ලක්ෂපාන ඇල්ල හා කදුකර පරිසර පද්ධතිය විනාශවීමේ අවදානමක

Monday, 13 July 2015 14:36

කැළණි ගගේ අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර්පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානිය නවත්වන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ තානාපති විද්‍යාඥ පැටිරික් කිකිබ් විසින් අප වෙත ලිපියක් යොමුකර ඇති අතර අදාළ බලධාරින් වෙත එය යොමු කරන ලෙස ඉල්ලා ඇත.

දැනට විදුලි බලාගාරය ඉදිවෙන ප‍්‍රදේශයේ කාලයකට පෙර පර්යේෂණවල නියැළී සිටි විද්‍යාඥ පැටිරික් කිකිබ් පෙන්වා දෙන්නේ මෙම විදුලි බලාගාරය දැවැන්ත ලෙස කදුකර පරිසර පද්ධතිය හා ලක්ෂපාන දිය ඇල්ලවිනාශ මුඛයට ගෙන යනු ලබන බවය . මෙයට සති කිහිපයකට පෙර අප විසින් පෙන්වා දුන්නේ ලක්ෂපාන දිය ඇල්ලට මීටර් 200 ඉහළින් ඉදිකරන මෙම විදුලි බලාගාරය නිසා දිය ඇල්ලට හානි සිදු විය හැකි බවය .

එය පසක් කරමින් දිය ඇල්ලට උඩින් කරන පිපිරීමි නිසා දිය ඇල්ල දෙපස ඉවුරු හා මස්කෙළි ඔයේ ඉවුරු කඞා වැටීමට පටන් ගෙන ඇති අතර විදුලි බලාගාරයේ ඉදිකිරීම් නිසා දිය ඇල්ලේ ගල් ගැලවී වැටලීමට ආසන්නව ඇත. තවදුරටත් මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු සිදුවුවහොත් දියඇල්ලේ හැඩය පවා වෙනස් විය හැකිය.
දැනටමත් පිපිරීම් සිදු ව ඇත.

ලක්ෂපාන දිය ඇල්ලේ සිදුකරන විදුලි බලාගාරයේ ඉදිකිරීම් නිසා ප‍්‍රදේශය පුරා දැඩි පාරිසරික හායනයක් සිදුවෙමින් පවතින අතර එය ලක්ෂපාන දිය ඇල්ලේ සොදුරු දසුන් විනාශ කරන සංවර්ධන කටයුත්තක් ලෙස පෙන්වාදිය හැකිය.

වර්තමානයේ ලක්ෂපාන දිය ඇල්ලේ සියයට අසුවකට වැඩි ප‍්‍රමාණයක් ගල් පැලී එල්ලී ඇත. බලාගාරය ඉදිකිරීමේ අවශ්‍යතාවයට කරන පිපිරවීම් නිසා අස්ථාවර කොලූවියල් පස්වල ගල් කුට්ටි ඇඳ හැලීමට ඉඩ ඇතිබැවින්’’ මෙම ඉදිකිරීම් වහා නැවැත්වීමට වග කිවයුතු බලධාරීන් දැන්වත් කටයුතු කල යුතුය.

එමෙන්ම දැනට මස්කෙළි ඔය තුළ මිටර් 500 වැඩි දිග ප්‍රමාණයක් සහිතව ඉදි කෙරෙන කොන්ක‍්‍රීටී ඇල නිසා මස් කෙළිය ඔයේ මිරිදිය මත්ස්‍යන්ගේ බොවන ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ සප්ත්‍යකන්‍යා කදු පංතියේ ජෛව විවිධත්වයට බරපතල හානියක් බවට පත්වී ඇත.

මස්කෙළි ඔය හරහා දැනට ඉදිකෙරෙමින් පවතින අමුනින් ජලය අළුතින් ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් ඇලමාර්ගයට හැරවීමට අවශ්‍ය සියලුම දේ මේවනවිට ඉදිකර අවසන් අතර මේ නිසා ගඟ වියලිම හා වෙනස්විමක් සිදුවේ. මේ නිසාවෙන් ජලය ආශී‍්‍රතව ජීවත් වන සතුන්ට දැඩි බලපැමක් සිදුවන අතර හා ඇතැම් ජීවී විශේෂ වදවි යාමටද හැකිය. ජලය ගල් කටාරම් හා පොකුණු මත රැස්විමෙන් හා ජලය ගලාගෙන යන වේගය අඩුවිම තුළින් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහල ගොස් ඔවුන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවිම මෙයට හේතු වී ඇත.

ජලය ආශි‍්‍රත ජීවත් වන දිය බල්ලා, ඒක දේශික මත්ස්‍ය විශේෂ වන ගල් පාඩියා , දණ්ඩියා, මඩ කණයා, පුවක් බඩිල්ලා, ප‍්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාමේ අවදානමක් මේ නිසා හටගෙන ඇත.

Last modified on Monday, 13 July 2015 14:40

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us