සමස්ථ ජනතාවක් ලෙස කල්පනාකර සිරා මරා කුමන්ත්‍රණය පරාජය කළ යුතුය

Friday, 23 November 2018 14:43

සිරිසේනගේ සහ මහින්දගේ දේශපාලන සදාචාරය දැන් පැහැදිලිය. ආණ්ඩුවක් කරගෙන යන තබා පාර්ලිමේන්තුව තුල හැසිරීමද ඔවුන් නොදන්නා බව පැහැදිලිය. වත්මන් පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂට ආණ්ඩුවක් පවත්වාගෙන යැමේ හැකියාවක් නැති බව දැන් තුන් හතර ගමනක්ම ඔප්පු කිරීමට අනෙකුත් පක්ෂ වලට හැකි විය.

රට පැහැදිලිවම දැවැන්ත ආර්ථික අර්බුධයක් කරා මේවන විට තල්ලු කර හමාරය. ලබන වසරේ රාජ්‍ය සේවක පඩි නඩි විශ්‍රාම වැ‍ටුප්, සමෘර්ධි දීමනා, ආදි කිසිදු ගෙවීමක් කිරීමේ හැකියාවක් මහින්දගෙ හොර ආණ්ඩුවට තබා ජනාධිපතිවරයාගේ විධායක බලතල පාවිච්චිකර හෝ කිරීමේ හැකියාවක් නැත.

මේවන විට සියලු කෙරෙමින් පැවැති සංවර්ධන කටයුතු නවත ඇත. ආරම්බ කිරීමට නියමිතව තිබු සියළු ව්‍යාපෘති නවතා ඇත. රෝහල් වල ඖෂධ නැත. ඒවා ගෙන්වීමට මුදල් නැත. ඩොලරයේ අගය 180 දක්වා ඉහළ ගොස් තිබේ. ලබන වසරේ ගෙවීමට නියමිතව තිබු ණය ගෙවා ගැනීමේ හැකියාව අර්බුධයකට ගොස් තිබේ . මේ ණය ගෙවීම සඳහ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කරුවන්ගේ ධනය රුපියල් මිලියන 180,000 වැය කිරීමට තීරණය කර තිබේ. එය දැවන්ත ආර්ථික අර්බුධයක් පමණක් නොව සමාජීය අර්බුධයක් කරා දිව යන්නකි.

ජාත්‍යන්තර වශයෙන් රටට බරපතල අවාසිදායක තත්වයන් ගොඩ නැගෙමින් තිබේ. රටට ලැබීමට නියමිත්ව තිබු ණය ආධාර සහ සංවර්ධන ව්‍යාපෘති බොහොයක් මේවන විට තාවකාලිකව නතර කර තිබේ. එමෙන්ම GSP+ සහනය පවා නොලැබී යැමේ අනතුර පළ වෙමින් තිබේ. ණය ගෙවීමේ අවධානම සහගත බව ජාත්‍යන්තර ශ්‍රෙණිගත කිරීම් වල තව දුරටත් පහළ වැටෙමින් තිබේ. මේ තත්වය මත රටට ජාත්‍යන්තර සහනයක් ආධාරයක් හෝ නොලැබී යනු ඇත. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම කඩා වැටී ඇත. සෘජුව සිදුවන මේ බලපෑම් නිසා වක්‍රාකාරව සිදුවන බලපෑම මීට වඩා වැඩි ගුණයකින් රටට බලපානු ඇත. මේ වන විටත් ව්‍යාපාරක ක්ෂේත්‍රයේ කඩා වැටීම් විර්ථා වෙයි.

මේ තත්වය සිරිසේන මහින්ද නොදන්නවා නොවේ. එහෙත් බලයට ඇති කෑදරකම සියල්ලට වඩා ඔවුන්ට වැදගත්ය.

කෝටි දෙක්කට වඩා වැඩි ජනගහණය පමණක් නොව ඉපදෙන්න සිටින දුවා දරුවාගේ ජීවිත පවා මේ බල පෙරේතකම විසින් ගොදුරු කර ගැනිමට මේ තක්කඩි දෙපළ සහ වුන්ගේ සහචර බත් බැලයන් කටයුතු කරමින් තිබේ.

මේ තත්වයන් පක්ෂ බේදකින් කණ්ඩායම් කල්ලි බේදයකින් තොරව තෙරුම් ගතයුත්තකි. අප විරුද්ධ විය යුත්තේ මේ දේශපාලන මතවාද වෙනස් කම් වලට නොවේ. එය වෙනම ප්‍රජාතන්ත්‍රවාදිව සංවාදයෙන් විසංවාදයෙන් බේරා ගත හැක. එහෙත් සිරිසේන සහ මහින්ද මේ කරමින් සිටින විනාශය දේශපාලනික මෙහෙයුමක් නොවේ. මෙය තනිකරම ජඩ කුමන්ත්‍රණයකි. ඉන් රටට ලැබෙන ජයග්‍රහණයක් නැත. මෙය පරාජය කිරීම කිසිම පාර්ශ්විකභාවයකින් තොරව සිදු කළ යුතුව තිබේ. මන්ද මේ විනාශ කරන්නේ අපි කාගෙත් සුන්දර රටය. හැම පුරවැසියාගේම නිදහස. ජීවත් වීමේ අයිතිය, පමණක් නොව හෙට උපදින දරුවාගේත් යහපත් අනාගතය විනාශකරමින් තිබේ.

ඒ නිසා මේ තත්වයන් මුළුමනින්ම පරාජයට පත් කිරීම කල් නොබලා විය යුතුව තිබේ.

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us