා තියනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ පහතින් දැක්වෙන්නේ ඒ වගේ තමන්ගේම නිර්මාණ නිසා ජීවිතය පවා අහිමිකරගත් නව නිපැයුම්කරුවන් කිහිපදෙනෙකුගේ විස්තරයි.


1. Henry Smolinski
ඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා.

tech1

2. Franz Reichelt
ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කලේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටයි. ඇඳුමක් ලෙස ඇඳගෙන ඉහළ තැනක සිට පියාඹාගෙන එන්නට මේ අපූරු පැරිෂුටයට හැකියාව තියෙනවා. නමුත් අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මියගියා. 1912 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවූ මේ අනතුරේ වීඩියෝ පටයයි පහතින් දැක්වෙන්නේ.

tec6

 

3. Horace Lawson Hunley
ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී ඔහු නාවුක ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි අතින් ක්‍රියාත්මක වන ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘ ඔහුයි. නමුත් 1863 සිය සබ්මැරීනය අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු 7 දෙනෙක් වූ කාර්යමණ්ඩලය ජීවිතක්ෂයට පත්වුණා.

tec2

 

4. Marie Curie
මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කල රසායන විද්‍යාඥවරියක්. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිලිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමිවනවා. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත්වුනා.

tec7

5. Valerian Ivanovich Abakovsky
අධිවේගී රේල් කාරය (Aerowagon) නිර්මාණය කල මොහු රුසියානු ජාතික නිපැයුම්කරුවෙක්. ගුවන් යානා එංජිමක් හා තටු සහිත මේ යානය සෝවියට් නිළධාරීන් රැගෙන යාම සඳහා භාවිත කල වේගවත් මෝටර් රථයක්. කෙසේ වෙතත් එම මෝටර් රථය පුපුරා යාමෙන් ඇබකොව්ස්කි ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

tec4

Last modified on Friday, 26 December 2014 14:08

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us