පිටින් ඇවිත් පදිංචි වෙනවාට සල්ලි ගෙවන ගමක් Featured

Thursday, 11 May 2017 23:09

ගමක් ජන ශුන්‍ය වීම වලක්වා ගැනීම සඳහා පිටස්තර ප්‍රදේශ වල පුද්ගලයන් ගමේ පදිංචිවීමට පෙළඹවීම අරමුණු කොට ගෙන මුදලක් ගෙවීමට තීරණය කළ නගරධිපතිවරයකු ගැන ඉතාලියෙන් වාර්තාවේ.

මෙම ගම්මානය ඉතාලියේ උතුරු දිසාවේ සවොනා (savona)පළාතේ පිහිටි "බොර්මිදා "(bormida) නමින් හඳුන්වන අතිශය සුන්දර ප්‍රදේශයකි. වර්ෂ 1861 දී මෙම ගම්මානයේ පවුල් 1029 වාසය කර ඇති අතර රැකියා හිඟකම නිසාවෙන් ක්‍රමක්‍රමයෙන් ජනශුන්‍ය තත්වයකට 2014 වර්ෂය වනවිට පත්ව ඇත.

2014 වර්ෂයේ දී පත්වු නගරාධිපති වරයා වන දැනිඒලේ ගල්ලිආනෝ (daniele galliano)විසින් මෙම ගම්මානය යළි නඟාසිටුවිමට මහත් වෙසක් දරමින් සිටි.

වර්ග කිලෝමීටර් 17.3 ක ඝනත්වයක් හා මතුපිටින් වර්ග කිලෝමීටර් 22.43 ක් වන මෙම ගම්මානයේ දැන්ට පවුල් 387ක් ජිවත්වන බව වාර්තාවේ. එහෙත් තවමත් මෙම ගම්මානයේ ජනතාව දිගින් දිගටම බොර්මිදා ගම්මානය අතහැර වෙනත් නගරවල පදිංචිය සදහා යමින් තිබේ.

මේ හේතුව නිසා නගරාධිපති දැනිඒලේ ගල්ලිආනෝ (daniele galliano) මහතා විසින් එම නගරයට පදිංචි සදහා එන පවුල් සදහා දිමනාවක් වශයෙන් යුරෝ 2000ක් ($2100)ක දීමනාවක් දිමට කටයුතු කර ඇත. මෙම දීමනාව එම ගම්මානයට පදිංචියට යන මුල් දවසේ ලැබෙන අතර ඉන් පසුව ජිවත් වීම සදහා තම තමන් විසින් ආදායම් මාර්ගයක් සකසාගත් යුතු වේ. එම වගකීම නගරාධිපතිවරයා හට බාර ගැනිමට නොහැකී බව ඔහු විසින් සදහන්කර ඇත. සහනයක් වශයෙන් අයදුම් කළ කණ්ඩායම් අතුරෙන් පවුල් තුනකට මාසිකව යුරෝ 50 ක ගෙවීමක් පමණක් සිදු කළ හැකි බවද හෙතෙම පවසා සිටී.

ඔහුගේ මෙම කැපවීම ගම්මානය ජනශුන්‍ය ගම්මානයක් ලෙස නම් කිරිම වලක්වා ගැනිම බවද නගරාධිපතිවරයා කියා සිටි.


- ලක්දේශ් විජේසිංහ

ඉතාලියේ සිට

bormida Castello monastero bormida Castello monastero bormida 3

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us