ජීවිත කාලයම මුහුදේ ගෙවන 'බජාවු' ගෝත්‍රිකයන්

Published in අනං මනං
Tuesday, 31 March 2015 14:11

ලෝකයේ මිනිස්සු  කනබොන විදිය ජීවත්වෙන විදිය එකිනෙකාට වෙනස්. වෙනත් විදියකට කියනවනම් එකිනෙකට වෙනස් විවිධ සංස්කෘතීන්ගෙන් යුක්තයි. ඒ හැම එකක්ම නිර්මාණය  වෙන්නෙ ජීවත්වෙන පරිසරයට අනුව.

බෝර්නියෝ දූපත් ආශ්‍රිතව ජීවත්වෙන බජාවු ජනතාවත් එහෙම වෙනස් ජන පිරිසක්.මේ විශේෂිත ජන පිරිස කැමරාවට හසු කරගෙන තිබෙන්නේ Réhahn නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා.  

බජාවු ජනතාව  කිසිම රටකට අයත් වෙන්නෙ නෑ. ඒවගේම ජීවිතකලයම ගත කරන්නෙ මුහුදෙ.

මේ ජනතාවගෙන් බොහෝදෙනෙක් කිසිම දවසක ගොඩබිමක ජීවත් වෙලා නෑ. ගොඩබිම සමඟ සම්බන්ධතා පවත්වන්නෙ තමන්ගෙ ධිවර ආම්පන්න නිර්මාණය කරගැනීමට හා වෙළඳ කටයුතු සඳහා පමණයි.  

මේ නිසාම මේ ජනතාව බොහෝ දෙනා හඳුන්වන්නෙ මුහුදු අහිකුන්ඨකයන් එහෙම නැත්තම් sea gipsies යන නමින්.  

මේ ජනතාවගේ ජීවිකාව වෙන්නෙ මසුන් ඇල්ලීම, මුතු කැඩීම වැනි දේවල්. මේ හේතුව නිසාම ඔවුන්ගේ ජීවිතේ වැඩි කොටසක් ගතවෙන්නෙ මාළු බෝට්ටු තුලමයි.

ඉතා කුඩා අවධියේදීම බජාවු දරුවන් කිමිදීමට, පිහිනීමට සහ මාළු ඇල්ලීමට හුරුවෙනවා. මේ දරුවන්ට වැඩිවෙලාවක් මුහුදේ කිමිදී සිටින්න වගේම මුහුද යටදී පැහැදිලිව දැකීමේ හැකියාවකුත් පවතිනවා. නමුත් මේ ජනතාවගෙන් කිසිම කෙනෙකට ලිවීමේ හෝ කියවීමේ හැකියාවක් නොමැති බව පැවසෙනවා.

sea2

sea3

sea4

sea5

sea6

sea7

sea8

sea9

Last modified on Tuesday, 31 March 2015 14:13

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us