සයිටම් අප වෙනස් කරයිද ? Featured

Sunday, 14 May 2017 10:00

මගේ මතය ගණිකා වෘතිය නීති ගත කළ යුතු බවය, එහෙත් එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නීතිගත කරන්න ගියහොත් මම ඊට සහාය නොදෙන්නෙමි ! හේතුව, ගණිකා වෘතිය තුල එම ලිංගික සේවකයාත් පාරිභෝගිකයාත් දෙදෙනාම සූරා කා සම්පූර්ණ වාසිය ලබා ගන්නේ වෙළෙන්දාය. මුඩුක්කු වෙනුවට ලස්සන ගෙවල් නම් හදන්නට ඉඩ ඇත. එහෙත් ගණිකා ව්‍යාපෘතිය ද, අන් සියල්ල මෙන්, දේශපාලකයින්ද සම්බන්ධ කර ගත් ජාවාරමක් බවට පත්වීම වැලැක්විය නොහැකි අතර දිලිඳු පාසල් යන දැරියන් පවා, උප්පැන්න සහතික පවා වෙනස් කර කිසිඳු ප්‍රමිතියක් නැති ගණිකා වෘතියට ඇද දමනු ඇත. සයිටම් සම්බන්ධයෙන්ද මගේ මතය බොහෝ දුරට ඊට සමානය.

මේ වෙනකොට, අධ්‍යාපන, නීති හා වෛද්‍ය ආයතන ඇතුළු රජයේ සියළුම ආයතන, දේවාලාදිය ඇතුලු සියළුම පූජස්ථාන ද දූෂිත ආයතන වන අතර ඒවා මුලුමනින්ම ජාවාරම්ය. ඒවා කිසිවක් එහි සේවය ලබා ගන්නා පාරිභෝගිකයා කේන්ද්‍රිතව ක්‍රියාත්මක වෙන ඒවා නොවේය. ඒවා සියල්ලම වහල්-වැඩවසම් චින්තනයේ සිට නූගත්කම දක්වා සියළු අගතීන් යොදා ගනිමින්, කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා පාරිභෝගිකයා අන්දවා ගසා කන විවිධාකාරයේ අවභාවිත ව්‍යාපෘතීන්ය. මේ වනකොට දූෂණය පවතින්නේ විශාල ජාලයන් ලෙසට, එකිනෙකාගේ සහයෝගය සහිතව, ඊටම ආවේනික 'සදාචාරයක්' ද සමඟය. ඔබට මුදල් දී රජයේ ඕනෑම ආයතනයකින් (හෝ පූජස්ථානයකින් පවා) කර ගැනීමට බැරි කිසිම දෙයක් ශ්‍රී ලංකා දූපතේ මේ වෙනකොට ඉතිරි වී නැත! ඒ අර්ථයෙන් දැන් රජය හා පුද්ගලික අංශය අතර ඇත්තේ 'හොර ගෑණියි' 'නිල ගෑණියි' අතර වෙනස පමණි! මේ වෙනකොටත් සයිටම් හා රජය පාර්ෂවය යන දෙකම මේ ගැටලුව හරහා පමණක් ජනතාව නොමඟ යැවූ අවස්ථා එමටය. එයින්ම පෙන්වන්නේ මෙය පාරිභෝගිකයා කේන්ද්‍රීය අර්බුදයක් නොවන බවය.

රාජ්‍ය අධ්‍යාපනය තුලම විභාග වංචා, ප්‍රශ්ණපත්‍ර අක්‍රමිකතා ආදිය දැන් ඇහැටම දකිය හැකිය. රජයේ වෛද්‍ය ක්ෂේත්‍රය තුල ද වැරදි බෙහෙත් හා බාල බෙහෙත් ලබාදීම් ද ලෙඩුන්ව ආභාධිතයින්ගේ සිට මරණය දක්වා පත් කළ සිදුවීම් ද සුලබය. ඕනෑම ක්ෂේත්‍රයක මේ සියළු වැරදි වාර්තා වන්නේ ඇති හැකි කෙනෙකුට කෙලවුනොත් පමණි. අති බහුතරයක් සිදුවීම් යට කර වසා දමනු ලබයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුල ලකුණු කීපයක් නොව ලකුණු රැසක් මදිවී අසමත් වන ශිෂ්‍යයාත් සමත්වන ශිෂය්‍යාත් අතර දැණුමේ, බුද්ධියේ හෝ විනයේ වෙනසක් නැත. අවසානයේ 'ඉහලට ඉගෙනගත් එකෙකු' හා 'අටපාස් එකෙකු' අතර තාක්ෂණික දැණුම විනා හරයන් හා ජීවන අවබෝධය ආදියේද වෙනසක් අධ්‍යාපනය හරහා පෙන්වන් නැත. එබැවින් ලකුණු කීපයක වෙනසකින් එකෙක් කොයි පාරින් ගියද ඔය කියන ලෙස ගුණාත්මකත්වයකට එය බලපාන් නැත. එසේ වීමට නම් අතිශය දියුණු- තියුණු අධ්‍යාපන යන්ත්‍රයක් තුලින් ඔවුන් පැමිණිය යුතුය.

අධ්‍යපනය සෞඛ්‍යය ආදිය මුදලට විකිණීමට එරෙහි ධනවාදී විරෝධී මූලධර්මවාදී තර්කය එකකි. එහෙත් ධනවාදය තුලම සමහර රටවල් අත්පත් කරගෙන අති ගුණාත්මකත්වයට අපට යාමට නොහැකි වීම තව එකකි. අප ඉන්නේ ධනාවාදයේ ගුණාත්මකත්වය කතා කිරීමට නොහැකි තරම් අන්ත පහල තලයකය. කොටින්ම පුද්ගලික අධ්‍යාපන හා වෛද්‍ය අංශයේ යහපත් සේවය ලබා ගැනීමට තරම් ශ්‍රී ලංකාවට නීරෝගී පරිසරයක් නැත ! සයිටම් ද එකතුවන්නේ අර මහා විනාශයටම වන අතර පවතින ආකාරයටම, වැඩි විනාශය සාමාන්‍ය මිනිසාට හා ලාබ වාසි ඇති හැකි එකාට ද බෙදී යාමේ 'මහා ක්‍රමය' සයිටම්ට පමණක් වෙනස් කළ නොහැකිය. ඒ සියල්ල, කාන්තාවන්ට රැකියා දීමටත් පාරිභෝගිකයාට හොඳ ලිංගික සේවයක් දීමටත් කියා මේ විනාශය තුල ගණිකා වෘතිය නීතිගත කිරීමට සමානය. ඉඳ හිට එකෙකුට අවස්ථාවන් ලැබී 'සාර්ථකවීමේ' කතා කීපයක් තත්වයේ සංකීර්ණත්වය වටාහා ගැනීමට ප්‍රමාණවත් නැත. ගැඹුරු අර්තයේදී සයිටම් ඔය කියන තරම් පවතිනවාට වඩා නරක වෙනසක්ද නැති යහපතක්ද ඇති කරන්නේ නැත. සිදුවන්නේ තියන තත්වයටම තවත් අංගයක් එකතුවී පවතින තත්වයම විශාල වීම පමණි. එයද ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඇති සමහර දේවල් හා පුද්ගලයින් මෙන් පෙනුමෙන් පමණක් පොෂ් විය හැකිය.

අප මේ කතාතරමින් ඉන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලට අනාදිමත් කාලයක සිට දියුණුවී ගොඩ එන්නට අමාරු සමස්ත ක්‍රමයම බොරුවක්, වංචාවක් හා ජාවාරමක් බවට පත්වී එසේ නොවන ලෙස පෙනෙන මායාවක් දක්වා මනෝමය වශයෙන් මිනිසුන්ව නිර්මාණය කිරීම දක්වා උඩුගොස් ඇති සංකීර්ණ තත්වයයි. අප ඒ මායාවට හසු වීමට ප්‍රධාන හේතුවක් නම් වඩා දියුණු රටවල් ගැන අපට ඇති ආශාව හා ඊෂ්‍යාවයි. අපටත් උසාවි, පාර්ලිමේන්තු, පාසල්, ප්‍රජාතන්ත්‍රවාදය අදිය ඇති බවත් ඒවායේ අඩුපාඩු ඇත්නම් පාර්ලිමේන්තුවේ මේ ඉන්නා ඉත්තන් ටිකම වෙනස්කර හදාගන්නට හැකි බවත් අපි සිතන්නට ආසා මායාවකි. එය ළමා චින්තනයකි. එහෙත් යථාර්තයනම්, එවා පවතින්නේ අපි හිතනවාට වඩා මුලුමනින්ම විනාශ වී ගොස් ඇති මුලු ක්‍රමය උඩු යටිකුරු කර සංශෝදනය කළ යුතු තරම් අතිශය භිහිසුණු, බරපතල් තත්වයකය. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වලට නිතරම ආදර්ශ ලබා ගන්නේ බටහිරෙන්, බටහිර ෆැන්ටසිය කරගෙන වුවද ඒවා ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ සංකීර්ණ සන්දර්භය ගැඹුර අධ්‍යයනයකට ලක් නොවීම බොහෝ සංවර්ධන ව්‍යාපෘති අසාර්තක වීමට ප්‍රධාන හේතුවකි.

- ධනංජය කරුණාරත්න

FB පි‍ටුවෙන් උපුටා ගන්නා ලදී

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us